
අසමෝදගම්
ආයුර්වේදයේදී බෙහෙත් සඳහා යොදාගන්නේ එහි හටගන්නා බීජ සහ තෙල් ය. බඩ රිදීමකදී වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නා අසමෝදගම් සෙම නැති කිරීමේ හැකියාව, වාතය දුරු කිරීමේ හැකියාව, වාතය නිසා ඇතිවන වේදනා, ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීම, හෘදය උත්තේජනය කිරීම (ක්‍රියාකිරීම) කැස්සට හා මුත්‍රාකාරක ගුණයද ඇත.
ඇතැම් අයට ආහාර අප්‍රියයි, බඩ පිපිලා, බඩගිනි නැහැ යනුවෙන් පවසනවා ඔබත් අසා ඇත. එවිට අසමෝදගම් පානය කිරීමෙන් එම
තත්ත්වය දුරු කර ගත හැකිය.
අපේ ගැමියන් අත් බෙහෙතක් ලෙස අජීර්ණ අවස්ථාවලදී අසමෝදගම් සහ ඉඟුරු තම්බා පානය කරයි. ඒ වගේම ශරීරය ඉදිමුණ විටදී ඇට
අඹරා ආලේප කිරීමට ද යොදාගනී.
ශරීරයේ වේදනා ඇති විටද අසමෝදගම් තෙල් ආලේප කිරීමෙන් ගුණයක් ලබාගත හැකි වන හා ඇදුම රෝගීන්ට අසමෝදගම් ඇට කුඩු දුම් ඇල්ලීමත් ඉතා හොඳයි.
අප, මාෂ් පාස්ලි ලෙස රස කර කර ආහාරයට ගනු ලබන කොළ වර්ගය වන්නේ අසමෝදගම් කොළය. එය ඉතා රසවත් සම්බෝලයක් වන
අතර ආහාර සරසා ගැනීමට වර්තමානයේ ගෘහනිය යොදා ගන්නා කොළ විශේෂයකි.
ඉතා ගුණවත් සම්බෝලයක් වන මෙය ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය ඇති කරගත හැකි වෙයි.
ආහාරවලට එකතු කරගන්නා රසකාරකයකි. එයට හේතුව එයින් ආහාර රුචිය ඇතිවන අතර සුවඳවත් කිරීමට හැකියාව තිබෙන නිසා
වේ.
කොතරම් ස්වභාවික කුළුබඩුවක් වූවද ඖෂධයක් වූවද මෙය ආහාරයට ගැනීම පිළිබඳ මනා අවබෝධයක් තිබිය යූතුය. එයට හේතුව වැඩි
වශයෙන් මෙය භාවිතයට ගැනීමෙන් හිසරදය, වෙහෙස, වමනය, අතීසාරය, හුස්ම ගැනීමේ අපහසුව, මුත්‍රා දැවිල්ල සහ මුත්‍රාවල පැහැය වෙනස් වීම, සිහි නැති වීම ආදී අතුරු ආබාධ රැසක්ද ඇති වීමේ ඉඩකඩ ඇති නිසාය. මේ නිසා මේ පිළිබඳව දැනුම්වත් වී නියමිත මාත්‍රාව පමණක් ගැනීමට වගබලා ගත යුතු වේ. ඒ වගේම සඳහන් කළ යුතු වන්නේ අසමෝදගම් උෂ්ණ සැර බැවින් යුතු නිසා ගැස්ට්‍රයිටීස් (බඩ දෑවිල්ල) ආදී රෝගයට ද අගුණ බවයි.