top of page

අනාගත පරපුර අධි රුධිර පීඩනයෙන් වළක්වා ගැනීම ඇරඹිය යුත්තේ මව්කුස තුළ සිටයි

විශේෂයෙන් තෙල් සහිත ආහාර පිසූ පසු ආහාර ශීතකරණයක තබා මතුපිට නැඟෙන තෙල් තට්ටුව ඉවත් කර යළි රත් කර ආහාරයට ගන්නනූතන වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම් අනුව බලන කළ හදවත් රෝග වැළඳීමේ ප්‍රවණතාවයට රුධිර පීඩනය විවිධ අයුරින් බලපෑම් ඇති කරනවා. අධි රුධිර පීඩනය නිසා අපගේ හදවතට අහිතකර බලපෑම් ඇති වීම වළක්වන්නට නම් බැහැ. තරුණ වියේදී කෙසේ වෙතත් ක්‍රමයෙන් වියපත් වීමේදී අධි රුධිර පීඩනය ඔබගේ හදවතට අනතුරු හඟවන සාධකයක් විය හැකියි.

 

කළලයක් ලෙස මව්කුස පිළිසිඳ ගත් මේ මිනිස් ජීවියා අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෙකු බවට පත්වීමට බලපාන ඇතැම් හේතු සාධක පිළිබඳව දැනුවත් වීම වැදගත් වන්නේ වර්තමානයේ බොහෝදෙනෙකුට මේ රෝගී තත්ත්වය උදා වී ඇති බැවිනි.මේ සඳහා අප දැනුවත් කරනුයේ හදවත් රෝග පිළිබඳ විශේෂඥ වෛදය රුවන් ඒකනායක මහතායි. දරුවා මව්කුස ගත කරන අවධියේ මෙන්ම දරුවා බිහිවීමෙන් පසු ඇතැම්විට දරුවාට මන්ද පෝෂණය ඇතිවිය හැකියි.

 

කුඩා කළ මන්ද පෝෂණයෙන් පෙළුණ ද තරුණ වියේදී මේ දරුවා අධි පෝෂණයෙන් පෙළීමට බොහෝවිට ඉඩකඩ ඇත්තේ වර්තමානයේ අප අනුභව කරන ආහාර රටාව තුළ තිබෙන අධික කැලරි ප්‍රමාණය නිසායි. එසේම ව්‍යායාම් නොමැති කමත් මෙයට හේතුවක් බව අනිවාර්්‍යයෙන්ම පැවසිය යුතුයි. මේ හේතුව නිසා දරුවාට අධි රුධිර පීඩනය ඇතිවීම වැළැක්විය නොහැකි අතර එය හෘදයාබාධවලට තුඩු දෙන්නක් ද වනවා.

 

එබැවින් ගැබිණි සමයේ මවගේ ආහාරවේල පිළිබඳව වඩාත් අවධානයක් යොමු කිරීමෙන් අනාගතයේදී දරුවාට ඇතිවන්නට යන්නාවූ පෝෂණ අඩුලුහුඩුකම් මඟහරවා ගත හැකියි.

 

දරුවා බිහි වීමෙන් පසු දරුවාගේ පෝෂණ අවශ්‍යතා නිසිලෙස සැපිරීම මවකගේ ප්‍රධානතම යුතුකමකි. දරුවා මන්දපෝෂණයෙන් ආරක්ෂා කිරීමට, උනන්දු වනවා සේම අධි පෝෂණයෙන් බේරා ගැනීමත් අත්‍යවශ්‍ය සාධකයකි.

 

විශේෂයෙන්ම අධි පෝෂණ තත්ත්වයක් ඇති වීමෙන් දරුවාගේ රුධිර පීඩනය ඉහළ යා හැකි බැවින් අනාගතයේදී අධි රුධිර පීඩනයෙන් දරුවා රැක ගැනීමට අධික කැලරි අඩංගු ආහාර දීමෙන් වැළකිය යුතුය.

 

ස්ථුලතාවය අධි රුධිර පීඩනයට අත වැනීමක් වන බැවින් ස්ථුලතාවයට පත්වීමට හේතු වන අධි පෝෂණයෙන් වැළකීමට පහත උපදෙස් පිළිපැදීමෙන් ඉතාමත් යහපත් ප්‍රතිඵල ලබා ගත හැක.

 

බිත්තර සුදුමද, මුහුදු මාළු, සම ඉවත් කළ කුකුළු මස් හැර අනිකුත් සත්ත්ව ආහාර අවම කරගන්න.හිද ගන්නා ලද සංතෘප්ත තෙල් ආහාරයට එක් කර ගැනීමෙන් වළකින්න. සංතෘප්ත මේද අම්ලයෙන් ආහාර පිසූ විට ඒවා ඉවත් කර ආහාරයට ගන්න. විශේෂයෙන් තෙල් සහිත ආහාර පිසූ පසු ආහාරය ශීතකරණයක තබා මතුපිට නැඟෙන තෙල් තට්ටුව ඉවත් කර යළි රත් කර ආහාරයට ගන්න. දෙවරක් රත් කිරීමෙන් ප්‍රෝටීන් විනාශ වීමේ සම්භාවිතාවක් ඇතිවිය හැකි නමුදු මේද කොටස ඉවත් වීම නිසා රුධිරයේ අනවශ්‍ය මේදය තැන්පත් වීම අවම වේ.මේදය තිබෙන පැටිස්, කට්ලට්, කේක්, ක්‍රීම් බිස්කට්, රෝල්ස්, වඩේ ආදිය පරිභෝජනයෙන් වළකින්න.

 

බඳින ලද ආහාරවල තෙල් කොටස යම් ප්‍රමාණයකට ඉවත් කිරීම සඳහා බැදුණු පසු කඩදාසියක ඔතා තබා පසුව ආහාරයට ගන්න. පත්තර කැබලිවල එතීම නුසුදුසුය.හේතුව පත්තර මුද්‍රණයේදී රසායනික ද්‍රව්‍ය අඩංගු තීන්ත ඒවායේ තිබෙන බැවිනි. බඳින ලද ආහාරවලට වඩා හුමාලයෙන් පිසූ ආහාර වඩාත් යෝග්‍යය.

 

අවුරුදු 20 වයසේ පසුවන ඇතැම් පාසල් දරුවන්ගේ රුධිර පීඩනය තරමක් ඉහළ මට්ටමේ තිබෙනු දක්නට ලැබේ. නව යොවුන් වියේ සිටින මේ දරුවන්ගේ රුධිර නාල (ධමනි) ඇදෙන සුළු බවින් ඉහළ අගයක් ගනී. මේ හේතුවෙන් ඔවුන්ගේ විස්ථාර පීඩන අගය ඉහළ තත්ත්වයක පවතී.

 

ක්‍රමයෙන් වැඩිහිටිවියට පත් වීමේදී මෙම ඉහළ රුධිර පීඩනය ප්‍රතිකාර නොමැතිව සුව වේ. නූතන වෛද්‍ය පර්යේෂණවලට අනුව භාවනාවේ යෙදීම රුධිර පීඩනය යම් ප්‍රමාණයකින් පහතට හෙළීමට සමත් බව අනාවරණය වී තිබේ. සිත සන්සුන් වීම තුළින් ආතතිය සමනය වීම රුධිර පීඩනය අවම වීමට හේතුව ලෙස සැලකිය හැකියි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page