top of page
Search

අභියෝග හමුවේ නොසැලුන ක්‍රිස්

  • technic65
  • Aug 28, 2014
  • 1 min read

යන්තම් වයස අවරුදු 8ක් වූවා පමණි ක්‍රිස් හෙගර්ඩ් ට බරපතල ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය. පාපන්දු තරගාවලියකදී බෝලය වැදීම නිසා ඔහුගේ ශරීරයේ අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන්ට හානි සිදුවිය. "ක්‍රිස් විනාඩි කිහිපයකින් පිට්ටනියේ වැටී සිට බඩ අල්ලාගෙන නැගිටින්නට උත්සාහ කළා" ප්‍රධාන පුහුණුකරු වන කෙවින් ක්‍රිස්ව පිටියෙන් ඉවතට ගෙන ගියා. ක්‍රිස්ගේ පියා වන රොන් පවසන්නේ ඉන්පසුව ඔහුට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවූ බවය. ක්‍රිස්ගේ මව වන කිම් පවසන්නේ පරීක්ෂාවෙන් පසු ඔහුගේ අක්මාවේ පිළිකාවක් ඇති බව වෛද්‍යවරුන් පැවසු බවය. ඉතා දුර්ලභ ගනයේ අක්ම පිළිකාවකින් පෙළෙන ක්‍රිස්, බෝලය වැදීම නිසා එම රෝගය උත්සන්න වී ඇති අතර ඔහුට අක්මාවක් බද්ද කිරීම සදහා පොරොත්තු ලේඛනයට ඇතුලත් කර ඇත. ප්‍රතිකාර ක්‍රම නිසා හිසකෙස් හැලීම, දහඩිය දැමීම වැනි ලක්‍ෂණද මතුවිය. වයස අවු 9 දී අක්මාවක් බද්ධ කෙරෙනු අතර ඔහුට බොහෝ කලක් පාපන්දු ක්‍රීඩා තරග වලට සහභාගී වීමට නොහැකි නිසා ක්‍රිස් කනස්සල්ලට පත්ව ඇත. අක්මාව බද්ද කර මාස 4කට පසුව වර්ෂ 2010 දී ප්‍රතිකාර අවසන් වූ පසු සැන්ඩියාගෝ හි ජල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රිස් ඇතුලත් කෙරින. දැන් වයස 11ක් වන ක්‍රිස් පිළිකා රෝගයෙන් සුවය ලබා ඇති අතර එම වයස් කාණ්ඩයේ ජල ක්‍රීඩා කණ්ඩායම් අතර ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. ජීවිතයේ විවිධ අවස්ථාවලදී යම් යම් බාධා ඇතිවෙනවා. එහෙත් ඒවා අභියෝග ලෙස හදුනාගෙන එම අභියෝග ජය ගනිමින් ඉදිරියට යා හැකිනම් ජීවිතය සාර්ථක කර ගැනීම හැකිවනු ඇත.


 
 
 

Comments


Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page