
ඔබට නිරෝගී දිවියක් ගත කිරීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ලබා ගැනීමට අවශ්‍ය ආහාර, කාණ්ඩ හයකට බෙදා ඇත. එක් එක් ආහාර කාණ්ඩය මඟින් ඔබගේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂක ලබා දෙයි. දිනපතා විවිධ වර්ගයේ ආහාර නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් ඔබගේ ආහාරයෙහි අඩංගු කර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට හැකිය.
මෙම ආහාර කාණ්ඩය මඟින් ඔබව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි.
එළවළු
කොළ එළවළු කංකුන්, නිවිති, ගොටුකොළ, මුකුණුවැන්න, සාරන, කතුරුමුරුංගා හා මුරුංගා කොළ ඇතුළු වෙනත් පලා වර්ග ගෙඩි හා අල සහිත
එළවළු - පතෝල, වම්බටු, අලු කෙසෙල්, බණ්ඩක්කා, තක්කාලි, කැරට්, රතු අල, වැටකොළු, කරවිල යනාදිය.
මෙම ආහාර කාණ්ඩය මඟින් ඔබගේ දෛනික ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ලබාදෙයි
ධාන්‍ය සහ අල බතල
බත්, තිරිඟු, කුරක්කන්, බඩ ඉරිඟු, මෙනේරි, හාල් පිටි හා තිරිඟු පිටි ආශි‍්‍රත නිෂ්පාදන (පාන්, ඉඳිආප්ප, රොටි, පිට්ටු)
අල - බතල, මඤ්ඤොක්කා, ඉන්නල, කිරිඅල, අර්තාපල් පිෂ්ඨය අඩංගු ඵල - කොස්, දෙල්
මෙම ආහාර කාණ්ඩය මඟින් ඔබගේ ශරීරය වර්ධනයත් අළුත් වැඩියාවත් සිදු කරයි.
මාළු, මස්, බිත්තර, පියළි හා ඇට
මාළු වර්ග - මුහුදු මාළු, වැව් මාළු, හාල්මැස්සන්, කරවල, ඉස්සන්, කකුළුවන්
මස් වර්ග - කුකුල් මස්, හරක් මස්, ඌරු මස්, එළු මස් හා සත්ව අක්මා ආදී ඉන්ද්‍රියයන්
බිත්තර - කිකිළි, තාරා හා වටු බිත්තර, පියළි හා ඇට වර්ග - කඩල, මුං, කව්පි, සෝයා, උළුදු, කොල්ලු, පරිප්පු හා බෝංචි
මෙම ආහාර කාණ්ඩය මඟින් ඔබව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි.
පලතුරු
කෙසෙල්, අඹ, ගස්ලබු, අන්නාසි, දොඩම්, පේර, අලිගැටපේර සහ වෙනත් පලතුරු
මෙම ආහාර කාණ්ඩය මඟින් ඔබගේ දත් සහ අස්ථි වර්ධනයත්, අලුත්වැඩියාවත් සිදු කරයි
කිරි හා කිරි නිෂ්පාදන
කිරි, මුදවාපු කිරි, යෝගට්, චීස්
මෙම ආහාර කාණ්ඩය මඟින් ඔබගේ දෛනික ක්‍රියාවන් සඳහා අවශ්‍ය ශක්තිය සපයයි. ශරීරයේ වර්ධනය හා විවිධ පරිවෘත්තිය ක්‍රියා ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
තෙල් බහුල ඇට සහ බීජ
පොල්, කජු, රටකජු, කොට්ටන්, වට්ටක්කා ඇට පොල්කිරි, පොල් තෙල්, තල තෙල්, පාම් තෙල්, එළවළු තෙල් බටර්, මාගරින්, මේද තැවරුම් හා ගිතෙල්