top of page

ලුණුවිල
ලුණුවිල ආහාරයට ගැනීමෙන් බුද්ධි වර්ධනයට හිතවත් මෙන්ම ශරීරයේ රුධිර වර්ධනය හා රුධිරය පිරිසිදු කිරීමේ ගුණය මෙහි ඇත. දඬු, මුල් හා පැළෑටියේ සියලුම කොටස් ඖෂධ සඳහා යොදා ගනී. වැසිකිළි යාම අපහසු රෝගීන්ට අරළු, ලුණුවිල තම්බා බීමෙන් සුවයක්
ලැබේ.
අපස්මාර රෝග, උන්මාද රෝග සඳහා ගුණ වන අතර කැස්ස, පෙනහළු රෝග වලට, ලුණුවිල ඇල්දියෙන් සිහින්ව අඹරා ආලේප කිරීමත් ඉතා හොඳයි. ආයූර්වේදයේ බුද්ධි වර්ධනයට යොදා ගන්නා කල්ක, අරිෂ්ඨ වර්ග සඳහා ලුණුවිල භාවිතා කරයි.
මෙය ව්‍යංජනයක් ලෙස ද, සම්බල් ආකාරයෙන් ද සාදා ආහාරයට ගැනීමට පුළුවන්. දැන් ඔබ ලුණුවිලෙහි ගුණය පිළිබඳ දන්නා නිසා එදිනෙදා ආහාර වේලට මෙය අනිවාර්යයෙන්ම එක්කර ගන්නවා නොඅනුමානයි.
Please reload
bottom of page