
කරපිංචා
බොහෝ දෙනා දන්නේ කරපිංචා ආහාර රස කරන කුළුබඩුවක් විදිහටයි. නමුත් එහි ගුණය අතිමහත්ය. ඉංග්‍රීසියෙන් "කරිලීව්ස්" නමින් හඳුන්වන මෙය ප්‍රභේද දෙකකින් සමන්විත වේ. හොඳ වර්ගයේ කරපිංචා වල දළු හා නාරටිය ලා රතු පැහැයෙන් යුතු අතර කුඩා පත්‍ර වල
මිහිරි සූවඳක් වහනය වේ. එහි සියූම් රෝම ද පිහිටා තිබෙනු දකින්න හැක.
කරපිංචා රසයෙන් තිත්ත කටූක වේ. උෂ්ණ ගුණයෙන් යුතුය. බෙහෙත් සඳහා සියලුම දෑ යොදා ගැනේ. කරපිංචා කොළවල වාෂ්පශීලී
තෙලක් ඇත. සෙම, වාතය සමනය කිරීමේ හැකියාව තිබෙන මෙහි ආහාර අජීර්ණය, බඩගින්න මදිකම උදර වේදනා බඩ පිපුම ආදී රෝග
සඳහා යොදා ගනී. එමෙන්ම ආහාර රුචිය ඇති කරවයි. මාන්දම, වමනය නැතිකිරීමේ ගුණය හා සිරුරේ තියෙන විෂ නැසීමේ හැකියාවත් කරපිංචා වල තිබේ. විශේෂයෙන් ගැබිනි මව්වරුන්ගේ උදැසන වමනය නතර කිරීමට කරපිංචා ගනී. සර්ප විෂය හා අර්ශස් රෝගවලට ගුණ
ලබා දෙයි.
කාන්තාවන්ට වගේම පිරිමින්ටද හිතට වද දෙන ප්‍රශ්නයක් වන අධික තරබාරුව හා කොලෙස්ටරෝල් තිබෙන රෝගීන්ට ගුණදායක
ඖෂධයකි. ඒ වගේම කාන්තාවන්ගේ ප්‍රධානතම ගැටලුකාරී වන හිසකේ පැසීම හෙවත් සුදු වීම වළක්වාගත හැකි බවට ආයුර්වේදයේ සඳහන් වේ.
කරපිංචා රුධිර පීඩනය හා මුත්‍රා අමාරුවට වගේම මුත්‍රා හොඳින් පිටකිරීමේ හැකියාවත් ඇති බව නවීන විද්‍යාවට අනුව සොයා ගෙන
තිබේ.
ආයුර්වේදයට අනුව කරපිංචා වලින් රසවත් සම්බලයක් හා කැඳක් සාදාගත හැක. එය සතියකට වතාවක් හෝ අනුභව කරන්නේ නම් ඔබගේ සිරුරෙහි තිබෙන රෝග බොහොමයකට ප්‍රතිකාරයක් වේ.