
බුලීමියා නර්වෝසා යනු තම ශරීර හැඩය හා ආහාර රටාව ගැන අධිකව සිත වෙහෙස වන රෝගී තත්වයකි. මෙමගින් සාමාන්‍ය ආහාර රටාව බිඳ වැටීමකට ලක් වෙයි. ආහාර ගැනීමේ අක්‍රමිකතා අතරින් බහුලව දැකිය හැකි තත්ත්වය මෙය වේ. මෙය බහුලව දැකිය හැක්කේ ස්ත්‍රීන් අතරය. මෙම ප්රවනතාවය පුරුෂ පක්ෂය මෙන් දහගුණයක් වැඩිය.වයස අවුරුදු 16 සිට 40 දක්වා ස්ත්‍රීන් අතර මෙය බහුලව දැකිය හැක. සමීප ඥාතීන්ට මෙය වැළඳීමේ ප්රවනතාවය සාමාන්‍ය ජනයා මෙන් සිව් ගුණයකින් වැඩි බැවින් මේ සඳහා ජානමය බලපෑමක්ද ඇති බව සිතිය හැක.
බුලීමියා නර්වෝසා රෝගයෙන් පෙලෙන්නන්ගේ ලක්ෂණ
මෙහිදී දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ අසීමිත ලෙස ආහාර ගැනීම (Binge eating) සහ විරේකය(Purging) වේ. බොහෝ විට මෙය සිදුකරනුයේ රහසින්ය.
අධිකව ආහාර ගැනීම (Binge eating)
ඉතා විශාල ආහාර ප්‍රමාණ, කුසගින්නක් නොමැතිව, වරින්වර ආහාරයට ගැනීමයි. බොහෝ විට මේවා අයිස්ක්‍රීම්, බිස්කට් වැනි කැලරි අධික ආහාර වේ. මෙම අවස්ථාවේදී රෝගියාට ආහාර ගැනීම පිළිබඳ පාලනයක් නැති අයුරක් හැඟී යයි . කායික අපහසුතාවයක් දැනෙන තෙක් ඉතා වේගයෙන් මෙම ආහාර ගැනීම සිදු කරයි.
විරේකය (Purging)
අධික ලෙස ආහාර ගැනීම නිසා ඇතිවන තරබාරුවීමේ අවධානම අඩු කිරීම පිණිස මෙය සිදු කරයි. බහුලම ක්‍රමය වනුයේ ඉහත අයුරින් ආහාර ගත් පසු වමනය කිරීමයි. මීට අමතරව අධිකව ව්‍යායාම් කිරීම, නොයෙකුත් ඖෂධ වර්ග ගැනීම (බඩ විරේක වන ඖෂධ, මුත්‍රා වැඩි කරන ඖෂධ ආදී ) වැනි ක්‍රමද භාවිතා කරනු ලැබේ.
බුලීමියා නර්වෝසා හේතුවෙන් ඇතිවන කායික / මානසික ගැටළු
බුලීමියා තත්වයේදී දැකිය හැකි අසාමාන්‍ය ආහාර පුරුදු හා විරේක ක්‍රමවේදයන් නිසා නොයෙක් කායික ආබාධ ඇතිවිය හැක.
1) ඔසප් චක්‍රයේ අක්‍රමිකතා: ආහාරයේ අක්‍රමිකතා හේතුවෙන් සිරුරේ හෝමෝන ක්රියාකාරීත්වයේ වෙනස්කම් ඇතිවීම මෙයට හේතුවයි. සමහර කාන්තාතවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වන අතර සමහරුන්ගේ චක්‍රය සම්පූර්ණයෙන් ම නැවතී යයි.
2) සිරුරේ රසායනික සමතුලිතතාවය බිඳී යාම:නිතර නිතර සිදුවන වමනය යෑම, ඖෂධ ගැනීම නිසා රුධිරයේ ඇති රසායනික සංයෝගවල අසංතුලිතතාවයක් ඇතිවිය හැක.
උදා: රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය අඩුවීම නිසා නිතර මහන්සිය, කායික දුර්වලතාවය, වකුගඩු හානි, වලිප්පුව, හෘද රිද්මයේ වෙනස්කම් ඇතිවේ.
