top of page

‍තේ පානය පිළිකා සෛල මර්ධනය කරයි

'තේ' වලින් පිළිකා මර්ධනය කිරී‍මේ විශේෂ ගුණයක් තිබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කරන ලද පර්යේෂණයකින් හෙළිව ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය.තේවල අන්තර්ගත කැටෙචන් නැමැති රසායනිකය තුළ පිළිකා සෛල මර්ධනය කිරීමේ හැකියාව පවතින බව කොළඹ නාලන්ද විද්‍යාලයේ රකිත මාලේවන සිසුවා විසින් සොයා ගැනීමත් සමඟ ඒ පිළිබඳව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ සිදු කර එය තහවුරු කරගත් බව අධ්‍යක්ෂකවරයා පැවසීය.තේවලින් කැටෙචන් නැමැති රසායනිකය වෙන්කර එය සාන්ද්‍රකර පිළිකා සෛල තුළට ඇතුළු කිරීමේදී එම සෛල විනාශ වූ බව පෙනි ගිය බවත් එම රසායනිකය තෝරාගෙන ඉදරියේදී පිළිකා සෛල විනාශ කරන ඖෂධයක් නිපදවීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.නාලන්ද විද්‍යාලයේ මෙම ශිෂ්‍යයාට ලංකාවේ හොඳම ශිෂ්‍ය පර්යේෂණය සඳහා වන සම්මානය ලැබී ඇති බවත් පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකාවට යාමට මේ වනවිට ඔහුට ශිෂ්‍යත්වයක්ද ලැබී ඇතැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

 

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * 

ලියුකේමියාව හෙවත් ලේ පිළිකාව සුව කිරීමේ විශේෂ ගුණයක් 'තේ' වල ඇති බවට නව පර්යේෂණයකින් සොයා ගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුවාගේ නව පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙයි.තේවල අන්තර්ගත කැටෙචන් නැමැති රසායනිකය තුළ පිළිකා සෛල මර්ධනය කිරීමේ හැකියාව පවතින බව කොළඹ නාලන්ද විද්‍යාලයේ රඛිත මාලේවන සිසුවා විසින් සොයා ගැනීමට සමත්ව ඇත.අනතුරුව ඒ පිළිබඳව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පර්යේෂණ සිදු කර එය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.ඒ අනුව තේ වලින් කැටෙචන් නැමැති රසායනිකය වෙන්කර එය සාන්ද්‍රකර පිළිකා සෛල තුළට ඇතුළු කිරීමේදී එම සෛල විනාශ වූ බව පෙනි ගිය බවත් එම රසායනිකය තෝරාගෙන ඉදරියේදී පිළිකා සෛල විනාශ කරන ඖෂධයක් නිපදවීමට කටයුතු කරන බවද වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළේය.2014 වසරේ දී ශ්‍රී ලංකා තුළ සිදු කළ හොදම පර්යේෂණ කටයුත්ත මෙය ලෙසටද නම් කර ඇත.

 

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * 

 

ශ්‍රී ලංකාවේ තේ වල ඇති කැටජින් නමැති රසායනිකය මගින් පිළිකා සෑදීමේ අවදානම අඩු කරන බවට කොළඹ නාලන්දා විද්‍යාලයේ අ.පො.ස. උසස්‌ පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන ශිෂ්‍යයකු විසින් කළ පර්යේෂණයකදී හඳුනාගෙන ඇත. රඛිත මාලේවන නමැති මෙම ශිෂ්‍යයා විසින් තමන් කළ මෙම පර්යේෂණයේ වාර්තාව අද (14 දා) ජාතික සෞඛ්‍ය සතිය අවසන් දිනයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ඉදිරිපත් කරයි.

 

වෛද්‍ය පර්යේෂණ කටයුතු සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් විවිධ පුද්ගලයන් වෙත ලබාදෙන මූල්‍යමය ප්‍රතිපාදන යටතේ මෙම පාසල් සිසුවාද සිය පර්යේෂණය සිදුකර ඇත.පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්ට මෙවැනි වෛද්‍ය පර්යේෂණයන් සිදු කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ මැදිහත්වීම මත අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 30 ක මුදලක්‌ පසුගිය වසරේ වැය කර ඇත.මෙහිදී ඉදිරිපත් වූ වැදගත් පර්යේෂණයක්‌ ලෙස රඛිත මාලේවන සිසුවාගේ පර්යේෂණය පිළිගෙන තිබේ. එම පර්යේෂණයට අනුව ශ්‍රී ලංකාවේ තේ වල බහුලව අඩංගු වන කැටජින් නමැති රසායනිකය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ මෙම ශිෂ්‍යයා විසින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්‌ කීය.

 

දිනකට සීනි රහිත තේ කෝප්ප හතක්‌ හෝ අටක්‌ පානය කරන අයකුට මෙම කැටජින් රසායනිකය නිසා පිළිකා සෑදීමේ අවදානම අඩු වන බව මෙහිදී හඳුනාගෙන තිබේ. අද ජාතික සෞඛ්‍ය සතියේ පාසල් දරුවන්ගේ දිනය වන අතර ඊට සමගාමීව මෙම ශිෂ්‍යයා සිය වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඉදිරිපත් කරයි.

රඛිත මාලේවන

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page