top of page

Cervical Cancer හෙවත් ගැබ්ගෙල පිළිකා

     සහකරුවන් කිහිපදෙනෙක් සමඟම ලිංගික සබඳතා පවත්වන කාන්තාවන්ට වැළඳිය හැකිය කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතුරින් දෙවැනි තැන හිමි කරගන්නා පිළිකාව නම් ගැබ්ගෙලපිළිකාවයි. මේ පිළිබඳ නිරන්තරයෙන් මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කෙරුණ ද මේ මොහොතවනවිටත් ශ්‍රී ලංකාව වැනි රටවල ඉන් පීඩා විඳින කාන්තාවන්ගේ අඩුවක් නැත.%%ගැබ්ගෙල පිළිකාවලින් 99.7%කටම හේතුව හියුමන් පැපිලෝමා වෛරසයි. (HPV) දියුණුරටවල කාන්තාවන් නම් අද වනවිට ගැබ්ගෙල පිළිකාවෙන් බොහෝදුරට ජයගෙන ඇත. නමුත් ශ්‍රීලංකාව තවමත් එවැනි තැනකට පැමිණ නැත.

 

ලිංගිකව සක්‍රීය ඕනෑම අයෙකුට තිබෙන අවදානමක්

හියුමන් පැපිලෝමා වෛරස (HPV) ලිංගිකව සක්‍රීය වූ ඕනෑම පුද්ගලයකුට ශරීරගත විය හැකිය.නමුත් සිරුරෙන්ම ඇතිවන ප්‍රතිශක්තියෙන් බොහෝදුරට මේ වෛරස මර්දනය කරයි.

 

අවදානම වැඩි මේ අයටයි

අඩු වයසින් විවාහ වන අයට විශේෂයෙන් වැඩිවියට පත්වීමෙන් පළමු අවුරුද්ද ඇතුළත විවාහ දිවියටඑළැඹෙන අයට මේ අවදානම විසිහය ගුණයකින් වැඩි බව හඳුනාගෙන ඇත. බහු සම්බන්ධතා ඇතිඅයට (එනම් ලිංගික සබඳතා කීපයක්) පෝෂණ ඌනතා සහිත අයට එනම් විටමින් ඒ, ෆෝලික් ඇසිඩ්වැනි සංඝටක අඩු වීම.)

 

දුම්පානය කරන අය හා අක්‍රීය දුම්පානයට නිරාවරණය වන අයට

විදේශයන්හි ගෘහ සේවයේ නිරත වන අයට විශේෂය. මෙවැනි තත්ත්ව වල සිටින පුද්ගලයින්ගේසිරුරේ හියුමන් පැපිලෝමා වෛරස දිගින් දිගටම තිබිය හැකිය. මෙම විශේෂත්වය නිසාම අප හැමකෙනෙකුම මේ පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. මන්ද මෙවැනි තත්ත්වයේ සිටින අයටගැබ්ගෙල පිළිකාවක් ඇතිවීමේ හැකියාව ඉහළ බැවිණි.

 

එමෙන්ම ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල (මීගමුව, හලාවත වැනි ප්‍රදේශ විශේෂය) ගැබ්ගෙල පිළිකාවපැතිරීමේ ප්‍රවනතාවය ඉහළය.

 

කාන්තාවක් ලෙස ඔබේ අයිතිය දැනගන්න

සෑම විවාහක කාන්තාවක්ම රෝග ලක්ෂණ තිබුණත්, නැතත් අවුරුදු 35ට වැඩි නම් අවුරුදු පහෙන්පහට පැප් පරීක්ෂාවක් කරවා ගැනීමේ හිමිකම ලබයි. එය අද වනවිට කාන්තාවකගේඅයිතිවාසිකමකි.%%මෙම පැප් පරීක්ෂාව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් හෝ නාරිවේදවෛද්‍යවරයකු මඟින් කරවාගත හැක. නිරන්තර අවධානය හා සැලකිල්ල මත ගැබ්ගෙල පිළිකාවකලින් හඳුනා ගන්නේ නම් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැක. ඒ බව ඔබේ මිතුරු මිතුරියන්ට දපවසන්න.

 

පිළිකාව පැතිරුණු අවස්ථවේදී

පිළිකාව පැතිරුණු ප්‍රදේශ තුළින් මුත්‍රාශයේ සිදුරු ඇති වී මුත්‍රා යෝනි මාර්ගය ඔස්සේ පිටතටපැමිණිය හැකිය. එසේම පාලනයකින් තොරවම මුත්‍රා පිටතට පැමිණිය හැක.%%ගුද මාර්ගයේ සිදුරු ඇති වීමෙන් රෝගියාගේ අසූචි යෝනි මාර්ගය දිගේ පාලනයකින් තොරවපිටතට පැමිණිය හැක.%%පිළිකාව අස්ථිවලට පැතිරීමෙන් අස්ථි බිඳී යා හැකි අතර ඉන් විශාල වේදනාවක් ඇති වේ.

