top of page

මුකුණුවැන්න
මුකුණුවැන්න ආහාරයට ගැනීමෙන් සමේ පැහැපත් බව ඇතිවන බව අමතක කරන්නට එපා. මුකුණුවැන්න ආහාරයට ගැනීමෙන් ආයුෂ වැඩි වී සම පැහැපත් කර තාරුන්‍ය පෙනුම ලබාදේ ඒ නිසා එය "වයස්ථා" යන නමින්ද හඳුන්වයි.
අක්ෂි රෝග, වාත රක්ත රෝග, කකුල් පැලීම, ශරීරයේ දෑවිල්ල රෝග, පීනස රෝග සඳහා ඉතාමත් ගුණ වන අතර ඖෂධ සඳහා භාවිත
කරයි. අක්ෂි රෝග සඳහා ඇස් සේදීමට මුකුණුවැන්න දඬු තම්බාගත් ජලය ඉතා සුදුසු වෙන අතර දින හතක් කැඳ සාදා බීමෙන් රෝග සුවවේ.
මුකුණුවැන්න පරිප්පූ සමග ව්‍යංජනයක් ලෙස ඉතා රසවත් මෙන්ම මැල්ලුම හා සම්බල් ලෙස ද ආහාරයට ගත හැක. කාන්තාවන්ගේ රූසපුවෙහි ප්‍රධාන අංගයක් වන හිසකෙස් සඳහා ඉතාමත් ගුණදායකය. මුකුණුවැන්න ආහාරයට පමණක් නොව ආයුර්වේදයෙහි හිසට
ගල්වන තෙල් සඳහා උපයෝගි කරගන්නා ඔසු පැළෑටියකි. මේ නිසා මුකුණුවැන්න කෙස් කළඹට ඉතා හිතවත් බව හඳුන්වා දීමට පුළුවන්.
Please reload
bottom of page