
වස විස නැති හාල්මැස්සන් තෝරාගන්නේ කෙසේද?
හොඳ තත්ත්වයේ හාල්මැස්සන් තෝරාගන්නේ කෙසේද?
අලුත් හාල්මාස්සන්ගේ ඔළුව සහ කඳ කොටස් හොඳින් තිබෙන අතර කඳ මැද තිබෙන ඉර රිදී පැහැයට හුරුවිය යුතු වේ. එ වගේම හොඳ හාල්මැස්සන්ගේ එම ඉර නොකැඩි තිබීම ද ඉතා වැදගත්. විවිධ හාල්මැස්සන් වර්ග අනුව හා ඔවුන් අල්ලා ගන්නා මුහුදු ප්‍රදේශ අනුව කළු හෝ දුඹුරු කහ පැහැයෙන් දැක ගත හැකිය. ඔවුන් විවිධ ප්‍රමාණයෙන්ගෙන් ද සිටිනවා වගේම හොඳ වියළි ස්වභාවයක් ද තිබිය යුතුය. මෙම වියළි ස්වභාවය අතින් අල්ලා බැලීමෙන් දැනගත හැකිය.
මැලතියන් යොදා ඇති හාල්මැස්සන් අඳුනා ගන්නේ කෙසේද?
හාල්මැස්සන්ගේ තරමක් පිලී ස්වභාවයේ ගන්ධයක් තිබෙන අතර මැලතියන් සුළු වශයෙන් යොදා ඇත්නම් මැලතියන්වල ගන්ධය හාල්මැස්සන් ගඳ නිසා මැකී යා හැකිය. එනිසා රසායනාගාර පරීක්ෂණයක් මඟින් මැලතියන් අඩංගුදැයි නිශ්චිතවම සොයා ගත හැකිය.
මැලතියන් යොදා ගැනීම හා ඒ නිසා වන අතුරු විපාක මොනවාද?
මැලතියන් හාල්මැස්සන් සඳහා යොදා ගැනීමෙන් ගුල්ලන්, පණුවන් ඇති වීම වැළකෙන අතර ශරීරගත වුවොත් අතුරු විපාකවලට මුහුණ දීමට සිදුවේ. මෙම මැලතියන් කිසිදු කාර්යයක් සඳහා ලංකාව තුළ භාවිතයට ගැනීම තහනම් වන අතර බාහිර පරිසරයේ විනාශ නොවී බොහෝ කාලයක් පැවතීමට ඊට හේතු වේ. මෙම රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි ඇති කරවිය හැකිය. දීර්ඝකාලීනව මේ නිසා ඇතිවන ගැටළු ලෙස මේදය හා මුසුවී ශරීර අභ්‍යන්තරයේ තැන්පත් විය හැකිය. ඒ වගේම අක්මාව මඟින් ශරීරයේ විෂ ඉවත් කිරීමක් සිදු කෙරෙන අතර මැලතියන් ශරීරගත වුවොත් එමඟින් අක්මාවේ සෛල වලට බලපෑම් ද ඇති කරවිය හැකිය.
උණු වතුර යොදා සේදීමෙන් ඇතිවන වාසි මොනවාද?
මෙමඟින් ඇතිවන වාසිය වන්නේ හාල්මැස්සන් තුළ අඩංගු මේදයේ සහ ප්‍රෝටීන් වල බැඳෙන අහිතකර රසායනික ද්‍රව්‍ය තරමක් දුරට ඉවත් වීමයි. එ වගේම ඒවාට ලුණු යොදා සේදීම මඟින් එම ලවණ ද ඉවත් කර ගත හැකිය. ඒ වගේම තද උණු වතුර භාවිතා කරන විට විසබීජ, ඇත්නම් ඒවාද තරමක් දුරට ඉවත් වේ.
පරණ හාල්මැස්සන් වෙළදපොලේ තිබෙනවාද? ඒවා හඳුනා ගන්නේ කෙසේද?
වෙනත් රටවල් ගුල්ලන් පණුවන් නිසා ඉවත දමන හාල්මැස්සන් තොග ඇතැම් ආනයනකරුවන් රසායනික වාශ්පිකරණයට ලක්කර වෙලදපොලට එක් කරයි. එමඟින් දිරාපත් වූ ගුණාත්මක බවින් අඩු භාවිතයට නුසුදුසු හාල්මැස්සන් වෙළඳපොලට එකතු වේ. ඔවුන් දිරාපත් වුනු, පෙර සඳහන් කළ හොඳ හාල්මැස්සන්ගේ දැකිය හැකි ලක්ෂණ කිසිවකින් යුක්ත නොවේ.
ඇතැම් හාල්මැස්සන් තෙත ස්වභාවයකින් යුතුයි. ඒ ඇයි?
ඇතැම් හාල්මැස්සන් නිසිලෙස වේළී නොමැති නම් ඒවා තෙත ස්වභාවයකින් යුතු වේ. මේ නිසා හාල්මැස්සන්ගේ බරට වතුර බරත් එකතු වනවා පමණක් නොවේ නිසිලෙස නොවේලීම නිසා ඉක්මනින් නරක වීමේ හැකියාවකින් ද යුක්තයි. ඒ වගේම තෙත ස්වභාවය නිසා විසබීජ මෙන්ම විවිධ දිලිර වර්ග හාල්මැස්සන් මත වැඩීමෙන් විෂ ද්‍රව්‍ය ද ඊට එකතු විය හැකිය.