top of page
Search

සාමය සඳහා ව්‍යාපාර සම්මානය ඩිල්මා නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දුට නෝර්වේ ඔස්ලෝ නුවරදී

  • technic65
  • May 5, 2015
  • 1 min read

thefoundermindrestrl.jpg

ලෝක ප්‍රකට දේශීය තේ සන්නාමයක් වන ඩිල්මා නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා නෝර්වේ ඔස්ලෝ නුවර ව්‍යාපාර සාමය සඳහා වූ ව්‍යාපාර (බිස්නස් ෆෝ පීස්) සම්මානය හිමි වන ලෝක ව්‍යාපාර නායකයන් 05 දෙනා අතරට යෝජනා වී ඇති අතර මෙම සම්මාන ප්‍රදානය හෙට ඔස්ලෝ නුවරදී පැවැත්වීමට නියමිතය

සදාචාර සම්පන්න පසුබිමක් තුළ අර්ථිකයට සහ සමාජයට දක්වන ලද අපරිමිත දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරි නමනු ලබන අතර මේ අතරට ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු ඉදිරිපත් වීමද විශේෂත්වයකි

වෘත්තීය වැවිලිකරුවකු ලෙසින් තේ ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු පසුව තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ 1967 දීය. ඩිල්මා නමින් ආරම්භ වූ මෙම ව්‍යාපාරය මේ වනවිට රටවල් 1000ක පමණ මෙම තේ සන්නාමය අලෙවි කරන අතර ඔහු තම ව්‍යාපාරයෙන් ලබන ලාබයෙන් කොටසක් සමාජයේ අඩු පහසුකම් ලබන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් වැය කරන බවද මෙම සම්මානය හිමි වීමට හේතු පාදක සඳහන් කරමින් සාමය සඳහා ව්‍යාපාර පදනම සදහන් කරයි


 
 
 

Comments


Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page