
අනතුරු වළක්වා ගන්නේ කොහොමද?
හදිසි අනතුරු වලට දිනපතා විවිධාකරයෙන් ඔබට මුහුණදීමට සිදුවනවා. ඉවක් බවක් නැතිව ඇතිවන අනතුරුවලින් බේරී ජීවත්වීමට කුමක් කළ යුතුද?
හදිසි අනතුරු
හදිස්සි අනතුරු නිසා මහමඟදී, නිවසේදී, ගංඟා, ඇළ දොළකදී වෙන ඕනෑම ස්ථානයකදී ඔබව යම්කිසි ශාරීරික ආපදාවකට ලක් වී මරණය කරා වුවද ගෙනයාමට ඉඩ ඇත. එසේ නොමැතිනම් කාලයක් තිස්සේ පීඩා විඳින්නට සිදු වේ.පිළිස්සීම්, දියේ ගිලීමකින් ඇතිවන කම්පනයකින්, වැටීමකින් අස්ථි බිදීම්, රිය අනතුරු, ගහෙන් වැටීම් නිසා ඇතිවන කොන්ද කැඩීම් වැනි හදිසි අනතුරු අද සමාජයේ දිනකට අනේකවාරයක් අසන්නට දකින්නට ලැබේ. මෙවැනි අනතුරු සිදුවන්නේ බොහෝවිට අපගේ නොසැලකිලිමත් භාවය නිසාය.
අනතුරු ඇතිවිය හැකි ආකාර
බොහෝවිට ඔබ විවිධ අනතුරුවලට මුහුණ දෙන්නේ
1. නොසැලකිලිමත්කම
2. හරිහැටි මාර්ග නීතිරිති අනුගමනය නොකරීම හා ඒ ගැන අවබෝධයක් නොමැතිකම
3. අපරික්ෂාකාරී වීම.
4. නොඉවසිලිමත්භාවය
5. අවදානම් කලාප ගැන පෙර දැනුවත් වී නොමැතිකම වැනි හේතු මුල් කරගෙනයි.
දරුවන් සෙල්ලමට දක්වන ඇල්ම නිසා අනතුරු අත ළඟය. උදාහරණ ලෙස ප්‍රසිද්ධ පාසලක සෙල්ලම් පිට්ටනියේ තිබූ අත් ගල්රෝලය කුඩා දරුවෙකුට ජීවිතය අහිමි කළේය කඩල ඇට දමා ගල් රෝල සමඟ සෙල්ලම් කරමින් සිටි ඔවුන් වෙත හදිසි අනතුර ආවේ දරුවෙකුට මරණය කැඳවමිනි.
නිවසේදී අනතුරුවලින් වළක්වා ගැනීම
දණගාන ළදරුවෙක් ඕනෑම දෙයක් ඇල්ලීමට සැරසෙයි. එබැවින් විදුලි පේනුව විවෘතව නොතබා විදුලි පේනු වසා තැබීම අත්‍යවශ්‍යය. අලංකාරයට තනා ඇති කුඩා දිය පොකුණුවලට දරුවා වැටීමට ඉඩ ඇත. දරුවා තමාගේ ඇස් මට්ටමේ තබා ගැනීම අත්‍යවශ්‍යයි. දියබේසම්වලට දරුවා වැටීමට ඉඩ ඇත. ඒවායේ වතුර පුරවා තැනින් තැන නොතබන්න.
මහමඟදී හෝ නිවසේ වන අනතුරකින් කළ යුතු ප්‍රතිකර්ම
ලේ ගැලීම වැඩිනම් හා සිහිය නැතිනම් සුපරික්ෂාවෙන් කලබල නොවී රෝගියාට පළමුවෙන්ම සිහිය ලබා දීමට කටයුතු කළ යුතුයි. අවශ්‍ය ප්‍රථමාධාර ක්‍රම ගැන අවබෝධයක් තබා ගැනීම වැදගත්ය. කැපීමකින් ලේ වහනය වේ නම් විෂබීජ නාශක දමා වෙළුම්පටියක් බැඳීමෙන් ලේ ගැලීම තාවකාලිකව නවතා අවශ්‍ය වෛද්‍යවරයා වෙත රෝගියා හැකි ඉක්මනින් ගෙන යා යුතුයි.
හිස වැදී ගෙඩි ගැසී ඇත්නම් අයිස් තබා ටික වේලාවකින් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. පිළිස්සුණු විටකදි මිනිත්තු 20ක් පමණ ගලායන ජලයට අල්ලා පසුව වෛද්‍යවරයෙකුගේ සහාය පතා යා යුතුයි. අතක, පයක කැඩීමක් නම් එනම් අස්ථි පිපිරීමක් වූ විට රෝගියාගේ තත්ත්වය බලා අතෙහි හෝ පයෙහි වූ ස්ථානයට පතුරක් තබා වෙළුම් පටියකින් බැද හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත රෝගියාව ගෙන යා යුතුයි. බිදුණු ස්ථානය නොසෙල්වා ගෙන යාමට හැකි නම් වඩා සුදුසුයි.
පාසැලේදී ගැටෙන උපකරණවලට අවධානය යොමු කිරීම
කුඩා දරුවන සෙල්ලමට බර බැවින් වැඩිහිටියන් විසින් ඔවුන්ව දැනුවත් කිරීම් අත්‍යවශ්‍යය. පාසල්වල, පෙර පාසල්වල සෙල්ලම් පිටියේ ක්‍රීඩා පවත්වන ස්ථානවල ඇතුළුව විශේෂයෙන් ළමයින් ගැවසෙන ජනාකීර්ණ ස්ථානවල ඇති ගැටෙන උපකරණ ඇත්නම් ඒවා ගැන පරීක්ෂාකාරි වීම හා ඒවායින් වන අනතුරු ගැන අවබෝධයෙන් සිටිය යුතුයි.
එවැනි අනතුරු විය හැකි උපකරණ රඳවා ඇත්නම් එය ආරක්ෂිත කලාපයක් ද වීම වැදගත් වේ. ක්‍රීඩාපිටියේ දී යගුලිය, කවපෙත්ත, හෙල්ල යන අවදානම් උපකරණ සමඟ කරන ක්‍රීඩා ගැන ගුරුවරු හා උපදේශකවරු ළමයින්ගේ ආරක්ෂාවට සැපයීමත් නීතිරීති පැනවීමත් වැදගත් වේ.
බොහෝ ළමයින් පාසැල් කරා යන බසය ද අනතුරු ගෙනදෙයි. ක්‍රීයාශීලි ආවේගකාරී දරුවන් පාපුරුවේ යාමට කැමැත්තක් දක්වයි. එලෙස ගමන් කිරීම හා මාර්ග නීතිරීති නොසලකමින් අන් බසයක් සමඟ තරඟ වැදීමට අත දමා කෑ ගසමින් ඇලවී යාම නිසා තමන් සිටින තැන පවා අවධානයක් නොමැතිව ගමන් කරයි. එවන් අවස්ථාවලහදිසි අනතුරක් වැටීමකින් හෝ පෙරලී බසයෙන් බැහැරට විසිවිය හැකියි. එබැවින් දරුවන් දැනුවත් කර නීති රීති පැනවීම අනතුරු වැළකිය හැකි ක්‍රියාමාර්ගයක් වෙයි. යතුරුපැදි වලින් යාමේදී ආරක්ෂිත හෙල්මට් පැළඳ සිටීම අනතුරුවලින් වැලැක්වීම හොඳම ක්‍රමවේදයයි