top of page

වද කහ

ඉතා හොඳ විෂබීජ නාශකයක් හැටියට අපේ පැරැන්නන් විශ්වාස කළ රෝග රැසකට ඔසූවක් හැටියටත් භාවිතයට ගන්නවා ඔබ දන්නවාද?

වද කහ තිත්ත රසින් යූතුයි. උෂ්ණ ගුණය හිමි සැහැල්ලු බැවින් යූතු ඔසූවක් ලෙස හැඳින්වීමට පූළුවන්. ආයූර්වේදයේදී ඔසූවක් ලෙසට යොදාගන්නා වද කහ සෙම. වාතය දුරු කිරීමේ ගුණයද හිමි වෙනවා. මෙය උෂ්ණ කටූක බැවින් යූතු නිසා ආමාශය කැළඹිලි කර වමනය කිරීමේ හැකියාව ඇති වමන කාරක ද්‍රව්‍යක් ලෙසද හඳුන්වනවා .

එමෙන්ම වද කහ වලට ගර්භාෂය සංකෝචනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම දහදිය ඇතිකරවීමේ හැකියාවත් මෙය සතුව පවතිනවා.

සිරුරේ ඉදිමූව, වේදනා පහකිරීමේ දක්ෂතාවය ඇති වදකහවලින් හිත සන්සූන් කිරීම හා මනස නිරවූල් කිරීමේ හපන්කමත් තියෙන බව ඔබ දන්නවාද?

උන්මාද රෝගය, අපස්මාර රෝගය, බඩපිපූව, හා මළ පහ පිටකිරීමේ පහසූව වදකහ වල තිබෙනවා. ඒ වගේම මේදය අධික සිරුරට මේදය අඩූ කිරීමේ ගුණයක් මූත්‍රා ආසාදන ඇති අයම මූත්‍රා පිරිසිදු කිරීමේ ගුණයක් මෙය සතුව පවතිනවා.


වියළි කැස්ස තියෙන අයට අමූකහ කැබැල්ලක් මූඛයේ රඳවා ගැනීම තුළින් කැස්ස බූරුල් කර ගැනීමටද උපකාරි වෙයි.
එලෙසම ඇතැම් මවූවරු කුඩා බිළිඳු දරුවන්ට වද කහ ස්වල්පයක් බීමට දෙනවා. ඒ  විෂබීජ නාශකයක් නිසා මෙන්ම බඩ ආසාදන තත්ත්වයන් ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීම සඳහාය. ඔබ නොදන්නවා වූවත් වද කහ බූද්ධිය වර්ධනය ටද උපාකාරි වේ.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page