
ඔසු තුරු
Herbal Info:

ශ්‍රී ලංකාවේ ඔසුපැල සහ එළවලු දශක ගණනාවක් මුලුල්ලේ පැරැන්නන් විසින් රෝග නිවාරණය සදහා යොදාගෙන ඇත. මෙයින් සමහර පැල වර්ග ශ්‍රී ලංකාවටම අවේණිකවීම විශේෂයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙම ඔසු පැළ ඛෙහෙවින්ම යොදාගැනේ. වසර තුන්දහසකට එපිට අතීතයකට හිමිකම් කියන ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදයන් ශරීර සෞඛ්‍යයට මෙන්ම රෝගාබාධ වලින් තොර දිවියට අත්වැලකි.
මෙම ඔසු පැළ ජෛව විවිධත්වය පවත්වාගෙන යාමට මහත් රුකුලක්වී ඇත. කෙසේ වෙතත් මෙම සමහර ශාඛ වර්ග වදවී යාමේ තර්ජනයට ලක්ව ඇත. මෙය සැමගේ අවධානයට ලක්විය යුතු කරුණකි.
නිරෝගීමත් දිවි පෙවෙතකට සමබර ආහාර වේලක් වැදගත්වන අතර විවිධ එළවලු සහ පළතුරු වර්ග පිළිබදව දැනුවත්වීම ඒ සදහා පිටිවහලක් වනු ඇත. ගෙවත්තේ ඉතා පහසුවෙන් වගාකල හැකි සමහර එළවලු වර්ග වස විසෙන් තොර වන අතරම ඔබේ ආර්ථිකයටද යම් රුකුලක් වනු ඇත.
ඔසුතුරු නිරෝගිමත් දිවියකට නිරන්තරයෙන්ම අත්වැලක් වනු ඇත.