top of page

කාමරංකා

කාමරංකා දේශීය පලතුරක් හැටියට හඳුන්වා දීමට පුළුවනි. නමුත් අප එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. කාමරංකා ගැට පාසල්

දරුවන්ගේ ප්‍රියතම පලතුරක් හැටියට නම් හැඳින්විය හැකිය.
කාමරංකා පැණි රස සහ ඇඹුල් රස යනුවෙන් ප්‍රභේද දෙකකින් සමන්විතය. මෙම ශාකයේ ගෙඩි, මුල්, කොළ පොතු, අමූවෙන් ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. පලතුරක් හැටියට පමණක්ම නොවේ. කාමරංකා ඖෂධයක් හැටියටත් ප්‍රයෝජනවත් ය. ආහාර ජීර්ණය පහසු කරවයි. ආහාර රුචිය වැඩි කරයි. ආහාර මාර්ග පද්ධතියට ඉතා හොඳ පලතුරකි.

සැහැල්ලු පලතුරක්. මෙහි විටමින් සී, විටමින් ඒ, පොටෑසියම් ඔක්සලේට් අන්තර්ගතය. ඉදුණු කාමරංකා ගෙඩි සීත ගුණය හිමිය. අමු ගෙඩි උෂ්ණ ගුණය හිමිය. ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමෙන් පිත වැඩි කරයි. අමු ගෙඩි වලින් වාතය සමනය කිරීමේ ගුණය ඇත. පිපාසය දෑනෙන අවස්ථා වලදී පිපාසය සිඳ සිරුර සිසිල් කිරීමේ හැකියාව තිබේ.

කුසගින්න අඩු අවස්ථා වලදී ආහාර ගැනීම අප්‍රිය වූ විටදී ලේ යන අර්ශස් රෝග වලදී උණ සෑදී තිබෙන අවස්ථා වලදී ඉදුණු කාමරංකා යුෂ ඉතා ගුණ බව ආයුර්වේදයේ සඳහන්ය. බිලිං වියළා ගන්නා ක්‍රමයට කාමරංකා වියළා බෝතලයක අසුරා කල් තබා ගන්නට ද පුළුවන්. ඔබ නිතරම වාගේ උගුර අමාරු, සෙංගෙඩි

හැදිලා යනුවෙන් පවසනවා නම් එයට හොඳ ප්‍රතිකාරයක් ලෙස කාමරංකා පොතු පෙන්වා දිය හැකිය. කාමරංකා පොතු තම්බා ගත් ජලයෙන් උගුර සහ මුඛය සේදීමෙන් සුවයක් ලබා ගත හැකිය.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page