
රුධිරයෙන් තොර ජිවිතයක් මිහිපිට තිබිය නොහැකිය. දිවියට රුධිරය එතරම්ම උසස්ය. ඒ නිසා, අප ප්‍රාණජීවය බැඳ තබන, එහි පැවැත්ම සහතික කරන ප්‍රධාන නියමුවරයා පිළිබඳ අපට කෙසේවත් සුළුවෙන් තැකිය නොහැකිය.
නමුත්, අද දවසේ, රුධිරයේ පවතින විවිධ ගැටලු හෝ අඩුපාඩු නිසා පරිපූර්ණ ජීවිතයට හිමිකම් කියනු නොහැකිව බොහෝදෙනෙක් මන්දගාමී ලෙස වෙසෙන අයුරු පෙනෙයි. නමුත්, එහි පවතින ගැටලු හෝ අඩුපාඩු හඳුනාගැනීමෙන් මේ තත්ත්වයෙන් මිදිය හැකි වේ. ක්‍රියාකාරී ජීවිතය අඩපණ කර දමන රක්තහීනතාවය අද දවසේ හඳුනාගන ඇති ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවලින් එකකි. ඒ පිළිබඳ විමසා බලමු.
රක්තහීනතාවය යනු කුමක්ද?
රුධිරයේ පැවතිය යුතු රතු සෛල ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයකුගේ සිරුරේ ඇති රතු සෛල ප්‍රමාණයට සාපේක්ෂව පහළ අගයක් ගැනීම නීරක්තිය ලෙස හඳුන්වයි. මේ තත්ත්වය හඳුනා ගැනීමට සිදු කරන සුලබ ක්‍රමවේදය වන්නේ රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය ගණනය කිරීමයි. එසේම පුද්ගලයකුගේ රුධිරයේ අඩංගු හිමොග්ලොබින් සාන්ද්‍රණය එම පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය වැනි සාධක රැසක් මත වෙනස්විය හැකියි.
නීරෝගී කාත්තාවකගේ රුධිරගත හිමොග්ලොබින් සාන්ද්‍රණය 11.5g/dl - 13.5 g/dl වන අතර නිරෝගී පුරුෂයකුගේ රුධිරගත හිමොග්ලොබින් සාන්ද්‍රණය 12g/dl -14g/dl පමණ වේ. ඒ අනුව පුද්ගලයෙකුගේ රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය ඉහත දැක්වුණු අගයන්ට වඩා අඩු අගයක් ගැනීම රක්තහීනතාවය හෙවත් නීරක්තිය ලෙස හඳුන්වයි.
රක්තහීනතාවය ඇතිවීමට බලපාන හේතු රැසක් හඳුනාගත හැකි වේ
රුධිරයේ ප්‍රමාණවත් තරම් රතු සෛල නිෂ්පාදනය නොවීම
විවිධ පෝෂණ ඌනතාවයන්, එනම් රුධිරයේ රතු සෛල නිෂ්පාදනය සඳහා අවශ්‍ය සංඝටක ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙම තත්ත්වයට හේතු වේ. උදා. යකඩ ඌනතාවය, විටමින් ඕ12 ඌනතාවය, ෆෝලික් ඇසිඩ් ඌනතාව ආදියයි.
එමෙන්ම රතු සෛල නිපදවීමට බාධා කරන ඇට මිදුළු ආශි‍්‍රත රෝග තත්ත්වද ඇට මිදුළුවල ක්‍රියාකාරීත්වය අඩපණ කරන ඖෂධ සේම , ඇට මිදුළු ආශි‍්‍රත පිළිකා තත්ත්වද තවත් හේතුවකි.
එලෙසම රුධිරයේ රතු සෛල නිපදවීමට අවශ්‍ය වන හෝර්මෝන ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවන තත්ත්ව නිසාද මෙසේවිය හැකි වේ.
උදාහරණ ලෙස එරිත්‍රොපොයෙටීන් හෝර්මෝනයේ ඌනතාව දීර්ඝකාලීන වකුගඩු රෝග ඇතිවීමට හේතු වේ.
එසේම තයිරොයිඩ් හෝර්මෝන ඌනතාව හා ඇන්ඩ්‍රජන් හෝර්මෝන ඌනතාව ද රක්තහීනතාවට බලපෑ හැකි තවත් හේතු වේ. මීට අමතරව සිරුර අභ්‍යන්තරයේ අසාමාන්‍ය රුධිරගලනයන් ඇතිවිටද අර්ශස්, පණු රෝග මෙන්ම ආර්තවයේදී අධිකව රුධිරය පිටවීම ආදි තත්ත්ව ද රක්තහීනතාවය ඇතිවීමට බලපාන සුලබ සාධක ලෙස හඳුනාගත හැකියි.
මීටත් අමතරව දිගුකාලීනව පවතින රෝග තත්ත්ව ද එනම් විවිධ ආසාදන තත්ත්ව හෝ පිළිකා තත්ත්ව ද රක්තහීනතාවය ඇතිවීමට බලපායි. නීරක්තිය ඇතිවීමට හේතුවන සිරුරේ අභ්‍යන්තර රුධිර වහනයන් බාහිරින් හඳුනා ගැනීමට බොහෝවිට හැකි නොවේ. එවැනි අවස්ථාවකදී වෛද්‍යවරයා විසින් සිදු කරන වැඩිදුර පරික්ෂණ මාර්ගයෙන් ඒ බව තහවුරු කරගත හැකි වේ.
නීරක්තිය ඇති බවට ඉඟි කරන රෝග ලක්ෂණ කීපයක් මෙසේයි.
ඉක්මනින් විඩාවට පත්වීම
අධික නිදිමත ගතිය
සිරුරේ අප්‍රාණික ගතිය
හෘද ස්පන්දනය වේගවත් වීම
ස්වසන අපහසුතා
ශරිරය සුදුමැලි ගතියෙන් යුතු වීම ආදිය එවැනි රෝග ලක්ෂණ කිහිපයකි.
ඉහත රෝග ලක්ෂණවලට අමතරව සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම, ඇස් කහ පැහැති වීම, ප්ලීහාව ඉදිමීම ආදී කරුණු මෙන්ම සිරුරේ අසාමාන්‍ය අභ්‍යන්තර රුධිරගලනයක් ඇතැයි සැක කරන වෙනත් සාධක ගැනද සැලකිලිමත් විය යුතුය.
රක්තහීනතාවය හඳුනාගත යුත්තේ ඇයි?
රක්තහීනතාවය සිරුරේ වෙනත් රෝගයක් හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණයක් ද විය හැකියි. එබැවින් රක්තහීනතාවය නොලසලකා හැරීම හෝ ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ප්‍රමාද කිරීම රෝගය හඳුනා ගැනීම ප්‍රමාද වීමට හේතුවන බැවින් ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීම නුවණැති පියවරයි.
පෝෂණ ඌනතා හේතුවෙන් හටගන්නා රක්තහීනතාවය පිළිබඳ ලබන සතියේ දැනුවත් වෙමු.
සමුද්‍රිකා වර්ණකුල