
දියවැඩියාව නිසා අන්ධවන ඔබේ දෑස
දියවැඩියාව පිළිබඳ ලෝක ප්‍රවණතාව හා ලංකාවේ තත්ත්වය කුමක්ද?
ලෝකයේ මේ වනවිට බෝ නොවන රෝගවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉතා වැඩි වීමේ ප්‍රවනතාවක් පවතී. 63%ක් පමණ මේ වනවිට ලෝකයේ සිදුවන මරණ සඳහා හේතු වි ඇත්තේ බෝ නොවන රෝගයි. මේ අතුරින් 30%කට පමණ ප්‍රමාණයක් හෘදයාබාධ වලින් හා ඒ ආශි‍්‍රත සංකූලතා නිසා මිය යනු ලැබේ. මෙහිදී දියවැඩියාව නිසා සිදුවන මරණ ප්‍රමාණය 2%ක් ලෙස දක්වා තිබේ. නමුත් හෘදය වස්තුව ආශි‍්‍රතව ගැටලු ඇති කිරීමට මුල්වන රෝග අතර දියවැඩියාව ප්‍රධානතම රෝග හේතුවක් ලෙසින් ද නම් කරනු ලැබේ.
ජාත්‍යන්තර දියවැඩියා තොරතුරු පදනම මඟින් දක්වා ඇති පරිදි දැනට ලෝකයේ දියවැඩියා රෝගීන් මිලියන 382ක් ඇති බව වාර්තා වේ. නමුත් මෙම අගය ද ඉදිරියේදී තවත් අවුරුදු 20කින් මිලියන 592ක් දක්වා වර්ධනය වනු ඇතැයි ගණනය කර තිබේ.
ඒ වගේම ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳ කථාබහ කරන විට දකුණු ආසියානු කලාපයේ මිලියන 72ක් දැනට දියවැඩියා රෝගීන් ඇති බව ගණනය කර ඇත. මරණ පිළිබඳ විමසා බැලීමේදී දකුණු ආසියාතික කලාපය දෙවැනි තැනක් හිමිකර ගනු ලබන්නේ අපි‍්‍රකානු කලාපීය රටවලටයි. ඒ අනුව අපි‍්‍රකානු කලාපයේ මරණ 76%ක් ඇතිවන විට දකුණු ආසියානු කලාපයේ මරණ 55%ක් වාර්තා වේ.
දියවැඩියාව යනු කුමක්ද?
මෙය ඉංශ්‍රීසි භාෂාවෙන් ඩයිබෙටීස් මෙලයිටස් ලෙසින් හැඳින්වේ. මෙහිදී ඩයිබෙටීස් යනු නිතර මුත්‍රාපහ වීමේ රෝග ලක්ෂණයයි. මෙලයිටස් යනු සීනි හෙවත් පැණි රසයි. මෙහි ප්‍රධාන ලක්ෂණ වන්නේ නිතර මුත්‍රාපහ වීමයි.
මේ රෝගය ඇතිවන ආකාරය පිළිබඳ කථාබහ කරනවා නම් අප ගන්නා ආහාර ජීර්ණයට ලක් වී ග්ලූකෝස් බවට පත් වේ. අවසානයේ එම ග්ලූකෝස් රුධිරය මඟින් සෛල කරා ගමන් කරනු ලැබේ. මෙලෙස ගමන් කළ ග්ලූකෝස් එම සෛල මඟින් උරාගත යුතු අතර ඒ සඳහා අගන්‍යාශය මඟින් නිකුත් කරන ඉන්සියුලීන් නැමැති හෝර්මෝනය උපකාරී වෙව්ව්. මෙම දියවැඩියා රෝගයේදී සිදුවන්නේ ඉන්සියුලින් නිපදවීමේ ගැටලුවක් ඇති වීමයි.
