top of page
Search

අභියෝග ජයගත් රිචර්ඩ් මැන්ගිනෝ

  • technic65
  • Sep 16, 2014
  • 1 min read

richard mangino.jpg

අභියෝග හමුවේ නොසැලී අධිෂ්ඨානයෙන් එයට මුහුණ දෙන්න. ජීවිතය ජයගන්න එය මහත් රුකුලක්. ආත්ම විශ්වාසය සහ නිරවුල් මනසින් යුතු සෑම මොහොතකම ජයග්‍රහණය ළඟා කර ගත හැකිය

දෑත, දෙපා අහිමි මැසචුසෙට්ස් ප්‍රාන්තයේ රිචර්ඩ් මන්ගිනෝට දෛනික ජීවිතයට මුහුණ දීම මහත්ම අභියෝගයක් විය. 2011 වසරේදී වයස් අවුරුදු 65ක්වූ ඔහුට බ්‍රිගැම් කාන්තා රෝහලේ ඉතා සාර්ථකව දෑත් බද්ධ කරන ලදී. ඉන් අවුරුදු 3කට පසුව මැන්ගිනේ, දැන් දක්ෂ පියානෝ වාදකයෙක් සහ චිත්‍ර ශිල්පියෙකු ලෙස සෑහෙන දුරක් ඉදිරියට ගොස් ඇත. ඔහු පවසන්නේ අනිත් මිනිසුන්ට වඩා ඔහුට යමක් කළ හැකි බවයි. සංගීතය තුළින් ඔහු ඉතා මානසික තෘප්තියක් ලබන බව ඔහු පවසනවා. දෑත් හිමි සාමාන්‍ය පුද්ගලයෙකුගේ මානසික මට්ටමම තමාටද තිබෙන බව මන්ගිනෝ පවසනවා තම රුධිරය ඇතිවූ ඌනතාවක් නිසා ඔහුගේ දෙපා ඉවත් කරන්නට සිදුවුනත් ඔහුගේ දෛනික වැඩකටයුතු කරගැනීමට ඇඳුම් ඇඳගැනීමට එය බාධාවක් කර නොගන්න බවය. ඊට අමතරව ආධාරකයන් මාර්ගයෙන් රිය පැදවීමට හැකි බව ඔහු පවසනවා

දෙඅත් බද්ධ කළ පසු මන්ගිනෝගේ ජීවිතය වෙනසකට භාජනය වුනා. දැන් ඔහු කළ හැකිදේ හඹා යනවා. පියානෝ වාදනයට අමතරව තනු නිර්මාණයද කරන ඔහු සිය මුණුපුරන් සමඟ පාපන්දු ක්‍රීඩාවේද නිරත වෙනවා. මන්ගිනෝගේ තවත් බලාපොරොත්තු බොහෝමයක් තිබෙනවා ගිටාරය වාදනය කිරීම ඉන් ප්‍රමුඛයි. මම නුදුරු අනාගතයේදී ඒ සඳහා උත්සාහයක් දරනවා. පියාගේ වාදනයෙන් මම උපරිම තෘප්තියක් ලබනවා. පියානෝ වාදනය සිහින ලොව අතරමං කරනවා

ජීවිතය ජයගන්න මිනිසුන් විවිධ උත්සාහයන්හි නිරත වෙනවා. මනාව සැලසුම් සහගතව අධිෂ්ඨානශීලීව කටයුතු කිරීම තුළින් එම අසීරු අභියෝගයන් ජය ගත හැකිය


 
 
 

Comments


Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page