
ජාතික ගීය
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති
අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ජාතික ගීය මෙතැනින් අහන්න
ශ්‍රී ලංකා මාතා යනු ශ්‍රී ලංකාවේ ජාතික ගීයයි. 1940 දී සිංහල භාෂාවෙන් එහි පද හා තනුව ලියැවුනේ ආනන්ද සමරකෝන් විසින් වන අතර, 1951, නොවැම්බර 22 දිනදී නිල වශයෙන් එය ජාතික ගීය වශයෙන් පිළිගැනුනේ ශ්‍රීමත්එඩ්වින් විජයරත්න මුලසුන හෙබවූ කමිටුවක නිර්දේශ මතය.මුල් කාලයෙහිදී ගීයේ මුල් පේළිය කියැවුනේ: "නමෝ නමෝ මාතා, අප ශ්‍රී ලංකා" ලෙසයි. 1950 ගණන් වලදී මෙම වචන පිළිබඳ කිසියම් මතභේදයක් පැවතුනු අතර, 1962 වසර මුලදී එය දැනට පවතින ආකාරයට වෙනස් කෙරිනි.