top of page

කජු ලෙලි ගැසීමේ යන්ත්‍රය

The Cashew shell stove and the dehydration unit

ගෘහ කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යාමට මෙම කජු ලෙලි ගැසීමේ යන්ත්‍රය මහඟු පිටිවහලක් වනු ඇත.

 

Efficient cashew and fruits/vegetable drier - that uses the energy generated by burning cashew shells.

ආරක්ෂිත යතුරු පැදි රඳවනය

Safety motor cycle stand

යතුරු පැඩි ධාවකයාගේ ආරක්ෂාවට පිටිවහලක් වන අයුරින් මෙය නිපදවා ඇත.

 

This invention on Safe Motor Cycle Side Stand has been selected as the first place under the Category of Transport and won the Presidential Awards.

ජීවිතාරක්ෂක කබා

Improved life saving Jacket
ඉතා පහසුවෙන් පැළඳිය හැකි මෙම ජීවිතාරක්ෂක කබා හදිසි අනතුරු වලින් වැළකීමට උපකාරී වනු ඇත.

 

කිරි කපන පිහිය

Technically improved rubber tapping knife

රබර් ගසට හානියක් නොවන අයුරින් උපරිම කිරි ප්‍රමාණයක් ලබා ගත හැකිවන පරිදි මෙම පිහිය නිපදවා ඇත.

 

Improved rubber tapping knife ensure optimum shaving of the bark during rubber tapping without damaging the cambium.

රබර් කළාලය

Power mats based on natural rubber

ස්වාභාවික වල් පැළෑටි නාශකයක් වශයෙන් මෙම රබර් කළාල භාවිතා කළ හැක.

 

This novel mat is mainly used as a weed control device. The other applications are sheeting for hospital beds,floor mats, part replacement for virgin rubber in dry rubber based product manufacture.

Pneumatic Self Retaining Surgical Retractor System

ශල්‍යකර්ම වලදී රෝගියාට අවම අපහසුවක් දැනෙන පරිදි මෙය නිර්මාණය කර ඇත.

 

During the surgical procedure, as the anesthetic effect fades away with time, the muscle tone of the tissues will increase gradually there by exerting agradually increasing forceon the air column. The compression of the air due to the increased tissue action gives a movement to the retractor bars. This movement provides avaluable indication to the surgical team to enhance the anesthetic dose.

අතීතයේ පටන් අපේ මුතුන්මිත්තන් ආරම්භ කළ නව නිපැයුම් වත්මන් පරපුර මගින් ද ඉදිරියටම පවත්වා ගෙන යාම සතුටට කරුණකි. නව නිපැයුම් විශේෂාංගය දිරිය දූ පුතුන් සඳහාම වෙන් වූවකි.

ගෑස් ලිපට විකල්පයක්- EZ ටර්බෝ උදුන

නිරන්තරයෙන්ම ඉහළ යන ගෑස් මිල දෛනික ජීවිතයට දැඩි බලපෑමක් සිදු කරනු ලබයි. ග්‍රාමීය ජනතාව කෑම පිසීම සඳහා දර භාවිතය ද පාරිසරික ගැටළු ඇති කරයි. මීට අමතර දර උදුන් භාවිතය නිසා වෙනත් රෝගාබාධයන්ට ද ගොදුරු විය හැක. 

 

මෙයට පිළීයමක් වශයෙන් රියාද් ඉස්මයිල් මහතා විසින් EZ ටර්බෝ උදුනා නිෂ්පාදනය කර ඇත. ගල් අඟුරු, පොල් කටු, දර කැබලි, ලී කුඩු වැනි දෑ වලින් මෙම උදුන බල ගැන්විය හැක.

