top of page

බුද්ධියේ විමසුමට

General Info:

උපන්දා සිට මිය යනතෙක්ම ඉගෙනීමට යමක් ඇත. බුද්ධිමය නිම්වළලු විවර කරමින් දැනුම සොයා යන චාරිකාවේ පියමං කරන්නට මේ විශේෂාංගය වෙන්වේ.

යොවුන් - දූ පුතුන් හා දෙමාපියන් අතර ඇයි මේ තරම් ගැටුම්? 
යොවුන් දූ පුතුන් හා දෙමාපියන් අතර ගැටුම් - සිත් නොහොඳකම් ඇති වීම් අද ඉතා සුලබය. මේවා බොහොමයක් කාලයත් සමඟ විසඳී යන නමුත් අවාසනාවන්ත සිද්ධීන් දෙසට යොමුවන අවස්ථා ද විරල නොවේ...

කාර්ය බහුලත්වය හා මානසික ආතතිය
හිස කැක්කුම සාමාන්‍යයෙන් අප කාහටත් පොදුවේ ඇතිවන රෝග ලක්ෂණයක්. එය විවිධ අයට විවිධ ආකාරයෙන් බලපෑම් ඇතිකර විය හැකි රෝග අවස්ථාවක් වනවා වගේම බරපතළ මට්ටමේ රෝග තත්ත්වවල පූර්ව ලක්ෂණයක් ලෙසින් ද මුහුණ දීමට සිදුවිය හැකියි...

කොන්දේ කැක්කුමත් සමඟ ඇතිවන අවදානම් රෝග ලක්ෂණ

කොන්දේ අමාරුව පිළිබඳ කතාබහ කරන විට රෝගීන් බොහෝවිට මැසිවිලි නඟන්නේ කොන්දේ පහළ ප්‍රදේශය ආශි‍්‍රතව ඇතිවන වේදනාවන් පිළිබඳවය. ඊට අමතරව කොන්ද ආශි‍්‍රතව තිබෙන මාංශපේශිවල කැක්කුම්...

Cervical Cancer හෙවත් ගැබ්ගෙල පිළිකා

සහකරුවන් කිහිපදෙනෙක් සමඟම ලිංගික සබඳතා පවත්වන කාන්තාවන්ට වැළඳිය හැකිය කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතුරින් දෙවැනි තැන හිමි කරගන්නා පිළිකාව නම් ගැබ්ගෙල පිළිකාවයි...
 

මුඛයේ දුර්ගන්ධයට පිළියම්

“හොඳට නරකට දෙකට කටමය” කියලා කිව්වට ඇතැම් අයගේ කට ගඳ ගහන වෙලාවට නම් හොඳ නරක කොහොම වුණත් හිතට ඇතිවන අප්‍රසන්න බව නම් කියලා වැඩක් නෑ නේද? ඒත් ඉතිං මොනවා කරන්නද?...

ලේ දන්දෙන ඔබ මේ ගැනත් සිතන්න.

රුධිරය යනු ඕනෑම ජීවියෙකුගේ ජීවය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍යම සාධකයකි. විවිධ හේතූන් නිසා මිනිසුන්ට රුධිරය ලබාදීමට සිදුවෙයි. එසේ පිටතින් රුධිරය ලබා දෙන්නට නම් තවත් කෙනෙකුගෙන් රුධිරය ලබා ගත යුතුය...

නරක කොලෙස්ටරෝල් කියන්නේ HDLද? LDLද?

හෘදයාබාධයක් නම් ඒ හා සමඟම කියැවෙන්නේ කොලෙස්ටරෝල් පිළිබඳවයි. රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය ගැන දැන ගැනීම වැදගත් වන්නේ හෘදයාබාධ අවදානමෙන් මිදීම සඳහායි...

