top of page

ලොව ප්‍රථමවරට පර්යේෂණාගාරයක් තුළ නිපදවූ මිනිස් පෙනහළු

ලෝක ඉතිහාසයේ ප්‍රථම පර්යේෂණාගාරයක් තුළ මිනිස් පෙනහළු නිර්මාණය කිරීමට විද්‍යාඥයන් කන්ඩායමකට හැකිවී ඇත. මෙය වෛද්‍ය විද්‍යාවේ යෝධ පියවරක් වුවත් මෙහි ප්‍රතිඵල භුක්ති විඳීමට තවත් වසර ගණනාවක් බලා සිටීමට සිදුවනු ඇත.

 

එය විද්‍යා ප්‍රබන්ධයක් වුවද දැන් යතාර්ථයක් බවට පත්ව ඇතැයි උද්දාමයට පත් ටෙක්සාස් සරසවියේ ජෝන් නිකෝල්ස් පර්යේෂකයා පවසයි.

 

මෙම හදවත පණගැන්වීම යෝධ පියවරක් වන අතර හදවත් බද්ධ කිරීමට පොරොත්තු ලේඛනයේ සිටින 1600ක් පමණ දෙනාට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ශරීර අවයව පර්යේෂණාගාර තුළ නිපදවීමේ කර්තව්‍යයේ එක් පියවරක් වශයෙන් මෙය හැඳින්විය හැක.

 

ලොව පුරා බද්ධ කිරීමට මිනිස් අවයව බලපොරොත්තුවන්නට මෙම තොරතුරු මහත් අස්වැසිල්ලක් වනු ඇතැයි පිට්ස්බර්ග් සරසවියේ මැක් ගොවාන් ආයතනයේ වෛද්‍ය ස්ටෙෆාන් බැඩිලැක් පවසයි.

 

ටෙක්සාස් ජනපදයේ ගැලවේස්ටන් හි පර්යේෂකයින් මේ කටයුත්ත අරම්භ කළේ රිය අනතුරකින් මිය ගිය දරුවන් දෙදෙනෙකුගේ හදවත් වල ආධාරයෙනි. නැවත බද්ධ කළ නොහැකි තරමට ආබාධයට ලක්ව තුබූ එම හදවත් වල හොඳ තත්වයේ සෛල ඉතිරිව තිබිණ.

 

එක් හදවතක ගත හැකි කොටස් පමණක් ඉතිරිකොට, තුවාල වී තිබූ අනිත් සියල්ල ඉවත් කරන ලදී. අනිත් හදවතේ තිබූ ප්‍රකෘති තත්වයේ කොටස් මෙම හදවතට බද්ධ කර රසායනික දියර පිරවූ විශාල බඳුනක මෙම හදවත බහා තබන ලද්දේ විනාශ වුන සෛල නැවත වර්ධනය වීම සඳහාය.

 

මේ ආකාරයට තවත් හදවතක් නිර්මාණය කරන ලදී. මෙම හදවත් දෙකම එකම ප්‍රමාණයකට එකම ආකාරයකට නිර්මාණය කිරීමට විද්‍යාඥයින් විසින් වගබලා ගන්න ලදී. මෙහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට තවත් වසර 12ක් පමණ ගතවිය හැකි බවට පර්යේෂක නිකෝල්ස් මැතිණිය විශ්වාසය පල කරයි.

 

මා වියපත් වුවත් විශ්‍රාම ගත්තත් මගේ ශිෂ්‍යයින් මේ කටයුත්ත අවසානය දක්වා ගෙන යන බව ඇය පවසයි.

රූපය A: නව සෛල ඇති වීමට පෙර

රූපය B: සෛල වර්ධනය වීමෙන් පසු

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page