top of page

තැඹිලි

වියළි දේශගුණික කාලවලදී දිය පිපාසාවට කුරුම්බා ගෙඩියක් හෝ තැඹිලි ගෙඩියක් කඩාගෙන බොන එක ගැමියන්ගේ පුරුද්දක්. නගරබද නම් තැඹිලි, කුරුම්බා වෙළඳාමට තබා තිබෙනවා. තැඹිලි බිව්වම බඩගිනි වෙනව කියාත් අප අසා තිබෙනවා.

 

බඩේ අමාරුවලදී තැඹිලි ගෙඩියක් බිවූ පසු ඉක්මන් සුවයට සහනයක් ගෙන ඒමත් මෙහි ඇති විශේෂත්වයයි. තැඹිලි අගනා ඖෂධීය පානයක්, මේ ගැන තොරතුරු ඔබ හමුවට ගෙන එන්නේ වෛද්‍ය මංගලා මහලේකම ගෙන් ගත් උපදෙස් මඟිනි.

 

පොල් ගසට නෑකම් කියයි

 

කුංදිරා, නවසි, රන් තැඹිලි සහ ගොන් තැඹිලි යනුවෙන් කිහිපයකි. මේවා එකිනෙකට වෙනස් වූවත් ගුණයෙන් එක සමානයි. පොඩි වෙනස්කම් ඇතත් දේශීය වෙදකමේ පත්තු, අනුපාන, කල්ක, ගුලි වර්ග ඇස් බෙහෙත් වර්ග හා කසාය වර්ග සෑදීමට යොදා ගනී. තෙල් වර්ග සාදා ගැනීමට ද යොදා ගනියි.

 

මේදය විනාශ කරයි

 

ඖෂධීය තැඹිලි පානය ඔබගේ කොලෙස්ටරෝල් නැති කරන්නට උදව් දෙයි.

 

රූප සොබාවට තැඹිලි

 

සිසිල් කරන ශරීරය ප්‍රබෝධමත්ව නැවුම්බ තබා ගැනීමට උදව් කරයි. ශරීරයේ නැවුම් බව ඇති කරයි. රුධිරය පිරිසුදු කරයි. විෂ කොටස් විනාශ කරයි. රුධිර සංසරණය හොඳින් සිදු වේ. සමෙහි සියුම් බව ඇති කරයි. දිලිසෙන සමක් ඔබට හිමිකර දෙයි.

 

පැහැපත් බව ඇති වේ. හිස්හොරි වලින් වන පීඩා උවදුරු නැති කරයි. ඇස් දීප්තිමත් කරයි. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. කෙස් ප්‍රාණවත් වෙයි. අකලට කෙස් අග පැලීම නැති කරයි. කෙස් වැඩීමට උදව් දෙයි.

 

ඖෂධීය වටිනාකම

 

කුඩා දරුවන්ට වැළඳෙන අජීර්ණයට බඩ පිපුමට යනාදී රෝග සඳහා තැඹිලි හොඳ ඖෂධයකි. සිසිල් ගුණයෙන් යුක්ත බැවින් ශරීරය සිසිල් කිරීමට උදව් කරයි. දාහය නැති කරයි. දැවිල්ල නැති කරයි. වමනයට දිය හැකි ඖෂධයක් මෙනි. මාංශ පේශීන්වල වැඩීමට උදව් කරයි. ශරීරයේ ශක්තිය ඇති කරයි. විජලනය නැති කරයි. ශරීරයේ බර වැඩි කරයි. මන්දපෝෂණය නැති කරයි.

 

තැඹිලි වලින් මේ ගුණ ලැබෙයි

 

මුත්‍රා පිට කිරීමට අපහසු අයට ගුණ දෙයි. මුත්‍රා පිරිසුදු කරන ගුණය පවතී. ආහාර රුචිය ඇති කරයි. වෛරස් රෝග මඟහරවාලයි. දියවැඩියාව ඇති අයට සුදුසුයි. පිළිකා සෑදීම නැති කරයි.

 

මුත්‍රා ගල් නැති කරයි

 

සන්ධි රෝග නැති කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. පණු රෝගවලට ගුණයි. බැක්ටීරියා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරයි. උණ සන්නිපාතය, මැලේරියාව වැනි රෝගවලට ගුණයි. වායු ගෙඩිවලට ගුණයි

 

දුර්වල ශරීරය පණ ගන්වයි

 

සේලයින් ලෙස දෙන ඖෂධය අපගේ දුර්වල ශරීරය ශක්තිමත් කරයි. සේලයින් වෙනුවට තැඹිලි දීමෙන් ද සිදුවන්නේ දුර්වල ශරීරය යළි පණ ගැන්වීමයි. මෙය පත පොතෙහි සඳහන්ය.

 

අහිතකර ගුණ

 

තැඹිලි පානය සමහර රෝග කාරක සඳහා අහිතකර වෙයි. වකුගඩු රෝගීන් මේ ගණයට අයත්ය. සර්ප දෂ්ට අවස්ථාවලදී තැඹිලි පානයට දීම සුදුසු නැත. සෙම් රෝගවලට අගුණයි. රුධිරය දන් දුන් අයට නිවසට පැමිණි පසු තැඹිලි බීම සුදුසු නැත. රාත්‍රී කාලයට තැඹිලි බීම සුදුසු නොවන්නේ සෙම් රෝග වැඩි වන බැවිනි.

 

100g ක අඩංගු පෝෂණය

 

ශක්තිය කිලෝ කැලරි 17.4

ප්‍රෝටීන් 0.1g

මේදය 0.1g

කාබෝහයිඩ්‍රේට් 4g

පොස්පරස් 0.01mlg

කැල්සියම් 0.02mlg

යකඩ 0.05mlg

විටමින් A,C,E ඇත.

ස්වර්ණා ආරියවංශ

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page