ශ්‍රී ලංකාව

ලෝකයේ ශිෂ්ටාචාරවත් හැම රටකම පාහේ සිය ජාතියක අනන්‍යතාවය ප්‍රකාශ කරන විවිධ වස්තු, ලාංඡන, සංකේත, ගීත හා කොඩි භාවිතා වේ. මේවා අතරින් සුවි‍‍ශේෂ ස්ථානයක් ලැබෙන්නේ ජාතික කොඩියටයි. 

අලි විදුලි වැටට විකල්පයක් - ගජ මදාරා

කැලෑවට මායිම් වූ ගම්මාන වල මිනිසුන් වල් අලින්ගෙන් අනේක දුක් ගැහැට විඳින රටක අලින් ඈත් කර තබන ගසක් පිළිබඳව සහ අපේ පාරම්පරික ඥානය වර්තමාන ගැටලුවකට ඉදිරිපත් කරන විසඳුම පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි...

ලොව ප්‍රථමවරට පර්යේෂණාගාරයක් තුළ නිපදවූ මිනිස් පෙනහළු

ලෝක ඉතිහාසයේ ප්‍රථම පර්යේෂණාගාරයක් තුළ මිනිස් පෙනහළු නිර්මාණය කිරීමට විද්‍යාඥයන් කන්ඩායමකට හැකිවී ඇත. මෙය වෛද්‍ය විද්‍යාවේ යෝධ පියවරක් වුවත් මෙහි ප්‍රතිඵල භුක්ති විඳීමට තවත් වසර ගණනාවක් බලා සිටීමට සිදුවනු ඇත...

‍තේ පානය පිළිකා සෛල මර්ධනය කරයි

'තේ' වලින් පිළිකා මර්ධනය කිරී‍මේ විශේෂ ගුණයක් තිබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කරන ලද පර්යේෂණයකින් හෙළිව ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය...

ශරීරයට ගුණදායක - පොල්වතුර

පොල්වතුර වැනි සයිටෝකයිනීන් වලින් පොහොසත් අහාර සුලබව ලබාගැනීම, දීර්ගායුෂ විදීමට සහ වයසට යාමේදී මතුවන සංකුලතා අවම කර ගැනීමටත් යොවුන් පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත....

ශ්‍රී ලංකා තේ වල අනන්‍යතාවය සුරැකීම

වසර 145ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ අනාගතය පිළිබඳව සහ ලංකා තේ වල අනන්‍යතාවය සුරැකීම පිළිබඳව කෙරෙන පිළිසඳරක්....

අනතුරු වළක්වා ගන්නේ කොහොමද?

හදිසි අනතුරු වලට දිනපතා විවිධාකරයෙන් ඔබට මුහුණදීමට සිදුවනවා. ඉවක් බවක් නැතිව ඇතිවන අනතුරුවලින් බේරී ජීවත්වීමට කුමක් කළ යුතුද?....

වස විස නැති හාල්මැස්සන් තෝරාගන්නේ කෙසේද?

අලුත් හාල්මාස්සන්ගේ ඔළුව සහ කඳ කොටස් හොඳින් තිබෙන අතර කඳ මැද තිබෙන ඉර රිදී පැහැයට හුරුවිය යුතු වේ. එ වගේම හොඳ හාල්මැස්සන්ගේ එම ඉර නොකැඩි තිබීම ද ඉතා වැදගත්...

උණ ඩෙංගු ද? වෛරස්ද? වෙන්වෙන්ව හඳුනාගන්න

ඩෙංගු රෝගය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බව පසුගිය දිනවල ප්‍රවෘත්තියක් බවට පත්වුණා. ඇත්තෙන්ම ශ්‍රී ලාංකික ජනතාව දැන් ඩෙංගු රෝගය ගැන ඉතාම හොඳින් දන්නවා....