පිළිකාව ස්නායු පද්ධතියට පැතිරීමෙන් ශ්‍රෝනි ප්‍රදේශය ආශි‍්‍රතව විශාල වේදනාවක් ඇතිවිය හැකිඅතර, එය බොහෝ අවස්ථාවල වේදනා නාශකවලට පවා පාලනය නොවිය හැකිය.

 

තවද සමහර රෝගීන්ගේ මුත්‍රා නාල අවහිර වී වකුගඩු අක්‍රිය විය හැක. සමහරවිට මෙයින් මරණයපවා සිදුවිය හැක.

 

මෙහි තවත් විශේෂත්වයක් නම්, ගැබ්ගෙල පිළිකාවට ලක්වන බොහෝ රෝගීන් මරණයට පත්වනුයේ වකුගඩුවලට හානි වීම හේතුවෙන් ඇතිවන සංකුලතා හේතුවෙන් වීමය.

 

හියුමන් පැපිලෝමා වෛරස සිරුරට ඇතුළුවී පිළිකාවක් සෑදීමට සාමාන්‍යයෙන් අවුරුදු 30 ක්පමණ ගත වෙයි. නමුත් අප වඩාත් අවධානය යොමු කළ යුතු කාරණය නම් සමහර කාන්තාවන් හටඅවුරුදු තුනක් වැනි අවම කාලයක් තුළ වුවත් පිළිකාව වැළඳීමේ හැකියාවක් ඇති බවයි.

 

තවද අද වනවිට අප රටේ කාන්තාවන් පත් වී සිටින අවාසනාවන්ත තත්ත්ව කීපයක් හඳුනාගත හැක. එනම්,

මෙවැනි රෝග ලක්ෂණ පිළිබඳ ඇති නොදැනුවත්කම හෝ අතිශය ලැජ්ජාශීලි බව නිසා මේ බවපවුලේ අයෙකුට හෝ වෛද්‍යවරයාට පැවසීමට ඉදිරිපත් නොවීමයි. නමුත් මෙය කිසිසේත් නොකළයුතු දෙයකි.

 

එසේම බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල දුප්පත්කම හා බැඳුණු සාධක නිසා කතුන් පහසුවෙන් මේරෝගයට ගොදුරු වෙති.

 

දරුවන් වැඩි ප්‍රමාණයක් සිටීම, ආහාර හිඟකම නිසා ඇතිවන පෝෂණ ඌනතා, පිරිසිදුකමෙන් තොරවීම මෙන්ම සැමියන්ගේ දුම්පානය හා අනියම් සබඳතා නිසා පැතිරෙන HPV වෛරස හේතුවෙන්කාන්තාවන් බොහෝවිට මෙම, අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වේ.

 

එන්නතක්

හියුමන් පැපිලෝමා වෛරසට විරුද්ධ එන්නතක් දැන් නිපදවා ඇත. යම් කාන්තාවක් ලිංගිකව සක්‍රීයවීමට පෙර මෙම එන්නත ලබා ගැනීමෙන් ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමේ හැකියාව පවතී.දැනට මෙම එන්නත රජයේ රෝහල්වල නැති අතර, පෞද්ගලික අංශයේ රෝහල් මඟින් ලබාගැනීමේ හැකියාව ඇත.

 

කාන්තාවක් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු මූලික රෝග ලක්ෂණ

  • විවාහක කාන්තාවක් නම් ලිංගික සබඳතාවකින් පසුව රුධිරය පිට වීමක්

  • යෝනි මාර්ගයෙන් දුඟඳ හමන ස්‍රාවයක් පිටවීමක්

  • ඔසප් වාර දෙකක් අතර රුධිරය පිටවීමක්

  • ආර්තවහරණයෙන් පසුව ද විටින් විට රුධිරය පිටවීමක්.

 

කාන්තාවක් නම් ඔබ, මෙවැනි අවස්ථාවලින් එකකට හෝ මුහුණ දී සිටිනවා නම් හැකි ඉක්මනින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයකු වෙත හෝ නාරිවේදවෛද්‍යවරයෙකු මුණ ගැසී ගැටලුව පවසන්න.

 

රෝගය මූලික අවස්ථාවේදීම හඳුනාගන්නට තරම් යම් කාන්තාවක් වාසනාවන්ත වේ නම්, සැත්කමක් මඟින් ගැබ්ගෙල පිළිකාව සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාව පවතී.

 

නමුත් පිළිකාව දරුණු ලෙස පැතිරුණු අවස්ථාවක එම අවස්ථාව අහිමි වේ. මෙවැනි තත්ත්වයකදී කළ හැක්කේ විකිරණ ප්‍රතිකාර මඟින් පිළිකාවේ පැතිරීම පාලනය කිරිම පමණි.

 

සමුද්‍රිකා වර්ණකුල

උපුටනය: අරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page