
මින් පෙලෙන්නන් බියට සාංකාවට පත් වනුයේ නිවසෙන් පිට, පිරිසක් රැස්වී සිටින හා අන් අයගේ අවධානයට ලක් නොවී ඉවත්ව යෑමට අසීරු ස්ථාන වලදීය. අනෙත් Phobia ක්නට ලැබෙන රෝග ලක්ෂණ මෙහිදී දක්නට ඇති අතර එම අවස්ථාව අපේක්ෂා කරන විට මෙම බිය ඇතිවේ. (Anticipatory anxiety) එම අවස්ථාවට මුහුන දීමට පැය කිහිපයකට පෙර සිටම ඇතිවේ. මේනිසා මෙවැනි අවස්තා මග හැරීමට ඔවුන් සෑම විටම තැත් කරයි අවසානයේ බොහෝවිට මොවුන් නිවසටම සීමා වේ.
මෙම බිය ඇතිවන අවස්ථා :
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන විට
බොහෝ පිරිසක් රැස්වී සිටින සාප්පු
පාළු පාරවල්
සිනමා හල්
පෝලිම් වල සිටින විට
මෙම බිය ඇතිවන ස්ථාන වල පොදු වන ලක්ෂණ
§ නිවසෙන් පිටත වීම
§ පිරිස රුස්ව සිටින ස්ථාන වීම
§ එම ස්ථානයේ රැදි සිටීමට සිදු වීම
§ විවෘත ස්ථානයක් වීම
මෙම බිය මග හැරීමට ඔවුන් යොදා ගන්නා උපක්‍රම:
පිටතට යන විට සමීප සහකරුවෙකු සමග යෑම
දරුවෙකු බල්ලෙකු හෝ සහනය ලබාදෙන ඔනෑම වස්තුවක් රැගෙන යෑම
ප්‍රථම වතාවට මෙම පුද්ගලයින් සාප්පුවකට සිටින විට හෝ බස් රථයක් ලබා ගැනිමට බස් නැවතුම් පලක සිටින විට එක්වරම මෙයට ගොදුරුවේ. මෙම තත්වයක්‍රමයෙන් බරපතල වන විට රෝගීන් බිය ඇතිකරවන කාර්ය්‍යන් ඉටු කරගැනීමට තම සමීප ඥාතීන් මත යැපීම සිදුවේ. මෙය ස්ත්‍රින්ට වැලදීමට ඇති අවධානම පුරුෂයන්‍ට ඇති අවධානම මෙන් දෙගුනයක් වැඩිය. ප්‍රථම වරට මෙය ඇතිවනුයේ අවුරුදු විසි ගනන්වල හෝ තිස් ගනන් වල පුද්ගලයින්ටයි.එක්වරම එම පුද්ගලයාට පැහැදිලි කල නොහැකි බියක් ව්‍යාකූල බවක් ඇතිවේ. මෙය ක්‍රමයෙන් පහව යන නමුත් ඉන් පසු එවැනි අවස්ථා වලට මුහුන දීමේදී නැවත නැවත මෙම ලක්ෂණ ඇතිවේ. එවිට වහාම එම ස්ථානයෙන් පිටව යාමට රෝගියාට පියවරක් ගනී. ක්‍රමයෙන් ඔහු මෙම ස්ථාන මග හරී.
Agoraphobia සදහා ප්‍රතිකාර
Agoraphobia දී දක්නට ලැබෙන ලක්ෂණ විෂාදයේදී දක්නට ලැබෙන බැවින් ප්‍රතිකාර කිරීමට පෙර විෂාදය තත්වයක් නැති බව තහවුරු කර ගත යුතුයි රෝග නිර්නයෙන් පසු එහි රෝග ලක්ෂණ ව්ශ්ලේෂනය කර රෝගය උත්සන්නව ඇති රෝගීන් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර යුතුයි බිය ඇතිකරවන අවස්ථාවට සිතින් අවතීරිණ වීම (Exposure)මෙම රෝගයේ ප්‍රධානතම හා වැදගත්ම කරුණ වනුයේ අදාල අවස්ථා මග හැරීමයි මෙය සුවකිරීම සදහා මෙම (Exposure) නම් මානසික ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනු ලැබේ මෙහිදී මුලින්ම සිදු කරනුයේ රෝගියා මග හරින අවස්ථා බිය වැඩිවන ආකාරයට ලයිස්තු ගත කිරීමයි (Preparins a hierarchy)
ඉන්පසු රෝගියාට බිය සංකාව පාලනය කරන ආකාරය (Anxiety management)පුහුනු කල යුතුයි ඉන්පසු රොගියා ලයිස්තුවේ ඇති බිය කාංසාව අඩුවෙන්ම ඇතිවන අවස්ථාවට සිතින් අවතීර්න වි ඇති වන බිය කාංසාව පාලනය කරමින් එය පහව යනතුරුම එම අවස්ථාවේ සිතින් සැරිසරයි මෙම තත්වය සම්පුර්නයෙන්ම පහව යනතුරු එම අවස්ථාවේ රැදී සිටිම අනිවාර්ය වේ ඊට පෙර ඉවත් වුවහොත් එය එම අවස්ථාවට ඇති බිය සංකාව වැඩි වීමට හේතුවේ . බිය සංකාව පාලනය කිරිම (Anxiety management)මේ සදහා නොයෙක් සිත සැහැල්ලු කරන ක්‍රම භාව්තා වේ එමගින් අවශ්‍ය පරිදි ප්‍රතිඵල නොලැබේ නම් වැනි ඇති කරවන ඹෟෂධයක් ඉහත සදහන් ප්‍රතිකාර ආරම්භයට පෙර ලබාදේ.මෙම ප්‍රතිකාර ක්‍රම පවත්වාගෙන යන අතර රෝගියාට මුහුන දීමට සිදුවන හේතුවෙන් ප්‍රතිකාර මගින් බලාපොරොත්තු වු ප්‍රතිඵල නොලැබී යා හැක මෙම තත්වය ඉට්ප්‍රම්න් (Imipramine) වැනි ඹෟෂධ මගින් පාලනය කල හැක මෙම ක්‍රමය මගින් රෝගියාගේ සුව නොවේනම් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.
තනිව සිටීමේදී බිය වීම - Agoraphobia