දියවැඩියාව ප්‍රධාන කොටස් 02කි. ඒවා පළමු වර්ගයේ හා දෙවන වර්ගයේ දියවැඩියාව ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය. මෙම පළමු වර්ගයේ දියවැඩියාවේදී සිදුවන්නේ ඉන්සියුලීන් නිපදවීමේ අඩුවකි. දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා හේතුªවන්නේ සිරුරේ සෛල ඉන්සියුලින් සඳහා යම් ප්‍රතිරෝධීතාවක් ඇති කිරීමයි. මේ කුමන ක්‍රමයට හෝ සිදුවන්නේ ශරීරය තුළ ඉන්සියුලීන් නිපද නොවන විට රුධිර ගත ග්ලූකෝස් සෛල තුළට ගමන් නොකිරීමයි. ඒ නිසා රුධිරයේ තිබෙන සීනි මට්ටම වැඩි වී ඒ නිසා විවිධ සංකූලතාවලට මුහුණ දීමට සිදු වේ. මෙහිදී රෝග ලක්ෂණ ඇති වීම සාමාන්‍යයෙන් සිදුවිය හැකි නමුත් රෝග ලක්ෂණ නොමැතිව වුවද දියවැඩියා රෝගීන් අපට දැකගත හැකි වේ.
අධික පිපාසය, නිතර මුත්‍රා පිටවීම, ශරීරය කෘෂ වීම, පෙනීමේ දුර්වලතා, ඇඟිලිවල හිරි ගතියක් ඇති වීම ආදී විවිධාකාර රෝග ලක්ෂණ අදාළ රෝගියාගේ රෝග තත්ත්වය මත ඇති කරවිය හැකියි.
දියවැඩියාව තිබෙන බවට රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
මේ සඳහා රුධිර පරීක්ෂණයක් තිබෙන අතර ඕනෑම අයෙකුගේ පසුගිය මාස තුනක් තුළදී තිබූ රුධිරගත සීනි මට්ටම පරික්ෂා කර බැලිය හැකියි. ඒ මට්ටම 6.5ට වඩා වැඩි නම් එය දියවැඩියාව ලෙස රෝග නිර්ණය කළ හැකියි. ඊට අමතරව පැය 08ක් නිරාහාරව සිට කරනු ලබන රුධිර පරීක්ෂාවකදී රුධිරයේ සීනි මට්ටම 126ට වඩා වැඩි නම් හෝ ආහාර ගෙන පැය 2කට පසුව සිදු කරන පරීක්ෂණයේ අගය 200ට වඩා වැඩි නම් හෝ අහඹු ලෙස සිදු කරන රුධිර පරික්ෂාවක අගය 200ට වඩා වැඩි නම් යම් අයෙක් දියවැඩියාවෙන් පෙළෙන බවට නිගමනය කළ හැකියි.
නමුත් මෙම අගයන් යටතේත් අදාළ තැනැත්තා රෝග ලක්ෂණ නොපෙන්වනවා නම් නැවත වරක් මෙම රුධිර පරීක්ෂණ මඟින් රුධිර ගත සීනි මට්ටම පරික්ෂා කර දියවැඩියාව ඇති නැති බව නිගමනය කළ හැකි වේ.
මීට අමතරව පූර්ව දියවැඩියා අවස්ථාවක් ද තිබෙන අතර ඔවුන් තමාගේ ආහාර හා ජීවන රටාව වෙනස් නොකර ගතහොත් පූර්ණකාලීන දියවැඩියා රෝගීන් බවට පෙන්විය හැකි වේ.
දියවැඩියාව මෙතරම් කතාබහට ලක් කළ යුතු වන්නේ ඒ නිසා ජීවිතයට ඇති කරන විශාල මෙන්ම බරපතළ මට්ටමේ ගැටලු නිසයි. එහිදී දියවැඩියාව නිසා ඇති වන කෝමා තත්ත්වයන් වැනි කෙටිකාලීන ගැටලු හා දිගුකාලීන ගැටලු වන වකුගඩු දුර්වල වීමට මෙය ප්‍රධානතම හේතුවකි. ඒ වගේම හෘදයාබාධ ඇති වීමේ අවධානම දෙගුණයේ සිට හතර ගුණය දක්වා වැඩි කරවිය හැකියි. ඊට අමතරව අන්ධ වීම සඳහා බොහෝදුරට හේතුවන්නේ දියවැඩියාවයි. පාද අහිමි වීම පිළිබඳ කථාබහ කිරීමේදී අනතුරු හැරුණු විට මුල් තැනක් හිමිකර ගන්නේ දියවැඩියාවයි.
දියවැඩියාවේ කුඩා ලේ නහර ආශි‍්‍රතව ඇතිවන සංකූලතා මෙන්ම විශාල ලේ නහර ආශි‍්‍රතව ද සංකූලතා ඇතිවිය හැකියි. ඒ වගේම කොලෙස්ටරෝල් හා අධි රුධිර පීඩනය යන තත්ත්ව දෙකම දියවැඩියා රෝගියෙකුට ඇති වූවොත් එය තරමක් සංකීර්ණ ගැටලු ඇති කරවිය හැකි වේ.
