top of page

රාබු

මුත්‍රා පද්ධතියට ගුණයි. රාබු කොළ සහ අල අමුවෙන් ආහාරයට ගත හැකි නම් මුත්‍රා හොඳින් පෙරීමට එය පිටිවහලකි. අමුවෙන් ආහාරයට ගැනීමට අපහසු නම් වෑංජනයක් ලෙස ආහාරයට ගැනීම වුවද සුදුසුය. මුත්‍රා ගල් නැති කරයි.

විශේෂයෙන්ම රාබු අල කොටා මිරිකා ගන්නා යුෂ මුත්‍රා ගල් වලට ඉතාම ගුණදායකය. එමගින් මුත්‍රා ගල් දියකරනු ඇත. උදේ සවස රාබු

යුෂ මේස හැඳි 2 බැගින් පානය කිරීමට වගබලා ගන්න.
ආයුර්වේදයේ ආකාරයට රාබු උෂ්ණ ආහාරයකි. එමගින් ආහාර රුචිය වැඩි කරයි. බඩගිනි ඇති කරයි. අර්ශස් රෝගීන්ට ඉතාම යෝග්‍යය.
කැස්සට ගුණ රාබු, කැස්ස, හතිය, ඇස් රෝග, පීනස යන රෝග වලට ඉතාම ගුණදායකය.
රාබු අල බත් සමග අමුවෙන් අහාරයට ගත් විට ශරීර ශක්තිය වැඩිකරයි. තම්බා ආහාරයට ගැනීම අර්ශස් රෝගය නැති කරයි. රාබු හෘද රෝගවලට ඉතාමත් ගුණදායකය.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page