
කෝමාරිකා
ඔබගේ සිරුරට ගුණදායක බව හා සුවදායක බව ලබා දෙන කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණය අතිමහත්ය. තරුණ යුවතියන්ට ලැදියාව දක්වන මෙය කුමාරි යන නමින්ද හඳුන්වනු ලබයි.
කෝමාරිකා මදයත් රසවත් වෑංජනයක් සාදා ගන්නට හැකිවන අතර අපස්මාර රෝගය, අම්ල පිත්ත රෝගය, අක්මා රෝග, සෙංගමාලය, ප්ලීහාව, (පපුව ආශ්‍රිත රෝග) ශරීරයේ ඉදිමුණු අවස්ථාවලදී, දේශීය ආයුර්වේදයේ ඖෂධ සඳහා යොදාගනු ලබයි. එමෙන්ම මානසික රෝග සුව කිරීම සඳහා ද කෝමාරිකා (කුමරි) තෛලය යොදාගනු ලබනවා.
කෝමාරිකාවල අඩංගු වී තිබෙන සිසිලස නිසා සිරුර පිළිස්සුණු විට කෝමාරිකා කැබැල්ලක් ගෙන ශරීරයේ ආලේප කිරීමෙන් වියළි බව හා දැවිල්ල අඩුවී සහනයක් ලැබෙන අතර මුත්‍රා පිට කිරීමට අපහසු අවස්ථාවලදී ද කෝමාරිකා ආහාරයට ගැනීමෙන් ගුණ ලබාදේ.
විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ කාන්තාවන්ට පැන නගින ඔසප් දෝෂ සම්බන්ධයෙන් ඖෂධයක් හැටියට භාවිතයට ගන්නා කෝමාරිකා ඔබගේ දෑස් වලටද යෝග්‍ය බවයි. මදය ආලේප කරන විට පොත්ත ගාවන්න එපා.
සමට නිරතුරුවම තෙතමනය රඳා පවත්වා ගැනීමට උපකාරී වන මෙය ඔබගේ කෙස් කළඹට ඉතාමත් ගුණදායකය. හිසේ හට ගන්නා
ආසාදන තත්ත්වයක් වන හිස් හොරි වලට ප්‍රතිකර්මයක් ලෙසට කෝමාරිකා සමග දෙහි යුෂ ස්වල්පයක් දමා හිසේ ගැල්වීමෙන් ගුණ වන අතර කෙස් කළඹ වර්ධනයටද එය උපකාරී වේ.