
මැංගුස්
ඉදුණු මැංගුස්ටින් රසයෙන් ඉහළයි. පිට පොත්ත ඉවත් කළ පසු ලැබෙන සුදු පාට බික් හෙවත් මදය ආහාරයට ගනියි. ඇටය ඉවත් කළ යුතුයි. පිට පොත්ත ඝනකමට පිහිටි නිසා මදය ආරක්ෂා වී ඇත. තද හිරු රශ්මියෙන් ආරක්ෂා වේ. කුරුල්ලන් ලේනුන්ගෙන් ද ආරක්ෂා කර ගැනීමට පිට පොත්ත ඝනවීම නිසා හැකි වී ඇත.
මැංගුස්ටින්වල ගුණ
ප්‍රතිශක්තිය ඇති කරයි. තුවාල සුව කිරීමට උදව් දෙයි. පිළිකා නසන ගුණය ඇත. ශරීරයේ ශක්තිය වැඩි කරයි. බලය වැඩි කරයි. ශරීරය ප්‍රාණවත් කරයි. ඇස් පෙනීම දියුණු කරයි. ප්‍රදාහ දුරු කරයි. ක්ෂුද්‍රජීවී නාශක ගුණය ඇත.
දිලීර නාශක ගුණය ඇත. කෑම රුචිය වැඩි කරයි. රුධිර නාලවල මේද තැන්පත් වීම වළක්වයි. ශරීරයේ අනවශ්‍ය බර අඩු කරයි. ඍතුවීමේ දෝෂ දුරලයි. මානසික ආතතිය දුරලයි. සන්ධි රෝග වළකයි. දත් සහ අස්ථි වර්ධනය කිරිමට උදව් දෙයි.
මාංශ පේශි වේදනාව නැති කරයි. රුධිර පීඩනය පාලනය කරයි. හෘද රෝග අවදානම අඩු කරයි. සන්ධි වේදනාව නැති කරයි. අස්ථි දිරීම මැඩපවත්වයි. රාත්‍රියට ඇස් පෙනීම වැඩි දියුණු කරයි. විදුරුමස්වලින් ලේ ගැලීම නවත්වයි.
සිත සැහැල්ලුවෙන් තබයි
මුඛය නැවුම්ව තබා ගැනීමට උදව් වෙයි. පිළිකා රෝග නැති කරයි. සීතලට හිතකරයි. සිත සැහැල්ලු කරයි. ගත සිත ප්‍රබෝධමත් කරයි. සිත සන්සුන් කරයි.
උෂ්ණාධිකයි
මැංගුස්ටින්වල ඇති උෂ්ණ වැඩිකම නිසා විවිධ රෝග ඇතිවිය හැකියි. බඩදැවිල්ල, ගැස්ට්‍රයිටීස්, බඩවැලේ තුවාල හා ආහාර මාර්ගයේ තුවාල ඇතිවිය හැකියි. කල්ගිය කැස්ස පවතින විටදී වුවද මේවා ආහාරයට ගැනීමේදී අප සැලකිලිමත් විය යුතුයි. මේ තත්ත්වය මත සෙම්ගෙඩි සෑදීමට ද ඉඩ තිබේ. ඔබ නිතර සෙම්ගෙඩි වැළඳෙන අයෙක් නම් මැංගුස්ටින් වලින් වැළකී සිටීම ඇඟට ගුණයි.
වැඩිපුර කෑවොත් මේ ප්‍රතිඵල
දිව පිනවූවත් එහි පවතින ගිනියම් තත්ත්වය මත දිව පැලීම, කට තොල් පැලීම් වැනි ආබාධවලට මුහුණ පෑමට සිදු වේ. ඒවා ඇති අයත් මැංගුස්ටින් ආහාරයට ගැනීම සුදුසු නැහැ. කුඩා ළමුන් වැඩිපුර ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම හොඳයි.
හොඳට ඉඳුණු මැංගුස්
මැංගුස්ටින් හොඳින් ඉදුණු ගෙඩි පමණක් ආහාරයට ගැනීම වැදගත්ය. නොඑසේනම් අමුවට හෝ භාගෙට ඉදුණු ඒවා වල කහට ගතිය නිසා දත්වල පැල්ලම් ඇති වේ. මුඛ, තෙල් වනවිය හැකියි. හේතුව එහි ඇති අමු කහට ගෑවීම නිසයි.
මේ අයට අහිතකරයි
මැංගුස්ටින් අධික නිදිමත ගතියෙන් පෙළෙන අයට අහිතකරයි. ඒ වගේම ගර්භණීන්ට හා කිරිදෙන මව්වරුන්ට වැඩිපුර ගැනීම සුදුසු නැත. පිළිකා සඳහා ඖෂධ ප්‍රතිකාර ගන්නා අයට ද නුසුදුසුයි. සමේ රෝග ඇති අය ප්‍රවේශම්ව ආහාරයට ගත යුතුයි.
පොතු කබර, සුදු කබර වැනි රෝගවලදී මැංගුස්ටින් සුදුසු නැත. නොයෙකුත් ආකාරයේ කුෂ්ට රෝග ඇති අය මෙය ආහාරයට ගැනීමෙන් වැළකී සිටින්න. විවිධ සමේ රෝග සඳහා ප්‍රතිකාර ගන්නා අයට සුදුසු නැත. මුහුණේ කුරුලෑ හා සිරුරේ විසර ගෙඩි හටගන්නා අයට ද සුදුසු නැත.
ස්වර්ණා ආරියවංශ