
බෙලි
බඩ බුරුල් කර යනවිට ඔබ ඉදුණු බෙලි ආහාරයට ගැනීමෙන් තව තවත් එම තත්ත්වය වැඩි වෙයි. බඩ බුරුලට යනවිට බෙලි ආහාරයට
ගන්නේ නම් ගැට මද තම්බා ආහාරයට ගැනීම හෝ එම ජලය මීපැණි සමඟ පානය කිරීමයි සුදුසු වන්නේ. බඩ වියළී තියෙන අයට ගුණ ඉදුණු බෙලි ආහාරයට ගැනීමයි. බෙලි ඉතා රසවත් පලතුරක් ලෙසයි අප කවූරුත් දන්නේ. නමුත් එය ඖෂධීය වැදගත්කමකුත් තිබෙන
පලතුරකි.
වර්ග දෙකකින් සමන්විත වන බෙලි ප්‍රභේද අනනුව හා රස අනුවද වෙනස් වේ. බෙලි ශාකයේ සියලුම අංග වන මුල්, පොතු, කොළ, මල්,
ගැට, මැලියම් ආදී සියලුම දෑ අපගේ ප්‍රයෝජනය සඳහා යොදාගනී. බෙලි පත්‍ර වල සහ බෙලි ගෙඩි ඉමිහිරි සුවඳක්ද වහනය වෙයි.
පත්‍ර:
බෙලි පත්‍ර, තේ කොළ ආකාරයට වියළා සකස් කරගෙන පානය කිරීමට හැකිය.
ප්‍රිය උපදවන සුවඳකින්ද යුතුවන බෙලි කොළ වාෂ්පශීලී තෙල් අඩංගු නිසා තම්බාගත් ජලයෙන් වාෂ්පය ඇල්ලීමෙන් ශ්වසන අපහසුතා මඟ
හැර ගැනීමට හැකි වෙනවා. වමනයට, දාහය සහ පිපාසයට ගුණදායකය.
මල්:
බෙලි මල් අයගේ ප්‍රියතම පානයකි. බෙලි මල් තැම්බූ වතුර කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පානය කිරීමට හැකිය.
ගෙඩි:
මෙහි තිබෙන විශේෂය නම් එහි ලාටූ (මැලියම්) තිබීමයි. ගැට සහ අඩක් පැසුණු ගෙඩි ඔසු සඳහා භාවිත කරති.
ඉදුණූණු බෙලි ඉතා මිහිරි සුවඳකින් යුතු වන අතර සීත පලතුරක් හැටියටත් හඳුන්වනු ලබයි.
මූල් පොතු:
කසාය සඳහා මෙන්ම පානයක් ලෙසට ආයුර්වේදයේ භාවිතයට ගනී.
මැලියම් (ලාටු) ගුද මාර්ගයේ වේදනා සමනය කිරීමට සමත් වේ.
බෙලි විටමින් සී, විටමින් ඒ, පිෂ්ඨය, ග්ලූකෝස්, පොටෑසියම්, පොස්පරස් ආදී විටමින් වලින් පරිපූර්ණ පලතුරකි. බෙලි ආහාරයට ගැනීමෙන්
බඩගින්න වඩවයි. ආහාර රුචිය ඇති කරවයි. බඩ වියළීම දුරු කරවන ඔසුවකි.
අම්ල පිත්ත රෝගයට, වාතයට, ආමාශ රෝග වලට ගුණදායක බෙලි විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ දියවැඩියා රෝගීන්ට ගුණදායක
බවය.