දියවැඩියාව නිසා ඇස්වල ඇතිවන අන්ධතාව වළක්වාලන්න පුළුවන්ද?
අන්ධතාවට මූලික හේතුව දුෂ්ටිවිතානය මත කුඩා ලේ නහරවල ඇතිවන ගැටලුකාරී තත්ත්වයන්ය. මෙම ඇසේ ක්‍රියාකාරීත්වයට බලපාන කුඩා ලේ නහරවලට දියවැඩියාව නිසා ඇතිවන බලපෑමෙන් ඇසේ පටකවලට හානි ඇති කරවිය හැකියි. මේ තත්ත්වය අන්ධභාවයට හේතු වේ. ඒ වගේම ඇස් පිහාටු ආශි‍්‍රත ග්‍රන්ථිවල ඇතිවන විසබීජ ආසාදන පටක ගතවීම නිසා ඇසට බලපෑම් ඇති කරවිය හැකි අතර දියවැඩියා රෝගීන්ට මේ තත්ත්වය තරමක් බරපතළ ලෙස බලපෑම් ඇති කරවිය හැකිය. ඒ වගේම දියවැඩියා රෝගීන්ගේ කළු ඉංගිරියාවට ඇතිවන සීරීම් වැනි දේ සුව වීම ද අනෙක් අයට වඩා ප්‍රමාදවිය හැකියි. ඒ වගේම අක්ෂි කාචයේ සෛලවලට දියවැඩියාවෙන් සිදුවන බලපෑමෙන් එම කාචය ඉදිමීමක් ද සිදුවිය හැකියි.
දියවැඩියා රෝගියෙකුට ඇසේ සුද ඇතිවීම එතරම් ගැටලුවක් නොවේ. නමුත් එහිදී දෘෂ්ටි විතානයේ ක්‍රියාකාරීත්වය හොඳින් පැවතීම ද ඉතා වැදගත්.
මේ ආකාරයට දිගින් දිගටම දියවැඩියාව නිසා ලේ නහර ආශි‍්‍රත ගැටලු ඇති වීමෙන් දෘෂ්ටි විතානය හෝ ඊට ඉදිරියෙන් තිබෙන කොටස් හානි වීමට ලක්විය හැකියි. දෘෂ්ටි විතානයට මෙසේ හානි වීමෙන් පෙනීමේදී ලප වැනි තත්ත්වයක් ඇතිවිය හැකි වේ. ඊට හේතුව දෘෂ්ටි විතානය මත රුධිර ගැලීමක් සිදුවිය හැකි නිසයි. මෙවැනි ඉතා ගැටලුකාරී තත්ත්ව නිසා ඇස අන්ධ වීමට හැකි වේ. ඒ නිසා දියවැඩියා රෝගියෙක් අවුරුද්දකට වරක් ඇස් පරීක්ෂාවක් කරගත යුතුයි.
දියවැඩියාව නිසා ඇතිවන රෙට්නො ඇති තත්ත්ව වැඩිවීමක් සිදුවන්නේ කෙසේදැයි විමසා බලමු. යම් අයෙකුගේ දියවැඩියාව පාලනයකින් තොරව දිගින් දිගටම පවතිනවා නම් වකුගඩු රෝගය, ගර්භණීත්වය, කොලෙස්ටරෝල් මට්ටම අධික වනවිට, දුම්පානය කරන විට මෙම රෙට්නොපති තත්ත්වය තව තවත් වර්ධනය වේ.
රෙට්නොපති තත්ත්වයක් තිබෙන බව හඳුනා ගත හැකි පූර්ව ලක්ෂණ හඳුනා ගැනීම තරමක් දුරට අපහසු නිසා වාර්ෂිකව දියවැඩියා රෝගීන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු වේ. යම් අයෙකුට මේ ආශි‍්‍රත යම් ගැටලුවක් තිබෙන බව හඳුනා ගතහොත් එම පරීක්ෂා කිරීම්වලට මාස 6කට, 9කට වතාවක් වත් යොමුවිය යුත වේ. ඊට අමතරව ඇතැම් අවස්ථාවල රෝග තත්ත්වය අනුව මාස 03කට වරක් වත් ප්‍රතිකාර කරා යොමුවිය යුතු වේ.