
ඔබත් මුත්‍රා පිටවීම බලෙන් නතර කර ගන්න කෙනෙක්ද?
රාජකාරියට අවධානය යොමු වූ පසු බොහෝදෙනෙක් තම ශාරීරික අවශ්‍යතා පවා අමතක කරදමති. මුත්‍රා පිට කිරීමට අවශ්‍යතාවක් තදින්ම ඇති විට එසේ නොකර සිටීම පුරුද්දට වාගේ කරන අයද ඕනෑ තරම්ය. නිවෙසින් පිටත අවශ්‍යතා ඉටුකර ගැනීමට තරම් සුදුසු තැනක් නැති විටද විශේෂයෙන්ම කාන්තා පක්ෂය එවැනි අත්දැකීම් අකැමැත්තෙන් හෝ ලබයි. මෙය කොතරම් සෞඛ්‍යයට හිතකරද?
නිරෝගී පුද්ගලයකුගේ වකුගඩුවලින් විනාඩියකට මුත්‍රා ලීටරයක් පෙරෙයි. පැයකට මුත්රාශයට මුත්‍රා දරාගෙන සිටිය හැකි උපරිම ප්‍රමාණය මිලි ලීටර් 360කි. මුත්‍රාශය පිරීම සඳහා සාමාන්‍යයෙන් ගතවන කාලය පැය හයකි.
මුත්‍රා පිරුණු පසු අවශ්‍යතාව ඇතිවත් එය පිට නොකර දිගින් දිගටම දරා සිටීමෙන් මුත්‍රාශය වැඩි කාලයක් මුත්‍රා දරා සිටීමට පුරුදු වෙයි. මිලි ලීටර් 360 කට වැඩි මුත්‍රා ප්‍රමාණයක් දරා සිටීමට හුරුවීම නිසා මුත්‍රාශයේ මුත්‍රා පිරුණු පසුවත් මුත්‍රා බරක් දැනෙන්නේ නැත. දිගුකාලීනව මෙසේ සිදුවන විට මුත්‍රාශයේ බිත්තිවල වෙනස්කම් සිදු වෙයි.
එවිට මුත්‍රාශයේ කාර්යය නිසි ලෙසින් සිදුවන්නේ නැත. මුත්‍රා බිත්තිවල ඇදීමක් සිදු වූ විට එහි සංකෝචන ක්‍රියාවලිය නිසිලෙස සිදුවන්නේ ද නැත. එවිට මුත්‍රා පහ කරද්දී මුත්‍රා සියල්ල පිට නොවෙයි. මුත්‍රා ස්වල්පයක් ඉතිරි වෙයි. එවිට නිතර නිතර මුත්‍රා ආසාදන හට ගනී. මීට අමතරව කැස්සක් ආ විට, හඬ නඟා සිනාසෙන විට හෝ එවැනි ක්‍රියාවලියකදී, එනම් විශාල පීඩනයක් මුත්රාශයට එල්ල වීමේදී ඉබේ මුත්‍රා පිටවීම ද සිදුවෙයි. මෙවිට මුත්‍රා වේගවත්ව පිට නොවී සෙමින් සෙමින් මුත්‍රා පිටවෙයි. මුත්‍රා ස්වල්පය බැගින් නිතර මුත්‍රාශයේ රැඳී පැවතීම මුත්‍රාශයේ ගල් හට ගැනීමට හේතුවකි. හදිසියේ මුත්‍රා අඩස්සියක් (හිරවීමක්) පවා හට ගැනීමට මේ නරක පුරුද්ද බලපායි. වඩාත් දරුණු හානිය වන්නේ වකුගඩුවලටයි. නිතර නිතර මුත්‍රා පිරි පවතින විට වකුගඩුවල මුත්‍රා පෙරීමට අපහසු වෙයි. මෙවිට වකුගඩු අකර්මන්‍ය වීමේ අවදානමක් ද පවතී.
මුත්‍රා කිරීමට අවශ්‍යතාවක් ඇතිවන්නේ නම් සැබෑවටම එය සිරුරින් පිටවිය යුතුයි. මුත්‍රා බලෙන් නතර කරගෙන සිටීමෙන් මුත්‍රා බර නොදැනී ගියත් එය කිසිසේත්ම සිරුරට හිතකර තත්ත්වයක් නොවෙයි. මුත්‍රා පිටකරන වාර ගණන පුද්ගලයා ජලය, දියර පානය කරන ප්‍රමාණය අනුව වෙනස් වෙයි. වැඩියෙන් ජලය පානය කරන අයට වැඩිපුර මුත්‍රා පිටවෙයි.
මුත්‍රාශයේ රෝගී තත්ත්වයන් නිසාද මුත්‍රා නිතර පිට කිරීමට සිදුවන අතර එය රෝගී තත්ත්වයකි. මුත්‍රා පිටකිරීම හිතුමතයට පාලනය කිරීම වකුගඩු අකර්මන්‍ය විය හැකි හේතුවක් බව මුත්‍රා බරක් දැනී එය දරා සිටින සෑම අවස්ථාවකම මතක තබාගන්න.
ආර්තවහරනයෙන් පසු ඊස්ට්‍රජන් කාන්තා හෝර්මෝනය ඉක්මනින් අඩුවන නිසා ශ්‍රෝණි මාංස පේශි දුර්වලවී පාලනයකින් තොරව මුත්‍රා පිටවේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීම කීගල් ව්‍යායාම ආදියෙන් වළක්වා ගත හැකියි.
මුත්‍රා පිට කිරීමේ ස්වභාවය අනුවද සෞඛ්‍ය තත්ත්වය තීරණය කළ හැකි අවස්ථා ද තිබේ.
පිරිමියෙකුට කෙළින් ශිෂ්ණය තබාගෙන මුත්‍රා කළ නොහැකි නම් ඒ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නිසා හෝ දියවැඩියාව නිසා විය හැකි බව අලුත්ම පර්යේෂණ මඟින් හෙළි වී ඇත.
ගැබිනිවියේ පී්රඑක්ලැමිසියා වකුගඩු රෝගී වීමේ අවදානම ඉහළ නංවෙයි. ඒ නිසා එවැන්නියන් ද කලට වේලාවට මුත්‍රා පිටකළ යුතු සේම හොඳින් ජලය පානය කළ යුතුයි.
නින්දට පෙර ජලය පානය කිරීම වැදගත් වන නමුත් නින්දට පෙර මුත්‍රා පිට කිරීම ද වැදගත් වෙයි. සමහරු නින්දට පෙර ජලය වීදුරුවක් පානය කරන ලෙස පවසන්නේ විජලනය ඇති නොවීමටයි.
එහෙත් රෑ මැදදී අවදි වීමට ද ජලය පානය කිරීම හේතුවිය හැකිය. එසේ නොමැති නම් නින්දෙන් අවදි වීමට ඇති නොකැමැත්ත නිසා මුත්‍රා තද කිරීමෙන් ඉහත අහිතකර ප්‍රතිඵල බුක්ති විඳීමට සිදු වේ.