top of page
Search

දිරිය දියණිය කයිලී සයිමොන්ඩ්ස්

  • technic65
  • Aug 19, 2014
  • 1 min read
Kylie2.jpg
Kylie1.jpg

ඉතා බරපතල අභියෝග හමුවේ සමහරු සාර්ථක සහ පුදුම සහගත ප්‍රතිචාර දක්වනවා. පිළිකාවකින් පෙළුණු දියණියක පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් නව නිපැයුමක් ඉදිරිපත් කිරීමට තරම් සමත්වීම හොඳම නිදසුනකි. ඇමරිකා කනෙටිකට් ප්‍රාන්තයේ වෙසෙන 11 හැවිරිදි කයිල් සයිමොන්ඩ්ස් ඇවිදීමට නොහැකිව ජීවිතයේ මහත් අපහසුතාවයන්ට පත්වූවා. ඇයට යන්තමින්හෝ ඇවිදීමට ආධාරක උපයෝගී කරගැනීමට සිදුවිය.

මේ නිසාම ඇය වැනි රෝගීන්ට ඇවිදීම පහසුවීම සඳහා පිටේ එල්ලගෙන යන ආධාරක උපකරණයක් නිපදවීමට ඇය තීරණය කළා. විවිධ වර්ණයන්ගේ මෙම ආධාරක බෑගය නිමවා තිබෙනවා.

"මට ඇවිදීම ඉතා අපහසු වුනා. කාගේ හරි උදව්වක් අත්‍යාවශ්‍ය වුනා. ප්‍රතිකාර ලබද්දී මම ඉතා දුර්වල වුනා. මේ නිසා නව නිර්මාණය අඩු බරකින් යුතුව නිම කළා." මෙය පිළිකා ආබාධිතයන්ට පොදුවේ භාවිතා කළ හැකි වුවත්, ඇය විශේෂයෙන්ම මෙම නිර්මාණයට යොමු වුනේ රෝහලේ හමුවූ මාරික් සහ බෘක් යන දෙදෙනා නිසයි.

මාරික්ට එක් පාදයක පිළිකාව වැළඳී තිබූ අතර, ඔහුට ඇවිදීමට අන් අයගේ පිහිට පැතීමට සිදුවුනා. බෘක්ට සමහර විට සහායක් නොමැති අවස්ථාවක රෝහලේ රැය ගත කිරීමට සිදුවුනා. මොවුන්ගේ අපහසුතාවන් අවම කිරීම මගේ උත්සාහය වුනා. කයිලීගේ මේ නව නිපැයුමට ප්‍රාන්ත රජයේ මෙන්ම වෛද්‍ය ක්‍ෂේත්‍රයේ දී ප්‍රසාදයට හා සම්මානයට පාත්‍ර වී තිබෙනවා. දැන් පිළිකාවෙන් සුවය ලබා සිටින කයිලී, වෙබ් පිටුවක් හරහා මුදල් රැස් කරමින් සිටින්නේ පිළිකාවෙන් පෙලෙන රෝගීන්ගේ පූර්ණ අවශ්‍යතා සපුරා ගත හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීම සඳහායි.

තමන් හමුවේ ඇති අභියෝග ජයගනිමින් ඒ තුළින් අන්‍යයන්ටද පිහිට විය හැකි නම් එය උතුම් සත්ක්‍රියාවකි. ජීවිතය දෙස ධෛර්යසම්පන්නව, සුබවාදීව බලන්න. ප්‍රතිඵලය ද සුබවාදී වීම ඒකාන්තය.


 
 
 

Commenti


Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page