කලණ මිතුරන්; ඩයිලන් සහ ජෝනාහ්
- technic65
- Aug 25, 2014
- 2 min read

මිනිස් පැවැත්ම උදෙසා මිත්‍රත්වය අතාවශ්‍ය සාධකයක්. දුකේදීත් සැපේදීත් එක්වන්නන් කල්‍යාණ මිතුරන් වශයෙන් සැලකේ. ඩයිලන් සහ ජෝනාහ් ද කලණ මිත්‍රත්වයට හොඳ ආදර්ශයකි.
ජෝනාහ්ගේ මව වන ලෝරාට සෑම දිනකම අළුයම 3ට රාජකාරියක් පැවරී ඇත. ඒ තම පුතු වනජෝනාහ් ට වතුර සමඟ දියකර ඔහුගේ බඩෙහි සවිකර ඇතී බට තුළින් උදරයට යැවීමයි. එසේ නොකළොත් ජෝනාහ්ගේ ජීවිතය අනතුරු දායක වනු ඇත. ඒ ඉතා කලාතුරකින් හැදෙන, අක්මාවේ සීනි තැන්පත් වීමේ රෝගයෙන් (Glycogen Storage Disease) පෙලෙන නිසාය. මේ හේතුව නිසා ඔහුගේ අක්මාවේ තැන්පත් වන සීනි ප්‍රමාණය පිටකිරීමට නොහැකි වීමයි. මේ හේතුව නිසා ශරීරයේ ලේ වල සීනි ප්‍රමාණය ඉතා පහල මට්ටමක පවතින අතර මේ නිසාම ඔහු මරණයට පත් වීමේ අවදානමක්ද පැනනැගී.
"අප නිදාගන්නවා. ඒත් ඔරලෝසුවේ නාදය නිරන්තරයෙන්ම අපට ඇසේවා කියා ප්‍රාර්ථනා කරනවා. එසේ නොවුනොත් ජෝනාහ්ගේ ජීවිතය අනතුරේ." මෙසේ පවසන්නේ ජෝනාහ්ගේ මව වන ලෝරා මහත්මියයි. ජෝනාහ්ගේ රැකවරණයට ඔහුගේ දෙමව්පියන්ට අමතරව පෙරපාසල් කාලයේ සිට ඔහුගේ මිතුරා වූ ඩයිලන් ද එක්වනවා. ජෝනාහ්ගේ ජීවිතය රක ගැනීම සඳහා ආරම්භ කළ අරමුදල මේ වන විට ඩොලර් මිලියන භාගය ඉක්මවා තිබෙනවා. ඩයිලන් මෙම අරමුදල් රැස කිරීම ආරම්භ කළේ වයස අවු.6 දී. ඒ වනවිට ජෝනාහ් ගේ වෛද්‍යවරයා වූ දොස්තර ඩේවිඩ්ට ජෝනාහ්ගේ රෝගයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට තිබූ මුදල් සියල්ල අවසන් වී තිබුණි. අක්මා ආබාධයෙන් පෙලෙන තම මිතුරා වෙනුවෙන් කුඩා දරුවකු ඉදිරිපත් වීම ගැන වෛද්‍යවරයාද එතරම් සැලකිල්ලක් නොදැක්වීය.
නමුත් ඩයිලන්ට මෙම අරමුදල තර කිරීම සඳහා වෙනත් සැලසුම් ද තිබුණි. ඔහු "චොක්ලට් පෙත්ත" නම් පොතක් ලිවීම ආරම්භ කරන ලදී. ඩයිලන්ට චොක්ලට් අරහං බව සිය දෙමාපියන්ට කියා තිබුණි. "ඩිස්නිලන්තයා යනු චොක්ලට් පෙත්තයි" පොතේ ආරම්භය එසේ සඳහන් වන අතර අවසාන පිටුවේ මෙසේ සඳහන් වේ. "මම ජෝනාහ් ට අරමුදල් තර කිරීමේ කර්තව්‍යයේදී බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක වූවා. තවත් අවුරුදු 15කින් අපි දෙදෙනා උසස් අධ්‍යාපනය හැදෑරීමට එක්වන බවත්, ඒ වන විට ජෝනාහ්ගේ රෝගය සුව වනු ඇති බවටත් ඩයිලන් විශ්වාසය පල කරනවා. ඔහුට ලැබෙන චොක්ලට පෙත්ත එයයි. අවංක මිතුරන් හැමවිටම සම්පතකි. යහපත් මිතුරන් ඇසුරු කිරීමට ලැබීමද වාසනාවකි. ඔවුන් තමන්ගේ ජීවිතයට අමතරව අන්‍යයන්ගේ ජීවිත ආලෝකමත් කරනු ඇත.
Comments