top of page

ගොරකා

අපට වැඩි වශයෙන් ගොරකා මාළු, ඇඹුල් තියල්, පොළොස් ඇඹුල් තියල් සාදන විටදී රස ගැන්වීමට නැතුවාම බැරි දෙයකි. ඒ වගේම

පොළොස් තම්බන විටදී හා මස් තම්බා ගැනීමේදී එම ආහාර තද බව නැතිකර ගැනීමටද ගොරකා උපයෝගී වේ.

අතීතයේ සිට අපගේ ගෘහණියට ගොරකා අත්‍යාවශ්‍ය වී තිබෙන්නේ ආහාර පිසීමට වගේම ආහාර කල් තබා ගැනීමට උපකාරී වන බැවිනි.

විශේෂයෙන් මස් මාළු කල්තබා ගැනීමටත්, ජාඩි දැමීමටත් ගොරකා අවශ්‍ය වී ඇත. විශේෂයෙන්ම සුදු ළූණු කල් තබා ගැනීමටත්, ජාඩි

දැමීමටත් ගොරකා අවශ්‍ය වනු ඇත. විශේෂයෙන්ම සුදු ළූණු කල් තබා ගැනීමට ගොරකා උපකාරී වන බව ඔබ නොදැන සිටියා විය හැක.

ඇඹුල් රසින් යුතු ගොරකා වල විටමින් "සී" බහුලව අඩංගු වී ඇත. එයට අමතරව ටාටරික් අම්ලය, ජලය, පොටෑසියම් ආදී විවිධ විටමින් වර්ගත් අඩංගුය. උෂ්ණ ගුණයෙන් හා සැහැල්ලු බවින් යුතුය.

ආයුර්වේදයට අනුව ගොරකා කුසගින්න වඩවන, හෘදයට හිතවත් ආහාර රුචිය ඇති කරවන, මලපහ හොඳින් පිට කිරීම පහසු කරවන

ශාකමය ඔසුවකි. එමෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව හා උගුර වේදනාවට, සෙංගෙඩි වලට ඔසුවක් ලෙස ද භාවිතයට යොදා ගැනේ.

විශේෂයෙන් බිඳුණු අස්ථි ශක්තිමත් කිරීමේ බලය හිමිවන අතර ගොරකා විෂබීජ නාශකයක් ලෙසටද පෙන්වා දිය හැක.

වර්තමානය වනවිට ගොරකා විවිධ රෝග සඳහා ප්රතිකාරවලට භාවිතයට ගනූ ලබන අතර මේදය පාලනය කිරීමේ හැකියාවත්, රුධිර

පීඩනය පාලනය කිරීමේ හැකියාවත්, ශරීරයේ ස්නායූ රෝග සඳහාත් ප්රයෝජනයට ගන්නා අතර පිළිකා රෝගය මර්දනය කිරීමේ හැකියාවත් ගොරකා සතුව පවතින බවට පර්යේෂණ කටයූතුවලින් සොයාගෙන ඇත.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page