top of page

මිදි

පලතුරු ආහාරයට ගැනීම නිසා බඩපුරවා ගැනීමට හැකි බව අප දන්නා කරුණකි. එසේම බඩ වියළීම ද වැළකෙයි. හොඳ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට බොහෝ පලතුරු වර්ග අපට ප්‍රයෝජනවත් වුවත් සමහර ලෙඩ රෝගවලට පලතුරු උචිත නොවන අවස්ථා ද ඇත.

බඩ වියළීමට හා බුරුල්වීමට බෙලි නැතුවම බැරිය. මිදි එලෙස අපට බෙලි මෙන් තවත් ගුණ දෙන පලතුරක් වුවත් පෙරකී දෙආකාරයෙන් ගුණ දෙන්නේ නැත. මිදිවල ගුණාංග රැසක් ඇත. විටමින් වර්ග හා පොටෑසියම්, මැග්නීසියම් වැනි පෝෂක ද අඩංගුව ඇත.

ඒ නිසා අපගේ සිරුරට නොමඳව පෝෂණයක් හා ලෙඩරෝග වලින් ඈත් වීමට මිදි උදව් වෙයි. දිවට හුරු පුරුදු විවිධ රසයන් තිබීම මිදිවල දකින්නට ඇති විශේෂ ලක්ෂණයකි. ඇඹුල් රසය අභිබවා පැණි රස ඉදිරියට පැමිණීම නිසා දිව නැවත නැවතත් මිදි ඉල්ලන තරමට රසයෙන් ඉහළයි.

ඉදුණු පසු වහනය වන සුවඳ වෙනත් පලතුරු මෙන් තියුණු භාවයක් පෙන්නුම් නොකරයි. නමුත් ඉදුණු පසු පෙනෙන ස්වරූපය කටට කෙළ උනන පරිදි රසවත් යැයි හැඟේ. මේ විශේෂිත මිදි පිළිබඳ වෛද්‍යතුමිය අදහස් දැක්වූයේ මෙසේයි.


ඖෂධීය වටිනාකම
ආයුර්වේදයට අනුව මධුර රස මිදි ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියෙන් ඇත. ඇස්වලට හිතකරයි. ශරීරයේ ශක්තිය වැඩි කරයි. සමට හිතකරයි. කාලීන රෝග සඳහා යෝග්‍යයි. පිළිකා නාශක ගුණය ඇත. හෘදයට හිතකර වෙයි.

හෘද රෝගවලින් ආරක්ෂා වෙයි. ප්‍රදාහ නාශක ගුණය ඇත. අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි. රුධිර නාලගත රෝගවලින් ආරක්ෂා කරයි. අධික රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වෙයි. එසේ වන්නේ මෙහි පොටෑසියම් බහුල වීම නිසා සෝඩියම් උරා ගැනීම අඩුවෙන් සිදුවන බැවිනි.

මිදිවල කෙඳි සහිත බව වැඩියි. ජල ප්‍රතිශතය ද වැඩියෙන් ඇත. මේ කරුණු හේතු කොටගෙන මල බද්ධය දුරු කරයි. අසාත්මිකතාවය ඇති අයට හිතකරයි. මධුමේහය රෝගයේදී ඇතිවන ඇස්වල දුර්වලතාවය මඟහරියි. කෙට්ටු (කෘෂ) අයට හා දුර්වල ශරීර ඇති පුද්ගලයන්ට හිතකර වෙයි.


අහිතකර වන අවස්ථා
කැල්සියම් බහුලව පවතින නිසා වකුගඩු රෝගීන්ට අහිතකර වෙයි.

මිදි ප්‍රභේද
විවිධ වූ වර්ණවලින් මිදි ගෙඩි දැකිය හැකියි. කොළ, කළු හා රතු ගෙඩි වශයෙනි. කළු මිදි තුළ වැඩි විටමින් ඛ් ප්‍රමාණයක් අඩංගු බව සඳහන් වෙයි.

වෙනත් ප්‍රයෝජන
මිදි රසවත් බැවින් මෙය පානයක් ලෙස ගැනීම ජනපි‍්‍රය වී ඇත. මිදි යුෂ පානය සැමගේ පවස නිවාලන්නට කදිමයි. පහසුවෙන් දිරවන බඩ බුරුල් කිරීමට සමත්ය.

මුද්දරප්පලම් භාවිතය
රසවත් කරන ආහාරවේල අලංකාරයට හා විවිධ කේක්වලට එක් කර ගන්නට ද මුද්දරම්පලම් භාවිතා කරයි. කුඩා ළමුන්ගේ රසවත් ආහාරයක් බැවින් අයිස්ක්‍රීම්, බනිස්, ස්පන්චි වැනි ආහාරවලට රස ගැන්වීමට එක් කරයි. මුද්දරප්පලම් ආයුර්වේදයේ ඖෂධයක් වශයෙන් සංයෝග කර ගැනීමට එක් කර ගනු ලබයි.

ආයුර්වේදයේදී භාවිතා වන මිදි
මිදි ආහාරයට ගැනීම නිසා ඇතිවන පෝෂණය මෙන්ම විවිධ රෝගාබාධ මැඩලීමට ද උදව් වේ. නමුත් විශේෂයෙන් බොහෝ ලෙස කෂාය, අරිෂ්ඨ නිෂ්පාදනයට හා ආසව නිෂ්පාදනයට මිදි වේලා මුද්දරප්පලම් ලෙස එක් කර ගනී.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page