3) ආහාර මාර්ගයේ ප්රශ්නබඩ විරේක කරවන ඖෂධ බහුලව ගත් විට ආහාර මාර්ගයට හානි සිදුවේ. මෙමගින් අවසානයේදී කල්පවතින උදරයේ වේදනාව හෝ මලබද්ධය ඇතිවිය හැක.
4) ශරීරයේ ඉදිමීමශරීරයේ දියර සමතුලිතතාවය හේතුවෙන් අත් පා මුහුණ ආදිය ඉදිමීම සිදුවිය හැක.
5) දත්වල ප්රශ්නනිතර සිදුවන වමනය හේතුවෙන් ආමාශයේ ඇසිඩ් නිතර දත්වල එනමලය හා ගැටීම හේතුවෙන් දත් දිරාපත් විය හැක.
6) විෂාදයබොහෝ පුද්ගලයන් කලහකාරී හෝ අඳුරු මානසික තත්වයකින් පෙලෙන අතර එය විෂාදය තෙක් උත්සන්න විය හැක.
7) මානසික ගැටළුඅධික ලෙස ආහාර ගැනීම බඩ විරේක වීමෙන් පසුව වරදකාරී හැඟීම් ඇතිවීම, ආත්ම විශ්වාසය බිඳ වැටීම වැනි මානසික ගැටළු ඇතිවිය හැක.
බුලීමියා නර්වෝසා සඳහා ඇති ප්‍රතිකාර
මේ සඳහා ප්‍රතිකාර කිරීමේ අරමුණු:
v රෝග ලක්ෂණ සුව කිරීම.
v සෞඛ්‍ය සම්පන්න ආහාර විධි පුරුදු කිරීම.
v මෙමගින් ඇතිවන අතුරු ආබාධ අඩු කිරීම.
v මානසික වශයෙන් හා කායික වශයෙන් ශක්තිමත් වීමට රෝගීන්ට උදව් කිරීම.පහත සඳහන් ප්‍රතිකාර වර්ග භාවිතා කළ හැක.
1) හොඳ ආහාර පුරුදු ඇති කිරීම.දිනකට 3 වරක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් ලබා ගන්න. අධික ප්‍රමාණයන් ගැනීමෙන් වලකින්න. රහසින් ආහාර ගැනීමෙන් වලකින්න. ආහාර ගැනීම පිළිබඳ දින පොතක් පවත්වා ගන්න. එහි සත්‍ය තොරතුරු සටහන් කරන්න. මීට අමතරව බර බැලීම ශරීරයේ හැඩය පරීක්ෂා කිරීම සිදු කරන වාර ගණන ක්‍රමයෙන් අඩු කරන්න.
2) මානසික ප්රතිකර්මමෙහිදී යොදා ගනුයේ ‘ප්රජානන චර්යා ප්‍රතිකාරය’ (Cognitive Behavioural Therapy) නම් ප්‍රතිකර්ම ක්‍රමයයි. මෙහිදී තම ආහාර පුරුදු විග්රහ කරන අතර ඊට හේතු, මිත්‍යා විශ්වාස ආදියද රෝගියා විසින් හඳුනාගනී. ඉන්පසු එම හේතු හා විශ්වාස නිවැරදි කරන ක්‍රම රෝගියා විසින් හඳුනා ගනී. ඉන්පසු එම හේතු හා විශ්වාස නිවැරදි කරන ක්‍රම රෝගියා සමග සාකච්ඡා කර අත්හදා බලනු ලැබේ.මේ සඳහා වැඩි කාලයක් වැය වන අතර නිරන්තර හමුවීම අවශ්‍ය වේ. මෙමගින් සෑම දෙනාටම හොඳ ප්‍රතිඵල නොලැබේ. රෝගීන්ගෙන් 1/3 පමණ ප්‍රතිකාර අවසන් වීමට පෙර එය අත්හරී.
3) ඖෂධ ප්රතිකාරමෙය වෛද්‍ය උපදෙස් අනුව ලබාගත යුතුයි. බහුලව භාවිතා වනුයේ ෆ්ලුවොක්සෙටින් (Fluoxetine) වැනි විෂාදය උදෙසා ලබාදෙන ඖෂධ වර්ගයයි.
4) ඇතිවන කායික ගැටළු වලට නිසි ප්‍රතිකාර ලබා දිය යුතුයි.
බුලීමියා නර්වෝසා යනු කුමක්ද? (Bulimia Nervosa)