top of page

කෝප නොගැන්වෙන කිසිවකු හෝ මිහිපිට සිටිය හැකිද? කෙසේවත් විය නොහැක. සමහර විට අපට පෙනෙන්නේ අන් කවරදාටත් වඩා කෝපයෙන් සිටින මිනිසුන් අද බහුල බවය. එලෙසම එය අපට අන් කවරදාටත් වඩා අද බොහෝ පීඩාකාරී ලෙසින් දැනෙන බවය. ඒ නිසා කෝපය පිළිබඳ යම් හඳුනා ගැනීමක් ලබා ගැනීම වැදගත් වනු ඇත. කෝපය මනස තුළ ඇතිවන ක්‍රියාවලියක් ලෙස සළකා එය කොටස් තුනකට බෙදා විශ්ලේෂණය කළ හැකියි. ඒවා නම්,

 

වියරුව (Rage) යනුවෙන් විග්‍රහ වන්නේ ඊට වඩා වෙනස් ආකාරයේ තත්ත්වයකි.

 

මෙහිදී ඉතාමත් අධික කෝපයක් අදාළ පුද්ගලයා තුළ හට ගනී. මෙහිදී කෝපයට වඩා කීප ගුණයකින් වැඩි අධික කේන්තියක් ක්ෂණිකව ඇති වී ඉන් පසුව පුද්ගලයා සිතා බැලීමකින් තොරව විනාශ කාරී ලෙස හැසිරෙයි. වියරුව සමනය වූ පසු ඒ පිළිබඳව පසුතැවිලි ද වේ. එහිදී තවදුරටත් තමා එසේ කළේ ඇයි ද යන්න අන්දමන්ද වූ වැනි සිතුවිල්ලක් ද ඔහු තුළ ඇති වේ.

 

උදා. සාමාන්‍යයෙන් කලබලකාරී නැති පුද්ගලයකු වාහනයක් පදවා ගෙන යාමේදී, පාරේ ගමන් කරන වෙනත් රියැදුරයකු සමඟ වියරු වී, සමහරවිට වාහනයෙන් බැස එම පුද්ගලයාට පහරදීමට පවා පෙළඹිය හැක. වියරු වැටුණු මව්වරුන් තම දරුවන් ඉහළ මාලයක බිමට හෙලා දැමූ අවස්ථාද වාරතා වී තිබේ. එසේ නැතිනම් දරුවා බිත්තියේ ගැසීම වැනි සිදුවීම් වාර්තා වෙයි.

 

බොහෝවිට මෙම ක්‍රියාවලියෙන් පසුව එම පුද්ගලයා පසු තැවේ.

 

කෝපය නැමැති මානසික ක්‍රියාවලියේදී මොළයේ යම් යම් කොටස් මෙම තත්ත්වයේදී සක්‍රීය වන බවට පර්යේෂණ මඟින් තහවුරු වී තිබේ. මොළයේ ලලාට කණ්ටිකාව (Frontal Cortex), හිපොකැම්පස්, ඇමිග්ඩලාව වැනි කොටස් කේන්තියමේදී සක්‍රීය වේ.

 

දරුවන් සම්බන්ධයෙන් ද මෙම තත්ත්වයන්වල බලපෑමක් ඇත.

 

ඉතාමත් කාර්යබහුල හා සංකීර්ණ ජීවන රටාවකට තල්ලු වී සිටින අප මෙන්ම පාසල් දරුවන්, හා නව යොවුන් වියේ දරුවන් ද මෙම තත්ත්වයකට ගොදුරු වී සිටින බව හඳුනාගත හැක.

 

විභාග හා විභාග ප්‍රතිඵල මත පදනම් වූ අද පවතින අධ්‍යාපන රටාව තුළ දරුවා දැඩි ආතතියකට පත් වේ. එහිදී පෙරට වඩා පාසල් දරුවන් අතර ද අධික කේන්තියාම සමාජයීය ගැටලුවක් තරමටම වර්ධනය වී තිබේ. තවද පෙර පාසල් දරුවන් අතර ද මෙවන් තත්ත්වයන් හඳුනාගත හැක. පෙර පාසල් වයසේ දරුවන් අතර බහුලව දැකිය හැකි එවන් තත්ත්වයක් නම් Temper Tantrums නැමැති තත්ත්වයයි.

