top of page

සිරි ලක්බිමේ වැඩෙන සරු තේ දල්ලේ නැවුම් ප්‍රනීත රසය, සිය මානව හිතවාදී ගුණය සමග මුසු කර, මුළු ලොවටම බෙදා දීම පිණිස, නිර්මාතෘ මෙරිල් J ප්‍රනාන්දු මහතා ස්ථාපනය කළ MJF සමූහ ව්‍යාපාරය,
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයකි.

 

MJF සමූහ ව්‍යාපාරය ට අයත් MJF මාධ්‍ය ජාලයේ නව සාමාජිකයා, ගී රේඩියෝ-සිංහල භාෂා මාධ්‍ය ගුවන්විදිලි සේවාව යි. මෙම සේවාව වෙබ් විකාශයක් ලෙසින් ඔබට සවන් දිය හැකිය.

 

සවිමත් පදනමක් මත නැඟි "Dilmah" නාමය සමඟ සබැඳි MJF මාධ්‍ය ජාලයේ "Everlasting Radio" ඉංග්‍රීසි භාෂා මාධ්‍ය ගුවන්විදිලි සේවාව දැන් ක්‍රියාත්මක වේ.

 

උසස් රස වින්දනයක් ලබා දෙන අතර ම, MJF මාධ්‍ය ජාලයේ අපි, අපේ රසික-රසිකාවන්, අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය, විද්‍යාව, තාක්‍ෂණය, පරිසරය, සූප ශාස්ත්‍රය, ධනාත්මක චින්තනය, සාමය හා සංහිඳියාව සහ මානව සංවර්ධනය ආදී විවිධ ක්‍ෂේත්‍ර පිළිබඳ විවිධ ආකෘති අනුව දැනුම්වත් හා ප්‍රබෝධවත් කරන්නෙමු.

 

පක්‍ෂග්‍රාහී නො වීම සහ විවේචන නො කිරීම, MJF මාධ්‍ය ජාලයේ පිළිවෙත වන අතර අප දෙමළ භාෂා මාධ්‍ය ගුවන්විදිලි සේවාව ද අනාගතයේ දී ඔබ වෙත සමීප වනු ඇත.

 

ගී රේඩියෝවෙන් ඔබ ට, 60, 70, 80, 90 දසක වල රස පිරි සුගීත රස මිහිර විඳිය හැකි ය.

ඔබේ පහසුව පිණිස අපේ විශේෂාංග පෙළ පිරික්සන්න, අපේ වෙබ් අඩවිය ට පිවිසෙන්න.

www.everlastinggeeradio.lk

 

ස්තූතියි!.

               

 

 

අපගේ දැක්ම -

 

වින්දනය, ප්‍රබෝධය සහ විශ්වීය දැනුම රැගෙන ඔබ වෙත සමිප වන අපි - ගී  රේඩියෝ ගී ලොවේ දසක සතරක මතක අවදිකරමින්, වියැකී යන සු ගීත රසයේ නො නිම් ආස්වාදය ඔබේ දිවිය ට අපි ලංකරන්නෙමු.

සරු සිතිවිල්ලෙන් මනස පුබුදුවා, විශ්වීය දැනුමෙන් සවිමත් කර, මානව දයාවෙන් සපිරි රසවතුන් රැස් කිරීමට අපි වෑයම් කරන්නෙමු.

 

 

 

 

                    

ඔබේ සවනට පමණක් නොවේ!

 

අප ගැන බිඳක්

About Us

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page