top of page

ගෙවතු වගාව

Home Gardening

ගෘහ ආර්ථික ගෙවතු සංකල්ප

ගෙවතු වගාව නිසා අපට ප්‍රයෝජන රැසක් හිමිවේ.

පවුලේ සමාජිකයන්ට ප්‍රියජනක සමබල ආහාර වේල් ලබාගත හැක.

සීමිත සාධකයක් වන භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැක.

නිවසේ හා ගෙවත්තේ අපද්‍රව්‍ය නැවත නැවත භාවිතා කිරිම නිසා පරිසරය පවිත්‍ර වේ.

වස විසෙන් තොර රස ගුණයෙන් පිරි පිරිසිදු ආරක්ෂාකාරී අළුත් එළවළු සහ පළතුරු පරිභෝජනය කිරීමට හැකි වේ.

අවශ්‍ය සෑමවිටම ඵල නෙලාගත හැකි නිසා විටින් විට ‍වෙළඳ ‍පොළට යාමට ගතවන කාලය හා වියදම ඉතිරි කරගත හැකි වේ.

නිවස අවට සිසිලසක් හා සුවපහසු අලංකාර පරිසරයක් ඇති වේ.

ගතට ව්‍යායාමයක් සහ වි‍වේක කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැකි වේ.

අතමිට සරු කරගත හැකි ඉඟුරු වගාව

අපේ වෙළඳපොළේ සුලබව දැකිය හැකි ඉඟුරු වර්ග දෙකක් තියෙනවා. ඒ දේශීය ඉඟුරු සහ චීන ඉඟුරු වශයෙන්. දේශීය ඉඟුරු ප්‍රමාණයෙන් කුඩායි. නමුත් එහි සුවඳ හා රසය වැඩියි. චීන ඉඟුරු මාංශ බහුල වුවත් රසින් හා සුවඳින් අඩුයි.

දඹල වගාව

මුහුදු මට්ටමේ සිට මීටර් 2000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගාකළ හැකි බෝගයකි. පාරම්පරිකව වගා කරන ලද දඹල ප්‍රභේදවලින් අස්වනු ලබාගත හැකිවූයේ මහ කන්නයේදී පමණකි.

පතෝල වගාව

ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය එළවළු බෝගයක් වන පතෝල සම්භවය වී ඇත්තේ නිවර්ථය ආසියාවේය. මාතලේ, නුවර, රත්නපුර, හම්බන්තොට, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල විශාල වශයෙන් මෙම බෝගය වගාවේ.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page