top of page

සතුටින් ජීවත්වන ඔබට වැඩි ආයු කාලයක්....

 

 

දියවැඩියාව පිළිබඳ ලෝක ප්‍රවණතාව හා ලංකාවේ තත්ත්වය කුමක්ද?

ජීවිතය තුළ ඔබ ගත කළ සෑම තත්පරක් පාසාම ඔබට හමු වූ වටිනාම දේ කුමක්ද? සල්ලි, රත්ත්‍රන්, මුතු, මැණික්, තනතුරු, දරුවන්, වාහන, ජයග්‍රහණ මේ කුමන පිළිතුරක ඔබ මොහොතකට හෝ නතර වේවි. නමුත් එ සියලු පිළිතුරු එකතුවක් ලෙස සලකා බැලූ විට අවසානයේ ලොව අන් කිසිවකට සම කළ හෝ මිල කළ නොහැකි වස්තුවක් ඔබට හමු වේවි. කුමක්ද එ වටිනා වස්තුව දැන් ඔබ සිටින්නේ ගැටලුවක. නමුත් ඊට පිළිතුරු දැනගත් විට ඔබට ඇතිවන හැගීම ඉහත ගැටලුවට ගැලපෙන එකම පිළිතුරක් වේවි. එ පිළිතුර වන්නේ සතුටයි.  

 

සතුට සහ සෞඛ්‍ය අතර සම්බන්ධතාව.

 

සතුටින් සිටින පුත්ගලයන්ගේ ආයු කාලය දීර්ඝ වේ. ජීවිතයේ වැඩි කාලයක් නිරෝගීකම ද ඔවුන්ට උරුමය. ඒ වගේම ප්‍රතිශක්තිය, එසේත් නැත්නම් ලෙඩ රෝගවලට මුහුණ දීමේ හැකියාව ද වඩාත් ඉහලය. යම් පුත්ගලයෙක් යහපත් සෞඛ්‍යයකින් සිටිනවා යනු ශාරීරික, මානසික හා අධ්‍යාත්මික යහපවත්වීමයි. ඒ අනුව විමසා බලන විට සතුට යනු මනෝ සමාජීය යහපැවත්මක් ලෙසින් ද පෙන්වා දිය හැකියි.

 

පුද්ගලයෙකුගේ සතුටට ජාන වලත් සම්බන්ධයක් 

 

සතුට යනු ජානගතව පුද්ගලයාට ඇතිවන හැඟීමකි. ඒ අනුව සතුට සඳහා බලපාන ජානයක් ද තිබෙන බව විශේෂයෙන් සදහන් කළ යුතුයි. එ නිසාම සතුටින් සිටින පවුල්වල ඉතිහාසය මෙන්ම වර්තමානය පිලිබඳව අධ්‍යනය කර බැලීමේදී මේ බව ඉතා හොදින් අධ්‍යයනය කළ හැකිය. ජීවිතයේ සතුට පිළිබදව කථාබහ කිරීමේදී මොළය මගින් නිකුත් කරන එක්තරා වැදගත් රසායනික ද්‍රව්‍යයක් පිළිබඳ අවධානය යොමු වේ. 

 

එය serotonin නම් වේ. මෙම රසායන ද්‍රව්‍ය මොළයේ නිපදවීම අඩු වීමෙන් විෂාදය එසේත් නැත්නම් ඩිප්‍රෙෂන් තත්වයන්ට පුත්ගලයා මුහුණ දෙන බවද වෛද්‍ය විද්‍යත්මක පිළිගනීමයි. විෂාදය තත්වයෙන් දීර්ඝකාලීනව පුත්ගලයෙකු පීඩා විඳින විට ඒ තැනැත්තාගේ මොළය මගින් නිකුත් කරන  serotonin ප්‍රමාණය අඩු වෙනු ලැබේ. ඒ හේතුව නිසාම විෂාදය සදහා ලබාදෙන ප්‍රතිකාරයක් ලෙසද මොළයේ serotonin ප්‍රමාණය වැඩි කරන ඖෂද ද ලබා දෙනු ලැබේ. ඒ මගින් එවැනි මානසික රෝගී තත්ව වලින් පෙළුණු අයට මෙම ප්‍රතිකාර ක්‍රම මගින් මොළයේ අතිවන serotonin ප්‍රමාණය ඉහළ යාම නිසා සතුටින් සිටීමට අවස්ථාවක් නැවතත් ලබා ගැනීමේ වැඩි හැකියාවක් ලැබේ.

