
දෙළුම්
කහට රසින් යුතුවන දෙළුම් ඉතා මිහිරි පළතුරක් මෙන්ම ඖෂධ ලෙස ශාකයේ පංචාංගයම යොදා ගැනේ.
ආයුර්වේදයේදී නාසයෙන් ලේ ගලන අවස්ථා වලදී නස්න කිරීම සඳහා දෙළුම් මල් යොදාගනී.
රක්ත අර්ශස් වලදී පොතු හා දෙළුම් ලෙලි යොදා ගැනීමක් සිදුකරයි.
ඔබට කෑම අරුචිය ඇති නම් එය ඉතා කදිම ඔසුවක් ලෙස පෙන්වා දිය හැකිය. දෙළුම් ආහාරයට ගැනීමෙන් බඩගිනි ඇති වීමක් ද වනු ඇත.
ඒ වගේම කොළ යුෂ ඇතැම් කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වන අවස්ථාවලදී තවත් ඖෂධ සමග මිශ්‍ර කර ගානු ලැබේ.
මුත්‍රා වලට ගුණ දෙන දෙළුම් කොළ ඔබගේ දෑස් වලට ද මාහැඟි බෙහෙතකි. උෂ්ණකාල වලදී දෑස් වල හට ගන්නා රෝගකාරක වලට
විෂබීජ නසන විෂබීජ නාශකයක් ලෙස ඇස් සෝදන්නට යොදාගනී. මෙයින් ඇස් වලට ප්‍රාණවත් බවක් ද ලැබේ.
එලෙසම ඇතැම් උෂ්ණාධික සිරුරු හිමි අයට නිතරම වාගේ ඇති වන මුඛ ආසාදන, තුවාල, පැලීම් ආදියට ද දෙළුම් කොළ තම්බා මුඛය
සේදීම ඉතාමත් ගුණදායකය.
දෙළුම් පොතු කුඩා දරුවන්ට වැළදෙන පණු රෝග වලට යොදා ගනී.
ලා දෙළුම් ගැට, අතීසාර රෝගයට සුවයක් ලබා දෙයි. උදරාබාධ ඇති විටත්, සිරුර ඉදිමුණු අවස්ථා වලටත් යොදා ගන්නා මනරම් ශාකයක් හැටියට පෙන්වාදීමට පූළුවනි.
දෙළුම් කොතරම් රෝගවලට ගුණ මුත් විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ, ඔබ දෙළුම් ආහාරයට ගන්නේ නම් එය හදවත ශක්තිමත්
කිරීමේ හැකියාව තිබෙන හදවතට ලැදි පලතුරක් වශයෙනි.
සෙම වියළී තිබෙන රෝගීන්ට දෙළුම් ඇට හා තවත් ඖෂධ වර්ග මිශ්‍ර කර මී පැණි සමග කෂාය පානය කිරීමට දීමෙන් සුවයක් ලබාගත හැකිවනු ඇත. දෙළුම් වලට සම පැහැපත් කිරීමේ හැකියාව ඇත.