 

මෙහිදී මෙය දරුවා පෙන්වන එක් හැසිරීම් තත්ත්වයකි. මෙහිදී පහත ලක්ෂණ පෙන්වයි. එනම් අධික කෝපයට පත් වී පසුව හඬමින්, යටිගිරියෙන් කෑ ගැසීමට පටන් ගනී. සමහර විට තමන්වම විකා ගැනීම, හිස බිත්තියේ ගසා ගැනීම, බිම පෙරලීම වැනි හැසිරීම් ද පෙන්වයි. මෙහිදී දරුවා දිගින් දිගටම මෙම හැසිරීමේ නිරත වන අතර සමහරවිට හුස්ම ගැනීමට අපහසු වීම් හා හුස්ම නොගෙන දරුවා මිනිත්තු කීපයක් සිටිය හැකිය. තම අරමුණු ඉටු නොවුණ විට බොහෝවිට මෙසේ සිදු වේ. මෙහි බියකරු බව නිසා බොහෝ මව්පියවරු ඊට අවනත වී දරුවා කැමති දේ ඉටු කරයි. ඉන් පසු එය විශම චක්‍රයක් බවට පත් වී නැවත නැවතත් එය කිරීමට පෙළඹේ.

 

යම් දරුවකු මෙම හැසිරීම දිගටම පෙන්වයි නම් ඊට වහා පිළියම් යෙදිය යුතු වේ. එහිදී දරුවකු මෙවැනි හැසිරීමක් පෙන්වන්නේ කුමන කරුණක් නිසාද යන්න සොයා බැලිය යුතුය. මෙවන් අවස්ථාවකදී ඊට පිළියමක් ලෙස එම හැසිරීම්වලට දැඩි අවධානයක් යොමු කිරීමෙන් වැළකී සිටීම සුදුසු වේ.

 

ළමයින් තුළ ඇතිවන කේන්තියාමේ තත්ත්වයන් පිළිබඳ තවත් පැතිකඩ කීපයක් ලබන සතියේ විමසා බලමු.

 

කේන්තිය Anger

 

කේන්ති යාම එසේත් නැතිනම් කෝපය යනු සාමාන්‍ය වූත්, ස්වාභාවික ක්‍රියාවලියකි. තවද කේන්තියාම මිනිසාට පමණක් නොව සතුනට ද පොදුය. නමුත්, මිනිසාගේ මෙම සංකීර්ණ මනෝභාව ක්‍රියාවලිය මනෝ විද්‍යාත්මකව විග්‍රහ කළ හැකිය. මෙය සාමාන්‍ය භාවමය තත්ත්වයක් ලෙසින් සැලකිය හැක. නමුත් කේන්තිය විවිධාකාර කෝණ තුළින් හඳුනාගෙන විශ්ලේෂණය කිරිමේ හැකියාව පවතී.

 

කේන්ති ගිය විට සිරුරේ ඇතිවන වෙනස්කම Physiological Component 

 

මෙම තත්ත්වයේදී සම රත් පැහැ ගැන්වීම, හෘද ස්පන්දනය වැඩි වීම, වේගයෙන් හුස්ම ගැනීම, මස්පිඬු තදවීම, වෙව්ලීම වැනි ලක්ෂණ ඇතිවිය හැකිය.

 

සිතුවිලිවල ඇතිවන වෙනස්කම හෙවත් Cognitive Component

 

මෙහිදී සිතුවිලිවල ඇතිවන විවිධ වෙනස්කම් විග්‍රහ කෙරේ.

 

උදා: යම් පුද්ගලයෙකුට තරහ ගිය විට “මෙයා මීට කලිනුත් මට මෙහෙම කළා.”

 

“මෙයා මගෙ දියුණුවට ඊර්ෂ්‍යා කරන කෙනෙක්”

 

“මෙයා මාව ලැජ්ජාවට පත් කළා” වැනි සිතුවිලි විවිධ අවස්ථාවලදී පුද්ගලයකු තුළ ඇතිවීමේ තත්ත්වය මෙහිදී හදුනාගත හැක. තවද මෙවැනි තත්ත්වයකදී එවැනි පුද්ගලයකු තුළ පළිගැනිමේ චේතනාවද ඇතිවිය හැක.

 

චර්යාත්මක වෙනස්කම Behavioral Componont

 

මෙම තත්ත්වයේදී කෝප වූ පුද්ගලයකු විවිධාකාර අයුරින් හැසිරෙනු දැකිය හැකිය. කේන්ති ගියවිට පුද්ගලයකු කතා කරගත නොහැකිව බලා සිටීම, බඩු පොළොවේ ගසමින් වියරු ලෙස හැසිරීම, පෙරළා පහරදීම, යටි ගිරියෙන් කෑ ගැසීම වැනි චර්යාවන් එවන් තත්ත්වයක සිටින පුද්ගලයකු තුළින් දැකිය හැකි වේ. මෙවන් අවස්ථාවකදී කේන්තිය (Rage) හා වියරුව (anger) ලෙස තත්ත්ව දෙකක් හඳුනාගෙන ඇති අතර එය පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීම ද වැදගත් වේ.

 

කේන්ති ගියාම යකෙක් වගේ...

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page