 

සතුට සඳහා ජානවලින් ඇතිවන බලපෑම ඇත්තේ 50%කි. ඉතිරිය භාර වන්නේ පාරිසරික සාධකවලටයි.

 

ඉහත පැහැදිලි කළ ආකාරයට සතුට සඳහා ප්‍රවේණිගතව එනම්, පරම්පරාගතව ඇති වන බලපෑම 50% වනවා වගේම පාරිසරික සාධක ද 50% ක බලපෑම ද ඊට සමාන වේ. එනම් සතුට සදහා 50% ක් ජානගතව ද ඉතිරි 50% පාරිසරික සාධක මත ද තීරණය වනු ලැබේ. මෙහිදී විශේෂයෙන් පාරිසරික සාධක ලෙස අදහස් වන්නේ තම ජීවත් වන පරිසරයයි. එ වගේම ඒ ඔස්සේ ලබන අත්දැකීම් ද ඊට එක් වන තවත් කරුණක්.    

 

ප්‍රවේණිගතව සිරොටෝනීන්වල බලපෑමක් ඇති අයගේ සතුට ජීවත්වන පාරිසරික සාධක නිසා විනාශ වේද?

 

යම් අයෙකුටච ප්‍රවේණිගතව මොළයේ නිපදවන සතුට සදහා හේතුවන  serotonin ප්‍රමාණවත් වුවද පාරිසරික සාධකවලින් ඇතිවන යම් යම් බාධක පීඩන හමුවේ යම් අඩු වීමක් ඇති කළ හැකිය. ඒ මගින් ඔවුන් අසන්තෝෂයට පත්විය හැකි වනවා මෙන්ම එය අතිශය සාමාන්‍ය තත්වයකි. එසේ වුවත් එවැනි ගැටලුකාරී තත්ත්ව වලින් කාලයත් සමග ඔවුන් නිදහස් වීමේදී පෙර පැවතී ආකාරයේ සතුටුදායක සිතුවිලි නැවත හිමිකර ගත හැකි වනු ඇත.

 

ඒ සදහා ප්‍රධාන වශයෙන් හේතු වනුයේ ජානගතව ඔවුන් හිමි කරගත් හැකියාවයි. එවැනි හැකියාවන් නොමැති අයට වඩා ඔවුන් තමාට මුහුණ දීමට සිදුවන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙනු ලබන අතර කෙටිකලකින් ඔවුනට තම පෙර ගත කළ සතුටුදායක මානසික මට්ටම කරා ළඟාවිය හැකියි. මීට අමතරව ඇතැම් පිරිසකගේ මෙම serotonin නමැති රසායනිකය මොළයේ නිපදවීම උපතේ සිටම යම් අඩුවීමක් දැකගත හැකි වේ.

 

මනසේ සතුට ඇති කර ගැනීමේ හැකියාව අඩු අය හඳුනා ගැනීම මඟින් ඔවුන්ට යම් උපකරණයක් ලබා දිය හැකිද?

 

නිරන්තරයෙන් දුකින් සිටින පුත්ගලයන් කල්තබා හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒ මගින් ඔවුන්ට දුකට කරදරයට මුහුණ ඇදෙන අවස්ථා ප්‍රමණය අඩුකර ගන්නට හැකි නම් ඔවුන් ජීවිත කාලය තුළ දුකින් ගත කරන කාලය ද අඩු කර ගැනීමේ හැකියාවක් තිබේ. ඔවුන්ට ජානමය වශයෙන් සතුට ඇති කර ගැනීමේ ශක්තියක් නොමැති නිසා දෙවැනි පාර්ශවයක සහයෝගය ද වැදගත් වනු ලැබේ.

 

අධ්‍යාත්මිකව ලබන දියුණුව හරහා කෙනෙකුට ජානමය වශයෙන් උරුම නොමැති සතුට ළඟාකර ගත හැකිද?

 

මනෝ චිකිත්සක ප්‍රතිකාර හරහා දුර්වල වූ ජාන ශක්තියක් ඇති අයට මොලය තුළ නිපදවෙන සතුට සදහා වූ රසායනිකය නිපදවීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමේ හැකියාවක් තිබේ. අධ්‍යාත්මිකව පුත්ගලයෙකු ලබන ශක්තියත් මීට සමානකමක් දක්වන අතර ජානමය වශයෙන් දුර්වල වූ සතුට ලබා ගැනීමේ හැකියාවක් තිබේ.

 

අංගොඩ ජාතික මානසික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page