
බැවිල
ආයුර්වේදයේදී බැවිල ඉතා වටිනා බෙහෙතක් විදියට බොහෝ රෝගවලට ගනු ලබයි. ඒ බැවිල වලට වාතය, පිත සමනය කිරීමේ ගුණය තිබෙනව නිසාය.
ඒ වගේමමුත්‍රා ආසාදන තිබෙන අයට ඉතා හොඳ මුත්‍රාකාරක ඖෂධ පැළෑටියකි. මළ පිට කිරීම අපහසු අවස්ථාවලදී ද ගුණදායක බැවිල
අපගේ හෘදයට ද සමීප බවට හඳුන්වන්නට හැක. විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ගර්භනී මව්වරුන්ගේ ගර්භාෂය ශක්තිමත් කිරීමේ හැකියාව මෙය සතු බවයි. ඒ වගේම කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම වැඩි කිරීමේ බලයත්, ගැබිනි මව්වරුන්ගේ ආරක්ෂාකාරී වේදනා නාශකයක් විදියටත් බැවිල ක්‍රියාකරයි. සන්ධිරෝග වගේම සිරුර පෘෂ්ටිමත් කිරීමේ හැකියාවත් රක්ත, පිත සමනය කිරීමේ ගුණයත් බැවිල සතුව පවතී.
රුධිරය වහනය වන අර්ශස් වලටද කොළ පළා මැල්ලුමක් විදියට ආහාරයට දෙනු ලබයි. ඒ වගේම බැවිල ස්වභාවික ශාකමය විෂබීජ
නාශකයක්. සිරුරේ තුවාල සෝදා පිරිසිදු කිරීමට ආයුර්වේදයේදී යොදාගනී.