top of page
Search

දිරිය දියණියක්

  • technic65
  • Aug 13, 2014
  • 2 min read

tichelle.jpg

ජීවිතයත් හරියටම සිහිනයක් වගෙයි. දහසක් සුන්දර බලාපොරොත්තු, ප්‍රාර්ථනා, නිමේෂයකින් දුක් කඳුළු බවට පත් වෙනවා. එත් දිරිය දූ පුතුන් ඒ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ජීවිතයට නව අරුතක් ලබා දෙනවා. අභියෝග හමුවේ නොසැළුණු යුවතියකගේ කඳුළු කථාවයි මේ. ට්‍රිචෙල් ෆොලරන්ස් තමාගේ ආබාධිත තත්වයන් උපයෝගී කරගත්තේ තම හැකියාවන් සහ ආත්මවිශ්වාසය මොන තරම් ප්‍රබලද කියලා ලෝකය හමුවේ කියාපාන්නට. වයස අවු. 24 දී ෆොලරන්ස්ට ජීවිතයේ අමිහිරිම අත්දැකීමට මුහුණ දීමට සිදුවුනා. ස්නායු පේශී ආබාධයට ගොදුරු වූ ඇයට වයස අවු.19 යේ සිට ඇවිදීමට පවානොහැකි වුනා. වෛද්‍යවරුන්ගේ මතය වූයේ, ඇයට කිසි දිනක ඇවිදීමට නොහැකි බවයි. පසුගිය දෙසැම්බරයේ දිනක වාහන රථ ගාලකදී ඇයට කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකාරියක වූ "කෙලී විලියම්ස්" අහම්බෙන් මුණ ගැසෙනවා. කාරුණික හදවතක් ඇති කෙලී විලියම්ස්, අසරණ වී සිටි ෆොලරන්ස්ට ව්‍යායාම පුහුණුව ලබා දීමට එකඟත්වය පල කරනවා. මාස 1 1/2 ක පමණ සාර්ථක ව්‍යායාම සැසියකින් පසු ෆොලරන්ස් ජීවිතයේ මුල්ම අභියෝගයට මුහුණ දෙනවා. සියළු බාධක බිඳ හෙලමින් ෆොලරන්ස් ඇට්ලන්ටාහි පිහිටි ධාවන තරගයකට ඉදිරිපත් වෙනවා. දැන් ඇය සැප්තැම්බරයේ පැවැත්වෙන කි.මි. 5 ධාවන ඉසව්ව සඳහා පුහුණුවීම් කටයුතූ වල යෙදෙනවා. මීට කලින් කිසිදිනක මෙවන් ධනාත්මක ආත්මවිශ්වාසයක් ඇති නොවූ බවත් රෝද පුටුවට ගොඩවූ ඇය කිසිදිනක දෙපයින් සිටගැනීමට හැකියැයි නොසිතූ බවත් පවසනවා. කෙලී විලියම්ස් ෆොලරන්ස් මුල් වරට හමුවූ අවස්ථාවේ ඇයට පිහිට වීමට තීරණය කළ අතර, ඇයගේ රෝගී තත්වයන් ගැන අවබෝධයක් නොතිබුණත් ඇය වෙනුවෙන් යමක් කළ හැකියැයි සිතූ බව පවසනවා. මුල් වටයේදී සම්මතයෙන් බැහැරව අවිධිමත් පුහුණුවීම් ලබා දුන් අතර විවිධ උපකරණ උපයෝගී කරගනිමින් ඇයගේ පාදවලට ශක්තිය ලබා දීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලදී. වෛද්‍යවරුන්ගේ මතවාදයන් පරාජය කිරීමට කෙලී ෆොලරන්ස් ද්විත්වයට හැකිවීම දෛවයට අභියෝග කිරීමක් වැනිය. දැන් ඇය සමූහ ධාවන තරගයක් සඳහා පුහුණුවීම් වල යෙදෙනවා. ඇය පවසන්නේ තම බලාපොරොත්තුව ඉටු කරගැනීම සඳහා කැපවන බවයි. උපන්දා සිට මිය යන තෙක්ම ජීවිතය යනු නොනවතින අභියෝගයක්. ජයග්‍රහණයේදී සතුටු වනවා සේම පරාජයේදී පසු නොබැස, අභියෝග ජය ගැනීමට ධෛර්යය, කැපවීම සහ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න. බාධක හමුවේ ජීවිතයෙන් සතුට පලායන්නට ඉඩ නොහරින්න. අධිෂ්ඨානශීලීව ජීවිතය ජයගන්න. ජීවිතය ජීවත්කරවන්න. නියම ජයග්‍රහණය ඇත්තේ එතැනයි.


 
 
 

Comments


Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page