top of page
Search

ලෝකය ජයගත් ටිම් හැරිස්

  • technic65
  • Sep 17, 2014
  • 1 min read

tim harris.jpeg

ජීවිතයේ සමහර සිදුවීම් කෙනෙකුගේ සිතුම් පැතුම් පවා වෙනස් මගකට යොමු කරන්නට හේතු වේවා. ටිම් හැරිස් මෙලොව එළිය දුටුවේ විශේෂ හැකියාවන් සහිත දරුවෙකු වශයෙන්. ටිම් ගේ පියා වන කීත්ට, ටිම් වැනි මානසික ආබාධ දරුවෙකු පිළිබඳව තිබුණේ වෙනත් ආකල්පයක්. නමුත් කාලයාගේ ඇවෑමෙන් කීත්ගේ සිතුම් පැතුම් සුභවාදී ආකාරයට වෙනස් වන්නට පටන් ගත්තා. පිරිමි දරුවන් හතර දෙනෙකුගේ පවුලේ දෙවැනියා වූ ටිම් වයසින් මුහුකුරායන්ම අබාධිතයකු වූ නිසා සමාජීය වශයෙන් ඔහුට මුහුණ දෙන්නට සිදුවන අභියෝග කීත් හඳුනා ගත්තා. මේ හේතුව නිසා අපි තීරණය කළා ටිම්ට ගැලපෙන ආකාරයට මෙම අභියෝගයන්ට මුහුණ දීමට හැකි වාතාවරණයක් සැකසීමට


ටිම් ගේ දෙමාපියන්ගේ විශ්වාසය, අධිෂ්ඨානය සහ කැපවීම නිසා අද ටිම්, සිය ජීවිතයට සාර්ථකව මුහුණ දෙනවා. ඔහු ලෝකය ජයගත් පුද්ගලයෙකු විදිහට ඉතිහාසයට එක්වෙනවා. "ටිම් ප්ලේස්" නැමති භෝජනාගාරයේ සාඩම්බර අයිති කරුවන්නේ ටිම් ගේ පියා වන හැරිස් මහතායි. මෙක්සිකන් ආහාර ප්‍රචලිත මෙම භෝජනාගාරයේ ඊට අමතරව විශේෂයෙන් සැකසුන මේද රහිත ආහාරය වන "ටිම්ගේ හාද්ද" විශේෂත්වයක් ගන්නවා. සුවඳයි ජීවිතයකට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර වේලක් මෙතුළ සැකසී තිබෙනවා. පැමිණෙන සෑම පාරිභෝගිකයෙකුටම හාද්දක් දීමට ටිම් අමතක කරන්නේ නැහැ. මෙයින් ඔහු මහත් සතුටක් ලැබෙනවා


දැනට ඔහු පාරිභෝගිකයන්ට හාදු 61,000ක් දී තිබෙනවා. ටිම් හැරිස් උසස් අධ්‍යාපන උපාධි ඩිප්ලොමාවක් හදාරා තිබෙන අතර අබාධිතයන්ගේ ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී තිබෙනවා. උසස් පාඨමාලාවේ දී ඔහු වසරේ විශිෂ්ඨතම ශිෂ්‍යයා ලෙසද සම්මාන ලබා තිබෙනවා. මොන තරම් බාධක අභියෝග එල්ල වුවත් නොසැලී සාර්ථකව මුහුණ දීමෙන් ජීවිතය මෙන්ම ලෝකයද ජයගත හැකිය




 
 
 

Comments


Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page