නොනවතින zසැක්
- technic65
- Sep 24, 2014
- 1 min read

ජීවිතයේ නොයෙකුත් අභියෝග, කම්කටොලු බාධක මතුවුනත් අධිෂ්ඨානශීලීව එයට මුහුණ දීමෙන් ජීවිතය ජයගත හැකිය. 17 හැවිරිදි වියේ පසුවන zසැක් හෝඩ්ස්කින්ස්, බාස්කට් බෝල් ක්‍රීඩාවේ ඇති දක්ෂයෙකි. ඔහුගේ පහර වලින් 60% ක් පමණ ඉතා අපූරුය ජෝර්ජියාවේ උසස් පාසලක සිසුවකු වන zසැක්, දැන් ජාතික ශූරයෙකි. අන්තර්ජාලයේ මොහුගේ දස්කම් නැරඹු ගණන මිලියන 3 1/2 ඉක්මවා ගොස් ඇත. එක් අතක් හිමි ඔහු පන්දු එල්ල කරන ආකාරය විස්මිතය. එක් අතක පහළ කොටස අහිමිව උපන් zසැක් පිළිබඳව දෙමාපියන් තුළ වූ සැකය දුරු කරන්නට zසැක් සමත් වී ඇත ඔහු ක්‍රියාශීලී අවධියට පත්වූ පසු, ඉතා දක්ෂ, කඩිසර හැසීරීම් රටාව නිසා ඔහුට ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකි බව zසැක්ගේ දෙමාපියන්ට අවබෝධ විය. ක්‍රීඩාවට ඇති ආදරය නිසා ඉතා කුඩා අවධියේ සිටම ක්‍රීඩාවේ සියළු ඉරියව් ප්‍රගුණ කරන්නට zසැක් සමත් විය. ඔහු බේස් බෝල් සහ රුවල් ඔරු පැදීමටද දස්කම් දක්වයි
බාස්කට් බෝල් ක්‍රීඩාවට ඔහු විශේෂ කැමැත්තක් දක්වන අතර සියළු දෙනාම මවිතයට පත්කරමින් ඔහු සිය ක්‍රීඩාකුසලතා ඔප්නංවා ගෙන ඇත
උසස් පාසල් බාස්කට් බෝල් පුහුණු වැඩසටහන් වලදී zසැක් ගේ උපක්‍රම අත්හදා බලමින් ඒවා අධ්‍යනය කිරීමට පෙළම්බී ඇත. ෆ්ලොරිඩා විශ්ව විද්‍යාල කණ්ඩායමේ ස්ථානයක් zසැක සදහා වෙන් කිරීමෙන් ඔහුගේ ක්‍රීඩා කුසලතාවය වැටහා ගත හැක
මේ විජයග්‍රහණයත් සමඟ zසැක් පවසන්නෙ තමන් බාස්කට් බෝල් ක්‍රීඩාවෙන් උපරිමයට යාමට අදහස් කරන බවයි. මොන තරම් ආබාධයන් සහිතව මෙලොව එලිය දුටුවත් හදවතේ ඇති ශක්තියෙන් ඒ සියළු අභියෝග ජයගත හැකි බව zසැක් ගේ චරිතය අධ්‍යනය කිරීමෙන් පසක් කර ගත හැක
コメント