
කහ
කහ ප්‍රබල විෂබීජ නාශකයක් මෙන්ම එය පාරම්පරික වටිනාකමකින් යුත් හොඳ ඖෂධයකි. ආහාර රස ගැන්වීමට හා වර්ණවත් කිරීමට යොදා ගැනෙන කුළු බඩුවක් ද වන්නේය. ඇතැම් රෝගාබාධවලට කහ යොදා ගෙන ප්‍රතිකාර කිරීම ආයුර්වේදයේ සිදු වේ.
උෂ්ණ ගුණයෙන් යුක්ත කහ තිත්ත රසයි. වාෂ්පශීලි සියුම් ගන්ධයක් සහිතයි. ආහාර රසවත් කිරීමේදී ප්‍රධාන තැනක් ගනියි. දීප්තිමත් කහ තැඹිලි වර්ණයෙන් යුක්තයි. ප්‍රබල ප්‍රදාහ නාශක ගුණයක් ඇත. විෂබීජවලට විරුද්ධව එනම් බැක්ටීරියා වෛරස් හා දිලීරවලට විරුද්ධව සටන් කිරීමේ ගුණයක් ඇති බවට විශ්වාස කෙරෙන අතර පිළිකා සෛල මර්දනයට ද කහ ප්‍රයෝජනවත් වන බව මතයක් ද පවතී. උදර ආත්මානය (උදරයේ වාතය පිරීම), කහ උණ, මාස් ශුද්ධියේදී ඇතිවන අපහසුතා මුත්‍රා සමඟ ලේ පිටවන අවස්ථා දත් කැක්කුම පපුවෙ වේදනා සහ වරින්වර හට ගන්නා උදර වේදනාවට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකියි. Curcumim නැමැති රසායනිකය නිසා මෙහි ප්‍රබල ප්‍රදාහ නාශක ගුණය ඇති වේ. මේ මඟින් ශරීරයට විෂ ඇති නොවේ. අන්ත්‍රවල ඇතිවන ප්‍රදාහ නාශක අවස්ථාවලදී යොදා ගැනේ. ප්‍රති ඔක්සිකාරක ගුණය ඇත.
රූමටොයිඩ් ආතරයිටීස්වලදී ඖෂධ ලෙස භාවිතා කරයි. මෙහිදී ඉදිමුම නැති කරයි. පේශිවල තද ගතිය අඩු කරයි. ශරීරයේ ඇතිවන විෂ කොටස් පලවා හැරීමට උදව් වෙයි.
පිළිකාවලින් ආරක්ෂා කරයි. පිළිකා සෛල වර්ධනය හා එම සෛල බෙදීමට විරුද්ධව ක්‍රියා කරයි. පියයුරු පිළිකා පුරස්ථි ග්‍රන්ථි පිළිකා පෙනහළු පිළිකා අන්ත්‍රවල ඇතිවන පිළිකාවලින් ආරක්ෂා කරයි. ළමා කාලයේදී ඇතිවන ලියුකේමියා රෝගයෙන් ආරක්ෂා කරයි. ලියුකේමියා රෝගයේ ඇතිවන අවදානම අඩු කරයි.
අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි. රුධිර සංසරණ පද්ධතිය ආරක්ෂා කරයි. රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. ආහාර ජීර්ණය පහසු කරයි. අක්මාවට ස්වාභාවිකව ඇතුළු වන විෂ ඉවත් කිරීමට ද කහ මඟින් යම් උදව්වක් සැලසෙන බව පිළි ගැනෙයි. ඕනෑවට වැඩිපුර යම් දෙයක් භාවිතා කිරීම අනිකුත් සෑම දෙයක් ලෙසටම අහිතකර විය හැකි බැවින් කහ භාවිතයේදීත් පාලනයක් ඇතිව හොද්දට කහ දැමීමට වගබලා ගැනීමට පුරුදු වීම ඔබේ සහ පවුලේ සෞඛ්‍ය රැක ගැනීමට හේතු වෙයි.
කහ කුඩු තේ හැඳි 2ක අඩංගු කැලරි ප්‍රමාණය 16 කි.
මැංගනීස් 17%
යකඩ 17%
විටමින් 4.7%
කෙඳි 3.7%
තඹ 3.3%
පොටෑසියම් 3.2%
මෙම පෝෂ්‍ය පදාර්ථවල අඩංගුවන ප්‍රමාණය අනුව ලැබෙන පෝෂණය වෙනස් වන බව මතක තබා ගත යුතුයි.$$
කහ කාන්තා රූ සපුව පිළිබඳව ඇත්තේ දැඩි සම්බන්ධයකි. කහ මිශ්‍ර කර නිපදවන රූපලාවන්‍ය නිෂ්පාදන පිළිබඳ බොහෝ සෙයින් අසන්නට ඇති අතර, එය ජනපි‍්‍රය වී ඇත්තේ ප්‍රතිඵල එතරම් සාර්ථක වී ඇති නිසා විය හැකියි.
මෙහිදී සිදුවන්නේ කහවල ඇති උරා ගැනීමේ ශක්තිය මත යම් ඉතා සුළු ප්‍රමාණයකින් උරා ගන්නා කහ අංශු මද වේලාවක් සම මත රැඳී සිටීම නිසා සමට පැහැපත් බවක් ඇති වීමයි. මෙය ටික වේලාවකින් නැති වී යනු ලැබේ. එසේ වන්නේ උරා ගත් සීමිත කහ අංශු ප්‍රමාණය ඉවත් වී යාමෙනි. අසාත්මිකතාවලට හා සමේ රෝගවලට කහ උපයෝගී වෙයි. ආයුර්වේද නිෂ්පාදනවලට කහ භාවිතා කර ගනියි.