 

ගෑස් ලිපට වඩා අඩක වේලාවකින් මෙහි කෑම පිස ගත හැක. බත් පිසීමට ගත වන්නේ විනාඩි 4ත් 5ත් අතර කාලයකි. EZ ටර්බෝ උදුන වාසි දායක වන අතර පිරිසිදු කිරීමට ද පහසුය. දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. 12V DC ෆෑන් එකකින් මෙම උදුන යුක්ත වන අතර අවශ්‍ය පරිදි උෂ්ණත්වය පාලනය කළ හැක. පැයකට වැය වන විදුලි ප්‍රමාණය ශත හතරකි. විදුලි පංකාව සඳහා මාස 6ක වගකීම් සහතිකයක් ද හිමි වේ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ම නිපදවා ඇති මෙම EZ ටර්බෝ උදුන නිෂ්පාදනය කර ඇත්තේ ඉංජිනේරුවකු වන රියාද් ඉස්මයිල් මහතායි. මෙම උදුන 2008 වසරේ ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

 

වැඩි විස්තර සඳහා නිර්මාතෘ රියාද් ඉස්මයිල් අමතන්න.

Tel: +94772734846

Email : ezstoves@gmail.com

 

ශ්‍රී ලංකාවේ සිසුවකු ඒඩ්ස්වලට නිපැදවු ඔෟෂධයක් වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක්

 

රටවල් 41ක සහභාගිත්වයෙන් පැවැත්වූ අන්තර්ජාතික විද්‍යා පර්යේෂකයන්ගේ ඔලිම්පියාඩ් තරගාවලියට කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත දිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා ඉදිරිපත් කළ මාරාන්තික ඒඩ්ස් රෝගය සඳහා වන ඔෟෂධයට දකුණු ආසියා කලාපයේ පළමුවරට රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට හැකිවිය. එසේම ජලයේ ඇති බැරලෝහ ඉවත් කිරීමට ජලයේම තිබෙන දිලීර වර්ධනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් තවත් නාලන්දියකු වන රනංජය සුභාෂ් සිසුවාටත් එම තරගයේදී තවත් රන් පදක්කමක් හිමි විය.

මෙවන් තරගයකදී දකුණු ආසියාතික රටක් ලබාගත් පළමු රන් පදක්කම මෙය වනවා සේම එකම රටක් රන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවද මෙය වේ.

 

මේ ඔලිම්පියාඩ් තරගය සඳහා රටවල් 41ක් නියෝජනය කරමින් භෞතික විද්‍යා, රසායනික විද්‍යා, ජීව විද්‍යා, පාරිසරික සහ තාක්ෂණ යන අංශ සඳහා ව්‍යාපාති 183ක් ඉදිරිපත් කර තිබිණි.

තරගයට ඉදිරිපත් කළ ව්‍යාපෘති 183 වෙනුවෙන් රන් පදක්කම් 4ක් ලබාදුන් අතර ඉන් දෙකක් නාලන්දියන් ලබා ගනිද්දී ඉතිරි රන් පදක්කම් දෙක ඉන්දුනීසියාව සහ බෙලරූස් රාජ්‍යයන් විසින් හිමිකර ගන්නා ලදී.

ඒඩ්ස් රෝගය වෙනුවෙන් ඉලක්ක ගත ඔෟෂධයක් නිෂ්පාදනය කළ රඛිත දිල්ෂාන් මාලේවනට ලෝක තරුණ විද්‍යාඥයන් වෙනුවෙන් පැවැත්වෙන සමුළුවට පැමිණෙන්නැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් ආරාධනා කර තිබේ.

නාලන්දීයන්ගේ මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් එහි විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා පැවැසුවේ නුවණින් සහ ගුණයෙන් පිරි ශේ‍ර්ෂ්ඨයන් ලොවට දායාද කිරීමේ තේමාවෙන් ක්‍රියාත්මක වන තම විදුහලට මෙන්ම රටටත් මෙවන් කීර්තියක් අත්කරදුන් මෙවන් දරුවන් මිල කළ නොහැකි සම්පත් බවය.

එසේම ගතවූ වසර 4ක කාලයේදී අන්තර්ජාතික තරගාවලි 83ක් වෙනුවෙන් නාලන්දීයන් 293 දෙනකු සහභාගි වී ඇති බවත් ඒවායින් ලබාගත් ජයග්‍රහණ නිසාවෙන් Business Initiative Direction (BID) නමැති ආයතනයෙන් ලබාදෙන සම්මානයකට නාලන්දාව නිර්දේශ වී ඇති බවත් විදුහල්පතිවරයා කීය.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page