දිරිය මවක් සහ පුතෙක්
- technic65
- Aug 13, 2014
- 1 min read
ජීවිතයේ ගෙවී යන හැම නිමේශයක්ම අභියෝගයක්. අභියෝගයන් මුහුණ දීම තුළින්ම පමණයි සාර්ථකත්වය කරා යා හැක්කේ. පරාජය වන හැම මොහොතක්ම ජයග්‍රහණය සඳහා ඉදිරියට යාමට අවස්ථාවක් සලසා දෙනවා. ඒ අවස්ථාව බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගත යුතුයි. මේ මව තම පුතුට ජීවිතයේ ඉතා වැදගත් පාඩමක් කියා දෙනවා. ඕනෑම ඉලක්කයක් වෙනුවෙන් සහාය දෙන වැඩ පිළිවෙලක් ඇත්නම් එම ඉලක්කයන් සපුරා ගැනීම එතරම් අපහසු නොවන බවයි. 35 හැවිරිදි ලින්ඩා බනොන්ට සහ 9 හැවිරිදි අගේ පුතු ටිමී ට උපතින්ම දෑත් අහිමියි. ජාන පද්ධතියේ ඇති වූ බලපෑම් නිසා ඔවුන් මේ රෝගයට ගොදුරු වුනා. දෑත් අහිමි බැනන්ලා යථාර්තය අවබෝධ කරගෙන මේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙනවා. ලින්ඩා තම පුතු "ටිමී"ට ඇඳුම් ඇඳ ගැනීමට, දත් මැදීමට, පිහිනීමට උදව් කරනවා. මේ අයුරින් දෛනික වැඩ කටයුතු වල යෙදීම ලින්ඩාට ජීවිතයේ එතරම් බලපෑමක් ඇති නොකළ බව ඇය පවසනවා. ඇයගේ මේ චින්තනය ඉතා ප්‍රවේසමෙන් තම පුතු තුළ ද ඇති කිරීමට ඇය සමත් වී තිබෙනවා. දරුණු හෘදයාබාධ තත්වයන් යටතේ උපන් ටිමී, මුල් මාස දෙක ගත කළේ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක් තුළයි. දැන් ඔහු පාසල් යන අතර ක්‍රීඩා කටයුතු වල ද, නියැලෙනවා. මමත් අනිත් ළමයි වගේමයි. 9 හැවිරිදි ටිමී පවසනවා. ජීවිතයේ ප්‍රශ්න ඇති වුවත්, ප්‍රශ්න නිසා ජීවිතය අවුල් කරනොගෙන එම අභියෝගයන්ට ධෛර්යසම්පන්නව මුහුණ දීම සාර්ථක දිවියක පදනමයි. සතුට ඇත්තේ එතැනයි.

Comments