top of page

දෙහි

දෙහි මුළුතැන්ගෙයි ආහාර රස ගන්වන රස කාරයක් ලෙසත් බීමක් ලෙසත් යොදා ගත්තද මෙය ඖෂධීය ගුණයෙන්ද පොහොසත්ය. අත් බෙහෙතක් හැටියට නිවසේ අයෙකුට බඩේ අමාරුවක් සෑදුන විට දෙහි ගෙඩියක් යුෂ මිරිකා ලුණු කැටයක් දමා පානය කරන්නට දෙන්නේ එහි තිබෙන මාහැඟි ගුණය වැඩිහිටි අය දන්නා බැවිනි.

පැඟිරි කුලයට අයත් බොහෝ දෑ තිබුණ ද, ඉන් ප්‍රධාන තැනක් හිමි වෙන්නේ දෙහි වලටයි. ආයුර්වේදයේදී දෙහි කොළ, පොතු, මුල්, ගැට, ආදී සියලුම අංග බෙහෙතට යොදා ගනී.

දෙහි සෙමට ගුණය. ශරීරය තරබාරු අයට හා කොලෙස්ටරෝල් ඇති අයට ඉතා සුදුසු බව ආයුර්වේදයේ පෙන්වා දෙයි. විශේෂයෙන් සඳහන්

කළ යුත්තේ ගැස්ට්‍රයිටීස් තිබෙන රෝගීන්ට නුසුදුසු බවයි. හිස බර ගතිය තිබෙන විටදී දෙහි කොළ තම්බා ගත් ජලයේ වාෂ්පය ඇල්ලීම සිදු කරනවා. එසේ සිදු කරන්නේ දෙහි කොළ සතුව පවතින වාෂ්පශීලී තෙල් ශ්වසන පහසුව ඇති කරවන බලය පවතින නිසයි. ඒ වගේම පත්තෑයින් වැනි සතුන්ගෙන් හානි වූ විට එම ඉදිමුම ඇති ස්ථානයේ රත්හඳුන් හා දෙහි යුෂ සමඟ එකතු කර ආලේප කරන්නේ එහි විෂ දුරු කිරීමේ හැකියාවක් තියෙන නිසාවෙන්ය.

ආම්ලික ගුණයෙන් යුතු වන දෙහි වල බහුල වශයෙන් විටමින් සී අඩංගු වෙනවා. දෙහි ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය හා බඩගින්න වඩවන අතර මූඛයේ ඇතිවන අප්‍රියතාවය නැති කරවීමට සමත් වෙයි.

උණ සහ වමනය ඇති අවස්ථාවලදී පානයක් ලෙස සකසා ගත හැකි අතර පිපාසය සංසිදීමේ හැකියාවත් තිබෙනවා.

විෂබීජ නාශකයක් ලෙසත් ක්‍රියා කරන දෙහි දුර්ලභ කාල වලදී නැවත පරිහරණය කිරීමට හැකි වන පරිදි ලුනු දෙහි දමා තබා ගැනීමටද

පුළුවන්.

 

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page