top of page

අපගේ රුධිරය සෑදී තිබෙන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා යන සෛලමය කොටස් සහ ප්ලාස්මාව යන දියරමය මඟිනි. රතු රුධිරාණු මඟින් අවශ්‍ය ඉන්ද්‍රියයන් කරා ඔක්සිජන් සැපයීමත් සුදු රුධිරාණු මඟින් ශරීරය විෂබීජවලින් ආරක්ෂා කරගැනීමත් සිදු කෙරෙන අතර රුධිර පට්ටිකා මඟින් අනවශ්‍ය ලේ ගැලීම්වලින් ශරීරය ආරක්ෂා කරනු ලැබේ.

 

ඉහත සෛල වර්ග සහ රුධිර පට්ටිකා නිපදවෙන්නේ අස්ථිවල මැද කොටසේ ඇති ඇටමිදුළුවලය. මේවා ක්‍රමයෙන් පරිණත සෛල බ්ලාස්ට් සෛල (Blast Cells) ලෙස හැඳින්වේ.

 

මෙම නොමේරූ සෛල ක්‍රම ක්‍රමයෙන් පරිණත සෛල බවට වර්ධනය වේ. සමහර අවස්ථාවලදී මෙම බ්ලාස්ට් සෛල සාමාන්‍ය පරිණත සෛල බවට වර්ධනය නොවී අසාමාන්‍ය සෛල බවට පත් වේ.

 

මෙලෙස ඇටමිදුළු තුළ නිපදවෙන නොමේරූ රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී රුධිරයට මුදා හැරීම නිසා ඇතිවන තත්ත්වය (Leukaemia) ලෙස හැඳින්වේ.

 

මෙම නොමේරූ සෛල විශාල ප්‍රමාණවලින් හට ගන්නා අතර එම සෛල වලට ස්වාභාවික සෛලවලින් සිදු කෙරෙන කාර්යයන් කිරීමට නොහැකිය. එසේම මෙලෙස හටගන්නා අසාමාන්‍ය සෛල ඇටමිදුළුවල එක්රැස් වීම නිසා සාමාන්‍ය සෛල නිපදවීමට ද බාධා ඇති වේ.

 

සමහර ලියුකීමියා වර්ග ඉතා ඉක්මනින් වර්ධනය වන අතර ඒවා Acute Leukaemia ලෙස ද සෙමෙන් වර්ධනය වන වර්ග Chronic Leukaemia ලෙස ද හඳුන්වනු ලැබේ. මීට අමතරව එම ලියුකීමියාව සෑදී ඇති සුදු රුධිරාණු වර්ගය අනුව Myeloid සහ Lymphoblastic ලෙස වර්ග කිරීමට පුළුවන. මේ ආකාරයට ලියුකීමියා වර්ග ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට බෙදා දැක්විය හැකිය. 

 

1. Acute Lymphoblastic Leukaemia (ALL)

2. Chromic Lymphoblastic Leukaemia (CLL)

3. Acute Myeloid Leukaemia(AML)

4. Chronic Myeloid Leukaemia (CML)

 

කුඩා දරුවන්ට වැළඳෙන පිළිකා අතරින් වැඩි ප්‍රමාණයක් Acute Leukaemia වර්ග වේ. ඒ අතරින් ද Acute Lymphoblasic Leukaemia(ALL) වර්ගය කුඩා ළමයි අතර බහුල වශයෙන් දක්නට ලැබෙන වර්ගය ලෙස සඳහන් කළ හැකිය.

 

ලියුකීමියා රෝගය සෑදීමට හේතු මොනවාද?

 

ලියුකීමියාව ඇති වීම සඳහා නිශ්චිත හේතු සඳහන් කිරීම අපහසුය. සමහර ජානගත රෝග ඇති පුද්ගලයන්ට ලියුකීමියාව සෑදීමට වැඩි සම්භාවිතාවක් ඇති බව සොයා ගෙන ඇත. උදාහරණ Down Syndrome (මොංගල් දරුවන්) අනවශ්‍ය ලෙස විකිරණවලට නිරාවරණය වීම තවත් එක් අවදානම් සාධකයක් ලෙස සඳහන් කළ හැකිය. පරමාණු අනතුරුවලට ලක් වී දිවි බේරා ගත් අය පසුව ලියුකීමියාවට වැඩිපුර ගොදුරු වූ බව සොයාගෙන ඇත.

 

Benzene වැනි සමහර රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම මෙන්ම පිළිකා සඳහා ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නා සමහර ඖෂධ නිසා ද පසුකාලීනව ඉතා කලාතුරකින් ලියුකීමියාව හටගත හැකිය.

 

සමහර වෛරස ආසාදනවල පසුකාලීන සංකූලතාවක් ලෙස ද කලාතුරකින් ලියුකීමියාව ඇති වීමට ඉඩ තිබේ.උදාහරණ Htlv (Human T Cell Lymphotropic Virus)

 

ලියුකීමියා රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?    

 

ඉක්මනින් වර්ධනය වන Acute Leukaemia වර්ග සහිත රෝගීන් අතර රෝග ලක්ෂණ බොහෝවිට කෙටි කලක් ඇතුළත දක්නට ලැබේ. දින ගණනාවක් පවතින උණ, කුද්දැටි ඉදිමීම, ඇඟේ ලේ පැල්ලම් ඇති වීම, විදුරුමස් හා නාසය සහ මුත්‍රා මාර්ගයෙන් ලේ පිටවීම, ඇඟ සුදුමැලි වීම ආදී රෝග ලක්ෂණ බොහෝවිට දක්නට ලැබේ. සමේ ආසාදන , බඩ ඉදිමීම, අසූචි තද කළු පැහැයෙන් පිටවීම, විදුරුමස් ඉදිමීම (Gum Hypertrophy) හා පිරිමින්ගේ වෘෂණ ඉදිමීම සමහර අවස්ථා වලදී දක්නට ලැබේ.

 

Acute Leukaemia රෝගීන් හඳුනාගනු ලබන අවස්ථාවේදී ඔවුන් බොහෝවිට දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව බාහිරින් පෙනෙන්නට තිබේ.

 

Chromic Leukaemia සහිත රෝගීහු බොහෝවිට රෝග ලක්ෂණ බාහිරින් නොපෙන්වති.

සමහර විටක වසර 02, 03 පමණ යනතුරුම රෝග ලක්ෂණ දක්නට නොලැබේ. එබැවින් මෙවැනි රෝගීන් බොහෝවිට හඳුනාගනු ලබන්නේ වෙනත් රෝගාබාධ සඳහා පරික්ෂා කරනු ලබන අවස්ථාවලදීය.

 

එහෙත් රෝගය යම් කාලයක් පැවතුණ විට අධික මහන්සිය(Fatigue), කුද්දැටි ඉදිමීම, බඩ ඉදිමීම, හන්දිපත් අමාරුව ආදී රෝග ලක්ෂණ පෙන්නුම්

ලියුකීමියාවේ රෝග ලක්ෂණ

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page