top of page

පිළිකාවේ ගජ මිතුරා

රෝගයකින් වැළකී සිටීම ප්‍රතිකාරයකට වඩා සුදුසු බව අප නිතර අසා ඇති කරුණකි. අන් කවර රෝගයකටත් වඩා මෙම කියමන පිළිකාව සම්බන්ධයෙන් අදාළ වන්නේ පිළිකාව යන නම ඇසීමට පවා බොහෝදෙනා බිය වන බැවිනි. පිළිකාවෙන් වැළකී සිටීමට නම් ඒ සඳහා බලපාන අවදානම් සාධක හඳුනාගෙන, ඒවායින් හැකි පමණ වැළකී සිටීම මෙන්ම පිළිකා වැළැක්වීමට ආධාර වන උපදෙස් අනුගමනය කිරීම යන ආකාර දෙකම ගැන අවබෝධයක් ලබා තිබීම වැදගත්ය. ඒ සඳහා අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු පහත දක්වා ඇත.

 

දුම්කොළ භාවිතයෙන් වැළකීම

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ ප්‍රධාන ආකාර දෙකකට භවිතා කෙරේ. ඒ දුම්වැටි සහ බුලත් විටෙහි එක් සංඝටයක් ලෙසය. බොහෝවිට දුම්පානය සහ බුලත් විට සැපීම යන පුරුදුවලට මිනිසා හුරුවන්නේ විවිධ සමාජ සම්බන්ධතා නිසා වුවද දුම්කොළවල ඇති නිකොටින් නැමැති රසායනිකය නිසා ඒවාට යම්කිසි ප්‍රමාණයකට ඇබ්බැහි වීමක් සිදුවිය හැකිය. අද වනවිට ලෝකයේ දුම්කොළ භාවිතා කෙරෙන ප්‍රධාන ආකාරය ලෙස දුම්වැටි හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ පසුගිය වසර කීපය තුළ බුලත් විට භාවිතය බොහෝ සෙයින් අඩු වී ඇත. ඊට අනුරූපීව මුඛ පිලිකා රෝගීන්ගේ සංඛ්‍යාත්මක අඩු වීමක් ද දක්නට ලැබේ.

 

සංවර්ධිත රටවල හඳුනාගනු ලබන පෙනහලු පිළිකා රෝගීන්ගෙන් 80% - 90% ක් පමණ පිරිසකට ඒ සඳහා දුම්වැටි හේතු සාධක වන බව සොයාගෙන ඇත. දෙවන ලෝක යුද්ධයකට පෙර උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපයේ සිට පෙනහලු පිළිකා රෝගීන් ප්‍රමාණයට වඩා ඉතා විශාල ගණනක් යුද්ධයෙන් අවුරුදු 15 -20 කට පසුව දක්නට ලැබිණි. මේ සඳහා  හේතු වූයේ යුධ සමයේදී හමුදා භටයන් අතර දුම්පානය අධික ලෙස ව්‍යාප්ත වී තිබීම බව පසුව සොයාගනු ලැබිණි. පිළිකා හැරුණු කොට වෙනත් පෙනහලු රෝග හා හෘදය රෝග රාශියකටම හේතු සාධකයක් ලෙස දුම්වැටි හඳුනාගෙන ඇත.

 

දුම්කොළ භාවිතය පාලනය කිරීමේදී පළමුවෙන්ම අප අවබෝධ කරගත යුතු කරුණ නම් දුම්කොළවල ඇති ඇබ්බැහි වීමේ ස්වභාවයයි. විවිධ සෞඛ්‍ය වැඩසටහන් ආදිය මඟින් දුම්වැටි සහ බුලත්විට සැපීමෙහි ඇති ආදීනව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම් සිදු වුවද විවිධ හේතු සාධක නිසා මෙම දැනුම මහජනයාට ඒත්තු ගැන්වෙන ලෙස අවබෝධ කර දීම අපහසු වී ඇත.

 

විවිධ අණපනත් හා නීති සම්පාදනය මඟින් ද දුම්වැටි භාවිතය සීමා කළ හැකිය. රාජකාරී ස්ථාන, ආපනශාලා, ප්‍රවාහන සේවා ආදී ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරීම එක් පියවරකි. නීති විරෝධි ආකාරයට රට තුළට දුම්වැටි ආනයනය නතර කිරීම, දුම්වැටි ප්‍රවර්ධන දැන්වීම් පාලනය මෙන්ම විවිධ බදු මඟින් ඒවායේ මිල ගණන් ඉහළ දැමීම ද දුම්වැටි භාවිතය අවම කිරීමට හේතු වනු ඇත.

 

දුම්වැටි පාලනය කිරීමේදී පහත සඳහන් අරමුණු ලඟා කර ගැනීමට අප උනන්දු විය යුතුය.

 

 දුම්වැටි පාලනය කිරීමේදී පහත සඳහන් අරමුණු ලඟා කර ගැනීමට අප උනන්දු විය යුතුය.

 අලුතින් දුම්පානයට හුරු වන තරුණ පිරිස අඩු කිරීම

 දුම්පානය අත්හරින පිරිස වැඩි කිරීම

 පාසල් සිසුන් අතර දුම්පානයේ ඵල විපාක පිළිබඳව දැනුවත් කිරීම

 සමාජයේ සියලුදෙනාටම (දුම්පානය කරන හා නොකරන) දුම්පානයේ ආදීනව වටහා දීම.

 දුම්පානය කරන්නන් හට එය අත්හැරීම නිසා සැලසෙන සෞඛ්‍යමය සහ ආර්ථිකමය වාසි සහ එය සිදු කළ හැකි ආකාරය  වටහා දීම.

 යමෙකුට දුම්පානය නතර කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය උදව් හා උපදේශන සේවාවල සහාය ලබාදීම.

 දුම්වැටිවලින් තොර පිරිසිදු වටපිටාවක් නිර්මාණය කිරීම.

ඉහත අරමුණු සඳහා අප වඩ වඩාත් උනන්දු විය යුත්තේ ලොවපුරා පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකකටම එම පිළිකා සඳහා දුම්කොළවල යම් බලපෑමක් ඇති බව හඳුනාගෙන ඇති හෙයිනි.

 

දුම්කොළ භාවිතයෙන් වැළකීම

 

 මත්පැන් භාවිතයෙන් වැළකීම හෝ පාලනය කිරීම

 සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීම

 තරබාරුකමින් වැළකීම සහ ක්‍රියාශීලි දිවි පෙවෙතකට හුරු වීම

 රැකි රක්ෂාවලදී සහ දෛනික ජීවිතයේදී අවට පරිසරයේ ඇති

 පිළිකා කාරකවලට නිරාවරණය වීම අවම කිරීම

 දීර්ඝකාලීනව හිරුඑළියට නිරාවරණය වීමෙන් වැළකීම

 විවිධ ආසාදන නිසා ඇතිවන පිළිකා වළක්වා ගැනීම

 පිළිකාවලට අදාළ ලිංගික චර්යා සහ ප්‍රජනක කරුණු පිළිබඳ

 සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දීම

 ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

 නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page