
ගස්ලබු
ජීවිතයට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ලබාදෙන පලතුරු අද බොහෝ දෙනාට නැතුවම බැරිය. විශේෂයෙන් අතුරුපසට ගන්නේ ද බොහෝවිට පලතුරුය. මිනිසා පමණක් නොව කුරුල්ලන් ඇතුළු අනෙකුත් සතුන්ගේ කුසගින්න නිවන්නට ද පලතුරු වර්ග සමත් වේ. මේ අතර පරිසරයේ ගෘහස්තව වැවෙන ගස්ලබු නොයෙක් විට මනුෂ්‍යයා ප්‍රයෝජනයට ගත්ත ද ලේනුන්, කුරුල්ලන් වැනි සතුන් ද ප්‍රධාන ආහාරයක් ලෙස ගනු ලබයි.
පෝෂණීය ගුණ රාශියක් ඇති ගස්ලබු විවිධ රෝග ගණනාවකට ද ඖෂධීය ගුණ සපයන පලතුරක් ද වන්නේය. මෙවර විමසුමට ලක් කෙරෙන්නේ ගස්ලබු පිළිබඳවයි.
වෙනත් ඖෂධීය ගුණ
විදුරුමස් වලින් ලේ ගැලීම නැති කරයි. කොලෙස්ටරෝල් නැත. දියවැඩියාවට ගුණ දෙයි. ආහාර දිරවීමේ පහසුව මනාව ඇති කරයි. ආහාර රුචිය ඇති කරයි. ප්‍රෝටීන් අඩු ප්‍රමාණයක් ඇත. කොලෙස්ටරෝල් නැත. සෝඩියම්, ෆෝලේට් අඩුවෙන් ඇත. මෙහි බීටා කැරොටින් සේම තන්තු ද ඇත.
ගස්ලබු අගුණ මේ අයටයි
ගර්භණී කාලයේ මුල් අවස්ථා වලදී සුදුසු නැති බව ඇතැම් ග්‍රන්ථවල සඳහන්වේ. ගර්භාෂය සංකෝචනය කිරීම වැඩි බැවින් දරුවන් ලැබෙන්න ඉන්න සමහර මව්වරුන්ට සුදුසු නැත. වැඩිපුර ආහාර ගත්විට අත්ල හා පත්ල කහ පැහැ වේ. ගස්ලබු කිරි නිසා යම් අසාත්මිකතා ඇතිවේ. කැසීම, පැලීම ඇතිවිය හැකියි. අක්මාවේ රෝග ඇති අයට සුදුසු නැත.
ප්‍රතිකාර වලටත් සුදුසුයි
ගස්ලබු අඹරා ගෑමෙන් කැපුම්, කෙටුම්, සර්ප දෂ්ටවලට ගුණයි.
පැසුණු ගස්ලබු තම්බා අඹරා ආලේප කිරීමෙන් සැරව සහිත කුෂ්ට සුව වේ. මස් වර්ග උයන විට මස් මොළොක් වීමට ගස්ලබු කැබලි එක් කරයි.
ආහාරයට ගන්නෙ මෙහෙමයි
ඉඳුණු ගස්ලබු අතුරුපසක් ලෙස ගනියි. හොඳින් ඉදුණු ගස්ලබු උදෙන්ම ගන්නා පලතුරු පානයට සුදුසුයි. ඊට අමතරව කෝඩියල්, චට්නි, ජෑම් සාදා ගැනීමට ද පුළුවන. පලතුරු සලාද සකසා ගැනීමට ගස්ලබු ප්‍රයෝජනයට ගනු ලබයි. අමු ගස්ලබු මැල්ලුම් වශයෙන් සාදා ගනියි. තරමක පැසුණු ගෙඩි වලින් ව්‍යංජන සාදාගත හැකියි.
ඖෂධීය ගුණ
අජීර්ණ රෝග වලට ගුණ දෙයි. පණු රෝග දුරු කරයි. විෂබීජ නාශකයි. ශරීරයේ ප්‍රතිශක්තිය නැති කරයි. වකුගඩු ආරක්ෂා කරයි. රුධිරය ඝනකම් කරයි. බර අඩු අයට ගුණදෙයි. ශරීරයේ වේදනාව නැති කරයි. අක්මාවේ හා ප්ලීහාවේ ප්‍රදාහ නැති කරයි. මුත්‍රා පිටවීම පහසු කරයි. මුත්‍රා මාර්ගයේ ආසාදන නැති කරයි. අම්ල පිත්ත රෝගයට ගුණ දෙයි. බඩ දැවිල්ල දුරු කරයි.
රුව වඩන ගස්ලබු රුව වැඩීමට අද බොහෝ කෘත්‍රිම කාරක ඖෂධ තිබුණත් ස්වභාවික පලතුරුවලින් ගන්නා ඖෂධීය වටිනාකම ඉතාමත් ඉහළ මට්ටමක පවතී. ගස්ලබු සම පැහැපත් කර ගැනීමට කදිම ඖෂධයක්ය. සම දීප්තිමත්ව තබා ගැනීමට උදව් කරයි.
ඇස් පෙනීම දියුණු කරයි. රාත්‍රී අන්ධතාවය නැති කරයි. මින් ලැබෙන පෝෂණ ගුණය වැඩි බැවින් හිසකෙස් ද දීප්තියෙන් බබලයි. කෙස් වැඩීම හොඳින් වර්ධනය වේ. හිසකෙස් ශක්තිමත් කරයි. තරබාරුව මට්ටු කරන බැවින් සිහින් සිරුරක් තබාගත හැකියි.
ජීර්ණ ක්‍රියාවලිය මනාව සිදු කෙරෙන බැවින් ආන්ත්‍රයික රෝග දුරු කරයි. මල පිටවීම හොඳින් සිදු වේ. මල බද්ධය නැති කරයි. අර්ශස් රෝගය දුරු කරයි. මෙවැනි ආබාධ වලින් මුදවා ගැනීමට ගස්ලබු උදව් කරන නිසා ඔබගේ රූ සපුව මනාව සකසා ගත හැකියි.
පෝෂණ අගයන්
100g ක අඩංගු ශක්තිය කැලරි 43
මේදය 0.3g
සෝඩියම් 8mg
පොටෑසියම් 182mg
කාබෝහයිඩ්‍රේට් 11g
තන්තු 1.7g
සීනි 8g
ප්‍රෝටීන් 0.5g