පිළිකා වලට ගුණ දෙන දේශීය වී වර්ග

අපේ ශරීරය ඇතුළේ මුක්ත ඛණ්ඩක හැදෙනවා. ඒවා තත්පරයකට මිලියන ගණනක් වෙනවා. මේ විදියට හැදෙන මුක්ත ඛණ්ඩක උදාසීන කරන තාක්‍ෂණික ක්‍රියාවලියකුත් අපේ ඇඟ ඇතුළේ ස්වභාවිකවම පිහිටලා තියෙනවා...

ශරීරය මහත් වීම හොඳ දෙයක් ද?

සමාජයේ බහුලව පවතින මතය වන්නේ මහත්වීම හොඳ දෙයක්. කෙට්ටු වීම නරක දෙයක් ලෙසයි. නමුත් එය වැරදි මතයකි. ස්ථුලතාව නිසා ශරිරයේ හැඩය ප්‍රධාන වශයෙන් යම් වෙනසට ලක් වේ...

මහළු වියට - නිසි පෝෂණය 

ජීවන ගමන් මඟේ අප පසුකරන සෑම තත්පරයක්ම ඉතිහාසයට එකතු වන්නා සේම, අප ජීවිතය ද කෙමෙන් කෙමෙන් වියපත් වීගෙන යයි. ගෙවූ ළමා කාලයේ සුන්දරත්වය ඒ අයුරින්ම විදගන්නට වෙනත්...

ඔබ ජීවත්වන්නේ සිරුරේ ඔරලෝසුව කැරකෙන ආකාරයට නොවෙයි නේද?

හිරු පායන්නේ සඳ බැසයන්නේ මිනිසාට අපූරු, වටිනාකම් කියා දෙමිනි. ඒ සෑම දෙයකටම කාල වේලාවක් තිබේ යන පාඩමයි. ක්ෂුද්‍ර ජීවින්ගේ සිට මිනිස් වර්ගයා දක්වා සියල්ලන්ටම මේ කරුණ පොදුය...

පෝෂ්‍යදායී ආහාර වේලක් හඳුනා ගනිමු. 

“කෑම පිඟාන විචිත්‍ර වර්ණයන්ගෙන් සරසා ගන්න” මෙම පණිවිඩය බොහෝවිට ඔබ මේවනවිටත් දැන සිටින උපදේශයක් විය හැකිය. පාට පාට කෑම පිඟානක්! කොළ, රතු, කහ, තැඹිලි, නිල්, දම්, සුදු ආදී විවිධ පැහැ එළවළු ආහාර වේලට එක්කර ගැනීම...

දුම්වැටි ප්‍රචාරණයට එරෙහි ව 

එක්‌ වරක්‌ දුටු කෙනකු නැවත හැරී බලන තරමට ම ඇය රූමත් නිළියකි. කාලයේ නියමයන්ට අනුව කෙටි කාලයකින් ඇයට චිත්‍රපට හා ටෙලිනාට්‍ය ලැබීම අඩු වන්නට විය. එසේ ම ඇගේ අත ගැවසෙන මුදල් ප්‍රමාණය...

වසරකට විසි දහසකට මරු කැදවන දුම්වැටි

වසරකට විසි දහසකට වැඩි පිරිසක් මරණයට පත් කරන සහ ඊටත් වැඩි පිරිසක් රෝගීන් බවට පත් කරවන මෙන්ම දරුවන්ට පියවරුන් අහි කරවන දුම්වැටි සහ දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන පිළිබඳව...

මරණය ගෙන දෙන ජලභීතිකාව

ජලභීතිකාව යනු අනිවාර්යෙන්ම මරණය ගෙන දෙන රෝගයකි. (100%ක් මාරාන්තිකයි) රැබ්ඩො වෛරස ගණයට අයත් (Rhabdovirus) උණ්ඩයක හැඩැති වෛරසයක් මඟින්...

ඩෙංගු  උවදුර  වලක්වා ගැනීමට උපදෙස්  

ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එසේම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රෝගීන් බොහෝමයක් වාර්තා වී ඇත. එකවරම වසංගත තත්ත්වයක්...

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page