
නෙල්ලි
නෙල්ලි ඔසුවක් ලෙස වාත පිත සෙම් රෝග වලට ගුණ වන අතර විශේෂයෙන් පිත් රෝග සඳහා ඉතාමත් ගුණයි.
උණට ගුණ දෙන නෙල්ලි, ශරීරයේ දැවිල්ල අවස්ථා වලදී නෙල්ලි රසකිඳ තම්බා බීමෙන් සුවයක් ලැබේ.
ශීත ගුණයෙන් යුතු වන අතර ශරිරයේ ස්නායු ශක්තිමත් කරන, ඉන්ද්‍රියයන් ශක්තිමත් කරන, ආහාර ජීර්ණයට උපකාරී වන, බඩගිනි
වඩවන ඔසුවකි. තව ද මල බද්ධය දුරු කරවන, අක්මාව උත්තේජනය කරවන හා හෘදයට ඉතා ගුණ මෙන්ම ශරීරයේ සිදුවන ලේ ගැලීම්
නවතාලයි.
කාන්තාවන්ට දරුවෙකු පිළිසිඳ ගත් විට ගර්භාෂය ආරක්ෂා කරන ගුණයෙන් යුතු අතර මුත්‍රා කිරීම පහසු කරයි.
නෙල්ලි වලට රුධිරය පිරිසිදු කිරීමේ ගුණය හා සමේ රෝග, එනම් දද, කුෂ්ඨ, බිබිලි ආදී රෝග සඳහා ද සුදුසු වේ.
අමු නෙල්ලි ඖෂධයක් විදියට භාවිතයට ගන්නා අතරම පානයක් ලෙසත් සාදා ගන්නට පුළුවන්. ආයුර්වේදයේ නිෂ්පාදනය කරන ත්‍රිපලා ඖෂධය සඳහා වැඩිපුරම භාවිත කරයි.
මෙහි ඇති රසායනික ගුණය නිසා මිනිසාගේ තාරුණ්‍ය පෙනුම ලබා දීමේ හැකියාව ඇති අතර පුරුෂයන්ගේ ශුක්‍ර වල හටගෙන ඇති දෝෂ සමනය කිරීමටද උපකාරී වේ.
විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් සඳහා ගුණ දෙන අතර විටමින් සී බහුලව අන්තර්ගතවී ඇත.
කාන්තාව සුන්දර කරන කෙස් කළඹට හිතකර මෙන්ම සම පැහැපත් කරන ගුණයෙන් යුතුය.
තව ද නෙල්ලි තම්බා ගත් ජලයෙන් ඇස් සේදීම ඉතාමත් හොඳ වන අතර ඔබට දැන් නෙල්ලි වල තිබෙන ගුණය ගැන වැටහෙනවා ඇති.